Wednesday, June 7, 2023
spot_imgspot_img
spot_imgspot_img
Homeව්‍යාපාරිකSLT-MOBITEL 2020 වාර්ෂික වාර්තාවට තවත් සම්මානයක්

SLT-MOBITEL 2020 වාර්ෂික වාර්තාවට තවත් සම්මානයක්

ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහය ප්‍රකාශයට පත්කළ 2020 වාර්ෂික වාර්තාව, පසුගියදා පැවැත්වුණු විශිෂ්ටතම ලෙස ඉදිරිපත් කරන ලද වාර්ෂික වාර්තා සඳහා වූ සම්මාන, ඒකාබද්ධ වාර්තාකරණ සම්මාන සහ 2020 ආයතනික පාලන අනාවරණ උදෙසා වූ සාක් සංවත්සර සම්මාන උළෙලේදී ‘සන්නිවේදන හා තොරතුරු තාක්ෂණ අංශය’ කාණ්ඩයේ ප්‍රධාන සම්මානය දිනාගැනීමට සමත්විය. දකුණු ආසියානු ගණකාධිකාරී සම්මේලනය මෙම සම්මාන උළෙල සංවිධානය කර තිබුණි.

ජාත්‍යන්තර රාමුවට අනුකූලව, මූල්‍ය ප්‍රකාශනවලදී උසස් තත්ත්වයේ, අදාළ, විශ්වාසදායක හා නිරවද්‍ය තොරතුරු ඉදිරිපත් කිරීම සහ අනාවරණය කිරීම සම්බන්ධයෙන් SLT-MOBITEL පෙන්නුම් කළ විශිෂ්ටත්වය වෙනුවෙන් මෙම සම්මානය හිමි වී තිබේ.

මෙම වසරේ සම්මාන උළෙල, ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය විසින් සංවිධානය කරන ලද අතර, ශ්‍රී ලංකා ටෙලිකොම් වෙනුවෙන් එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (මූල්‍ය ගණකාධිකරණ හා බදු) යූ. එච්. රුද්‍රිගු මහතා සහ කළමනාකාරිනී (මහජන සම්බන්ධතා) උමේෂා සඳරේණු මහත්මිය එම සම්මාන පිළිගත් අයුරු ඡායාරූපයෙහි දැක්වේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments