Tuesday, May 30, 2023
spot_imgspot_img
spot_imgspot_img
Homeව්‍යාපාරිකස්ප්‍රින් ඇන්ඩ් සමර් නවතම ශාඛාව කිරිබත්ගොඩ නගරයේදී විවෘත වූ වගයි....

ස්ප්‍රින් ඇන්ඩ් සමර් නවතම ශාඛාව කිරිබත්ගොඩ නගරයේදී විවෘත වූ වගයි….

ස්ප්‍රින් ඇන්ඩ් සමර් නවතම විලාසිතාගාරය 2022 මාර්තු මස 18 වන දින කිරිබත්ගොඩදී අති උත්කර්ශවත් ලෙස විවෘත විය.  නවතම ස්ප්‍රින් ඇන්ඩ් සමර් කිරිබත්ගොඩ විලාසිතාගාරය, අංක 153, නුවර පාර, කිරිබත්ගොඩ දරණ ස්ථානයේ හි පිහිටා ඇති අතර විවෘත කිරීමේ උත්සවයට ප්‍රධාන ආරාධිත අමුත්තන් වශයෙන් – කොලින් රොඩ්‍රිගු මහතා සහ එම මහත්මිය ද, එක පවුලක් ලෙස කැපවෙන ස්ප්‍රින් ඇන්ඩ් සමර් කාර්ය මණ්ඩලය ද සහභාගී වූහ.

සුවිශේෂි වෙළඳ කේන්ද්‍රස්ථානයක පිහිටා ඇති මෙම විලාසිතාගාරය මහළ් හතරක් පුරා විහිදී යන අතර කාන්තාවන්ට මෙන්ම ගැහැනු දරුවන් හටද වෙන්වූ වෙනම ඇඳුම් ආයිත්තම් වලින්ද සමන්විත බැවින් පාරිභෝගිකයන් හට මෙය නවමු සාප්පු සවාරි අත්දැකීමක් ලබාදෙන බව නොඅනුමානය.  ඔබ වඩාත් ප්‍රිය සන්නාමයන්ගෙන් සැදුම් ලත් ඉතාමත් කළාත්මක, ආකර්ශනීය, පෙනුමක් ලබාදෙන එමෙන්ම ඕනෑම අවස්ථාවකට ගැලපෙන ඇඳුම් ආයිත්තම් අතේ ඇති මුදලට එකම වහලක් යටින් මිලදී ගැනීමටද හැකිවනු ඇත.

ස්ප්‍රින් ඇන්ඩ් සමර් හි සම නිර්මාතෘ – ශ්‍යාමලී විජේගුණවර්ධන මහත්මිය සිය අදහස් දක්වමින් ප්‍රකාශ කලේ දිවයින පුරා සිටින පාරිභෝගියන්හට පහසු වන පරිදි ස්ප්‍රින් ඇන්ඩ් සමර් දීප ව්‍යාප්ත කිරීමේ සැලසුමේ කොටසක් ලෙස ස්ප්‍රින් ඇන්ඩ් සමර් ජාලය කිරිබත්ගොඩ නගරය දක්වා පුළුල් කිරීම පිළිබඳව එතුමිය සතුටු වන බවයි.  කිරිබත්ගොඩ ප්‍රජාව ස්ප්‍රින් ඇන්ඩ්  සමඟ ඔවුන්ගේ සාප්පු සවාරි අත්දැකීම භුක්ති විඳිනු ඇතැයි විශ්වාස කරන බව වැඩි දුරටත් අදහස් දක්වමින් ශ්‍යාමලී මහත්මිය ප්‍රකාශ කලාය.

ස්ප්‍රින් ඇන්ඩ් සමර් වෙළඳ සන්නාමය දීප ව්‍යාප්ත කිරීමේ අරමුණින් සැලසුම් කර ඇති දැවැන්ත ව්‍යාපෘතිය තුළින් ශ්‍රී ලංකාව පුරා විසිරී ඇති විශේෂ වෙළඳ කේන්ද්‍රස්ථාන මුල් කරගෙන නව විලාසිතාගාර ඉදි කිරීමට අපේක්ෂා කර ඇත.

එමෙන්ම ආයතනය විසින් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන ව්‍යාපෘතිය තුළින් ක්‍රමවත්ව හා ගුණාත්මක මාර්ගෝපදේශ අනුගමනය කරමින් මෙහෙයුම් සිදු කොට ශ්‍රී ලංකාවේ වර්ධනය වන විලාසිතා සහ ඇඟලුම් වෙළඳපොලේ තම වෙළඳපල කොටස පුළුල් කිරීමටද කටයුතු හා විධි විධාන සලසා ඇත.

1995 දී දයා විජේගුණවර්ධන මහතා හා ශ්‍යාමලී විජේගුණවර්ධන මහත්මිය විසින් ස්ප්‍රින් ඇන්ඩ් සමර් ආයතනය ආරම්භ කරන ලදී. ස්ප්‍රින් ඇන්ඩ් සමර් ඇඟලුම් ප්‍රදර්ශනාගාර වත්තල, නුගේගොඩ, මහරගම, පානදුර, කොල්ලුපිටිය, බම්බලපිටිය, මීගමුව හා කිරිබත්ගොඩ යන ප්‍රධාන නගර අටක ස්ථාපිත කර ඇති අතර අන්තර්ජාලය මඟින්ද මිලදී ගැනීම් සිදු කල හැක. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ  වෙළඳ නාමයක් වන ස්ප්‍රින් ඇන්ඩ් සමර් හි නිෂ්පාදන වලින් 85% ක්ම දේශීයව නිෂ්පාදනය කර ඇත.

 

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments