Saturday, December 2, 2023
spot_imgspot_img
spot_imgspot_img
Homeව්‍යාපාරිකනවලෝක උසස් අධ්‍යයන ආයතනයේ උපාධි ප‍්‍රදානෝත්සවය අභිමානවත්ව පවත්වයි

නවලෝක උසස් අධ්‍යයන ආයතනයේ උපාධි ප‍්‍රදානෝත්සවය අභිමානවත්ව පවත්වයි

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛ පෙළේ උසස් අධ්‍යාපන ආයතනයක් වන නවලෝක උසස් අධ්‍යාපන ආයතනය (Nawakola Collage of Higher Studies) විසින් 2022 පෙබරවාරි 13 වැනි දින කොළඹ BMICH හි ප‍්‍රධාන ශාලාවේදී එහි හයවන උපාධි ප‍්‍රදානෝත්සවය වඩාත් අභිමානවත් ලෙස පැවැත්වූ අතර  එහිදී නව උපාධිධාරීන් කණ්ඩායම වෙත ඩිප්ලෝමා සහ පදනම් පාඨමාලා සහතිකපත් පිරිනමන ලදි.

මෙහිදී සහතිකපත් ලබා ගත් සිසුන් අතර ව්‍යාපාර හෝ විද්‍යා/ඉංජිනේරු   පදනම්     පාඨමාලාව    ( Foundation in Business or ‘Science/Engineering’) සාර්ථකව නිම කළ 258 දෙනෙකු මෙන්ම ව්‍යාපාර ( Diploma in Business)”, තොරතුරු තාක්ෂණය ( Information Technology)”, සෞඛ්‍ය විද්‍යාව (Health science), ඉංජිනේරු ( Engineering) හෝ උත්සව අවස්ථා සහ සත්කාර කළමනාකරණය ( Evemt and Hospitality management) පිළිබඳ ඩිප්ලෝමාවක් ලබාගත් සිසුන් 482 දෙනෙකු ද විය. මෙම ඩිප්ලෝමාධාරීන්  ඕස්ටේ‍්‍රලියාවේ හෝ මැලේසියාවේ දෙවන වසරේ අධ්‍යයන කටයුතු ආරම්භ කරනු ඇත. තවද, ඉදිරි මාසවලදී ඔවුන්ගේ දෙවන වසර ආරම්භ කිරීමට බලාපොරොත්තු වන ඇමරිකා එක්සත් ජනපදයේ උපාධි පාඨමාලාවල නිරත සිසුන් 18 දෙනෙකු වෙතද මෙහිදී සහතිකපත් පිරිනමන ලදී.

රට තුළ උගත් ශ‍්‍රම බලකායක් සිටීමේ වැදගත්කම පිළිබඳව අදහස් දැක්වූ ශ‍්‍රී ලංකා මහ බැංකු අධිපති අජිත් නිවාඞ් කබ්රාල් මහතා මෙසේ පැවසුවේය. ”අපේ ජාතිය ගොඩනැගීමේ මූලික මෙවලමක් වන්නේ අධ්‍යාපනය. මම ඔබ සැමට සුබ පතනවා. NCHS විසින් ලබා දෙන අධ්‍යාපනය නව උපාධිධාරීන්ට තම වෘත්තීමය ජීවිතය මෙන්ම පෞද්ගලික ජීවිතය ද සාර්ථක කර ගනිමින් ඉදිරියට යාමට ශක්තියක් වෙනවා.”

නවලෝක උසස් අධ්‍යයන විද්‍යාලයේ සභාපති ආචාර්ය ජයන්ත ධර්මදාස මහතා ප‍්‍රකාශ කළේ, ”ප‍්‍රමුඛ පෙළේ උසස් අධ්‍යාපන ආයතනයක් ලෙස අපගේ සිසුන් අප සමඟ සිටින කාලය තුළ ඔවුන්ට ලබා දෙන අත්දැකීම් සහ ඉහළ වටිනාකම  ඕනෑම අභියෝගයකට සාර්ථකව මුහුණ දීමට ඔවුන්ව සූදානම් කරනවා. දේශීය සහ ජාත්‍යන්තර වශයෙන් විවිධ ක්ෂේත‍්‍ර තෝරාගත් මෙම උපාධිධාරීන්ට ඒ පිළිබඳව හොද විශ්වාසයක් ඇති අතර අද වන විට වෘත්තීය ජීවිත තුළ ඉහළින්ම වැජඹෙන අපගේ ආදි විද්‍යාර්ථයින් දෙස බැලීමේදී ද ඒ පිළිබඳව මනාව තහවුරු වෙනවා.”

මෙම අවස්ථාව පිළිබඳව තවදුරටත් අදහස් දක්වමින් නවලෝක උසස් අධ්‍යයන විද්‍යාලයේ අධ්‍යයන පීඨාධිපතිවරයා වන ආචාර්ය ඇලන් රොබට්සන් මහතා ප‍්‍රකාශ කළේ, ”2022 වසරේ දී උපාධිධාරීන්ට අද දින ලබා දෙන උපාධි සහතිකපත් හිමිකර ගැනීම සඳහා කැපවීමෙන් වැඩ කළ 2022 උපාධිධාරීන්ට මම මගේ සුබ පැතුම් පිරිනමනවා. ශ‍්‍රී ලාංකීය සිසුන්ට වටිනාකමක් සොයා ගැනීමට වඩා හොඳින් සන්නද්ධ කිරීම සඳහා  ඕස්ටේ‍්‍රලියාවේ සහ එක්සත් ජනපදයේ ඉහළ පෙළේ විශ්ව විද්‍යාල සමඟ ඒකාබද්ධ වෙමින්  උසස් තත්වයේ වෘත්තීයමය වටිනාකමක් ඇති අධ්‍යාපන සුදුසුකමක් පිරිනැමීමට සහ ජාතිය ගොඩනැගීමේ ප‍්‍රයත්නයන් සඳහා දායක වීමට හැකිවීම ගැන අපි ආඩම්බර වෙනවා.”

සිසුන් සහ ඔවුන්ගේ පවුල් වල සාමාජිකයින්ට අමතරව NCHS හි සභාපති, අධ්‍යක්ෂවරුන් සහ කාර්ය මණ්ඩලය,  ඕස්ටේ‍්‍රලියානු මහ කොමසාරිස් කාර්යාලයේ සාමාජිකයින්, උපාධි ප‍්‍රදානෝත්සවයට පැමිණ සිටි අතර SUT හි පීඨාධිපතිවරයා සහ පීඨ සාමාජිකයින් කිහිප දෙනෙකු ද අන්තර්ජාලය හරහා ඊට සහභාගී විය.

NCHS විසින් පිරිනමනු ලබන සියලූම වැඩසටහන් අධ්‍යාපනයේ ගෝලීය නායකයින්, අමෙරිකානු ප‍්‍රාන්ත විශ්ව විද්‍යාල සහ ආයතනයේ සුවිශේෂී හවුල්කරු වන Swinburne University of Technology (SUT) සමඟ සහයෝගීතාවයෙන් සපයනු ලැබේ. එහිදී උසස් තත්වයේ සහ දැඩි ලෙස නියාමනය කරන ලද අධ්‍යාපන ප‍්‍රමිතියක් සහතික කරයි. විශ්වාසදායී අධ්‍යාපන සේවා සපයන NCHS විසින් ව්‍යාපාර, තොරතුරු තාක්ෂණ, ඉංජිනේරු, සත්කාරක සහ සිදුවීම් කළමනාකරණය සහ සෞඛ්‍ය විද්‍යා පිළිබඳ මාස 8 ක ඩිප්ලෝමාවක්, ව්‍යාපාර සහ විද්‍යා/ඉංජිනේරු ක්ෂේත‍්‍ර, USA උපාධි හුවමාරු වැඩසටහන් මෙන්ම ණය පදනම මත මාස 8 ක පදනම් වැඩසටහනක් සපයයි. තවද, NCHS සමඟ අත්වැල් බැඳ ගැනීමට බලාපොරොත්තු වන සිසුන්ගේ පහසුව සඳහා මහනුවර දී ප‍්‍රාදේශීය කාර්යාලයක් ද ක‍්‍රියාත්මක කරයි.

NCHS කොළඹ නගර මධ්‍යයේ පිහිටා ඇති අතර සිසුන්ට ඉහළ පහසුකම් සහිත ඉංජිනේරු සහ පරිගණක විද්‍යාගාර මෙන්ම සම්පත්වලින් පොහොසත් පුස්තකාලයක් ඇතුළුව ජාත්‍යන්තර මට්ටමේ පහසුකම් සපයයි. NCHS Kandy Campus මඟින් ප‍්‍රදේශයේ සිසුන්ට අධ්‍යයන වේදිකාවකට ප‍්‍රවේශ වීමට පහසුකම් සපයන අතර පළපුරුදු අධ්‍යයන කාර්ය මණ්ඩලය සහ නවීන තාක්ෂණික පහසුකම් ලබා දෙයි. එමඟින් ඔවුන්ට අභිමත පරිදි අධ්‍යන ක්ෂේත‍්‍රයක් තෝරාගනිමින් ඉදිරියට යාමට ඉඩ සලසයි. සිසුන්ට අදාළ තොරතුරු ලබා දීමෙන් සහ ඔවුන්ගේ සියලූම පරිපාලන සහ වීසා අවශ්‍යතා සඳහා පහසුකම් සැලසීමෙන් NCHS ඔබට සහාය ලබා දෙයි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments