Tuesday, May 30, 2023
spot_imgspot_img
spot_imgspot_img
Homeව්‍යාපාරිකHNB සහ Ideal Motors වෙතින් මහින්ද්‍රා මෝටර් රථ, ජෙනරේටර්ස් සඳහා සුවිශේෂී දීමනා

HNB සහ Ideal Motors වෙතින් මහින්ද්‍රා මෝටර් රථ, ජෙනරේටර්ස් සඳහා සුවිශේෂී දීමනා

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ වාණිජ බැංකුව වන හැටන් නැෂනල් බැංකුව මහින්ද්‍රා මෝටර් රථ සහ ජෙනරේටර්ස් ප‍්‍රවර්ධනය කිරීමට හා සුවිශේෂී ලීසිං විසඳුම් ලබා දීම සඳහා Ideal Motors (Pvt) Ltd සමඟ වන සිය හවුල්කාරීත්වය පසුගියදා නැවතත් අලූත් කළේය.

දෙපාර්ශවය අතර ඇති කරගත් මෙම හවුල්කාරීත්වය පිළිබඳ අවබෝධතා ගිවිසුම අත්සන් කිරීමේ අවස්ථාව HNB හි ප‍්‍රධාන කාර්යාලයේදී පැවති අතර HNB පාරිභෝගික සහ කුඩා හා මධ්‍ය පරිමාණ බැංකු කටයුතු පිළිබඳ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී, සන්ජේ විජේමාන්න සහ Ideal Motors සභාපති නලින් වෙල්ගම යන මහත්වරුන්ගේ අදාල අවබෝධතා ගිවිසුමට අත්සන් කළේය.

ශ‍්‍රී ලංකාවේ බැංකු සහ මෝටර් රථ ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛයන් දෙදෙනෙකු අතර ඇති කරගත් මෙම හවුල්කාරීත්වය මගින්  ඕනෑම මහින්ද්‍රා වාහනයක් හෝ ජෙනරේටරයක් මිලදී ගැනීමට බලාපොරොත්තු වන පාරිභෝගිකයින්ට ලීසිං සහ නඩත්තු කටයුතුවලදී සහතික කළ එක් එක් පුද්ගලයාට අවේනික වූ සේවාවන් සමඟින් පහසුකම් සලසනු ඇත.

තවද මෙමගින් පාරිභෝගිකයින්ට වාහන මිලදී ගැනීමේදී ආකර්ෂණීය වට්ටම් සහිත මාසික වාරික සහ රුපියල් මිලියන 4.5ක් වටිනා ජීවිත රක්ෂණාවරණයක් හිමි කරගැනීමට හැකි වනු ඇත. මෙම සුවිශේෂී හවුල්කාරීත්වය හේතුවෙන් මෙම ආයතන දෙකටම ඔවුන්ගේ පාරිභෝගික පදනම බෙදා ගැනීමට ඉඩ සලසන අතර අනෙක් ප‍්‍රතිලාභවලට අමතරව අඩුම පොළී අනුපාත අත්විඳීමට අවස්ථාව ලැබෙනු ඇත.

මේ පිළිබඳව අදහස් දක්වමින් HNB පාරිභෝගික සහ කුඩා හා මධ්‍ය පරිමාණ බැංකු කටයුතු පිළිබඳ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී, සන්ජේ විජේමාන්න මහතා පැවසුවේ ”වසංගතය හේතුවෙන් පසුගිය වසර දෙක තුළ අප මුහුණ දුන් අවිනිශ්චිතතාවයන් නොතකා ලීසිං වෙළඳපොළේ ධනාත්මක පිබිදීමක් දක්නට ලැබුනා. අප අපගේ ගනුදෙනුකාරභවතුන් වෙත ලබා දුන් අගය එකතු කිරීම් මෙන්ම අපගේ කාර්ය මණ්ඩලයේ අසීමිත කැපවීම හා වෙහෙස මහන්සි වී වැඩ කිරීම මේ සඳහා ප‍්‍රධාන වශයෙන් හේතු වුනා.”

”මහින්ද්‍රා සන්නාමය සමඟ මෝටර් රථ සහ ජෙනරේටර් වෙළඳපොළ තුළ බලපෑමක් ඇති කර තිබෙ Ideal Motors සමඟ අත්වැල් බැඳ ගැනීමට ලැබීම ගැන අප සතුටු වෙනවා. අපගේ අන්‍යෝන්‍ය පාරිභෝගික පදනමට ඔවුන්ට අවශ්‍ය වාහනයක් හිමිකර ගැනීමට අවස්ථාව සලසා දෙමින් දැනට වෙළෙඳපොලේ පවතින වඩාත්ම දැරිය හැකි ලීසිං විකල්පයන් ලබා ගැනීමට පාරිභෝගිකයින් මෙම මහඟු අවස්ථාව ප‍්‍රයෝජනයට ගනු ඇතැයි අප බලාපොරොත්තු වෙනවා.” යනුවෙනි.

මෙම නැවත අලූත් කරන ලද හවූල්කාරීත්වය මගින් පාරිභෝගිකයින්ට Ideal Motors හරහා සියලූම නව මහින්ද්‍රා වාහන සහ ජෙනරේටර් යන්ත‍්‍ර මිලදී ගැනීම සඳහා නොමිලේ ලියාපදිංචි වීමෙන් ප‍්‍රතිලාභ ලබා ගැනීමට හැකිය. මෙම හවුල්කාරීත්වය හරහා ලබා දෙන අනෙකුත් ප‍්‍රතිලාභවලට අමතරව HNB වෙතින් ආකර්ෂණීය ලීසිං විසඳුම් අත් විඳීමටත් අවස්ථාව ලබා දේ. එමෙන්ම, ගනුදෙනුකාරභවතුන්ට විවිධ මෝටර් රථ නිෂ්පාදනවලට විශේෂ වට්ටම් ලබා ගත හැකි HNB Prestige Prime ණයපතක් ලබා දෙනු ඇත.

දිවයින පුරා පිහිටි HNB පාරිභෝගික ඒකක සහ Ideal Motors ප‍්‍රදර්ශනාගාර හරහා පාරිභෝගිකයින්ට මෙම දීමනා පිළිබඳ වැඩිදුර තොරතුරු ලබා ගත හැකිය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments