Wednesday, June 7, 2023
spot_imgspot_img
spot_imgspot_img
Homeව්‍යාපාරිකPayMaster app ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම Fintech Payment ජංගම දුරකථන යෙදවුම ලෙසින් රන්...

PayMaster app ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම Fintech Payment ජංගම දුරකථන යෙදවුම ලෙසින් රන් සම්මානයෙන් පිදුම් ලබයි!

පසුගිය දින පැවැත්වුණු LankaPay Technovation Awards  2022 සම්මාන උළලේදී  2021 වසරේ ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම Fintech Payment app ලෙස රන් සම්මානයෙන් පිදුම් ලැබීමට PayMaster ආයතනය සමත්විය. වසර 3ක් වැනි කෙටි කාලයක් තුල ශ්‍රී ලංකාව තුල සියලුම බිල්පත් ගෙවීම් සේවා, රීලෝඩ් ඇතුළු තවත් සේවාවන් රැසක් සඳහා ජනතා විශ්වාසය ඉහලින්ම දිනාගත් PayMaster මේ වන විට රුපියල් බිලියන 1.5 රීලෝඩ් සීමාව පසුකරමින් අංක 1 ස්ථානයට පත්වීමට සමත් වී ඇත.

මේ වන විට ශ්‍රී ලාංකික ජනතාවගේ එදිනෙදා ගෙවීම් අවශ්‍යතා සහ අනෙකුත් මූල්‍ය සේවාවන් සියල්ල එකම ඇප් එකක් මගින් සපුරාලමින් Super App එකක් බවට පත්වී ඇති PayMaster සිය නවතම සේවාවන් රැසක් දැන් හඳුන්වාදී ඇත.

බැංකු ගිණුම් කිහිපයක් වුනත් එකම තැනකින් හසුරුවමින් ගිණුම් අතර මුදල් හුවමාරු කිරීම, ජංගම දුරකථන අංකය පමණක් සඳහන් කොට බැංකු ගිණුම් වලට මුදල් යැවීම හෝ ගෙන්වා ගැනීම, මුදල් හදිසියකදී රීලෝඩ් දාගන්න බිල් ගෙවන්න in -App ක්‍රෙඩිට් පහසුකම, PickMe / UBER රයිඩර් සෙට්ල්මන්ට් කිරීම, සියලු රක්ෂණ වාරික ගෙවීම මේ අතරින් සුවිශේෂ වේ.

එමෙන්ම සිය නවීනතම අප්ඩේට් එක හරහා, ඔබේ මිතුරන්ට ඇප් එක වෙත ආරාධනා කල විට මිතුරාට සහ ඔබට දෙදෙනාටම රුපියල් 100 වටිනා නොමිලේ රීලෝඩ් ලකුණු දිනාගැනීමේ ක්‍රමයක් හඳුන්වාදීමටද PayMaster සුදානම් වී සිටියි.

නිවසේම සිටිමින් ඔබේ වැඩකටයුතු ඉතා පහසුවෙන් සිදුකරගැනීමට ශ්‍රී ලාංකිකයන්ගේ ජනප්‍රියම තේරීම බවට PayMaster ඇප් එක පත්වී ඇති බව මේ අනුව තහවුරු වන අතර තවදුරටත් සිය පාරිභෝගික සේවය පුළුල් කිරීම තුලින් මේ ලැබූ ජයග්‍රහණයේ සැබෑ වාසිය සිය පාරිභෝගිකයන් වෙත ලබාදීමට PayMaster ආයතනය අපේක්ෂා කරයි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments