Saturday, December 2, 2023
spot_imgspot_img
spot_imgspot_img
Homeව්‍යාපාරිකශ්‍රී ලංකාවේ පවතින වත්මන් අර්බුද තත්වය පිළිබඳ MAS සමූහ ව්‍යාපාරයේ ප්‍රකාශය

ශ්‍රී ලංකාවේ පවතින වත්මන් අර්බුද තත්වය පිළිබඳ MAS සමූහ ව්‍යාපාරයේ ප්‍රකාශය

සාමකාමී විරෝධතාවලට සහභාගී වීමට සහ නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමට, අපගේ පුරවැසියන් සතු අයිතියට සහය පළ කරමින් අප්‍රේල් 4 වෙනිදා MAS නිවේදනයක් නිකුත්  කරන ලදී.

ඉන් අනතුරුව වූ සිදුවීම්ද සැලකිල්ලට ගනිමින්, වත්මන් ආර්ථික හා සමාජ අර්බුදය සාමකාමීව සහ තිරසාර ලෙස විසඳීමට ඉක්මන් හා තීරණාත්මක ක්‍රියාමාර්ගයක අවශ්‍යතාවය MAS නැවත අවධාරණය කර සිටියි. වෙනසක් සහිත යහපත් පාලනයක් සඳහා වන ඉල්ලීමට වගකිවයුතු සංවිධානයක් ලෙස අප කොන්දේසි විරහිතව සහය පළ කරන අතර, නීතිමය සහ ව්‍යවස්ථාපිත ක්‍රියාවලියට ගරු කරමින් ජනතාවගේ හඬට අවනත වී ඒ අනුව ක්‍රියා කරන ලෙස දැයේ නායකයන්ගෙන් දැඩිව ඉල්ලා සිටිමු.

ශ්‍රී ලංකාවේ විශාලතම පුද්ගලික අංශයේ සේවා යෝජකයා සහ අපනයනකරු ලෙස, MAS ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ ස්ථායීතාවය පවත්වා ගැනීම සඳහා අපගේ කාර්යභාරය පිළිබඳව හොඳින් දැනුවත්ව සිටිමු. එබැවින් අපගේ 92,000ක් සාමාජිකයින්ගේ, ඔවුන්ගේ පවුල්වල හා දැයෙහි ආර්ථිකය ආරක්ෂා කිරීම සඳහා අපගේ ගනුදෙනුකරුවන් වෙත බෙදාහැරීම් බාධාවකින් තොරව සිදුකිරීමට අප අවධානය යොමු කිරීම වැදගත් වේ.

අපගේ ඉතිහාසයේ බොහෝ කැලඹිලි සහිත තීරණාත්මක සන්ධිස්ථාන හරහා ඇගලුම් කර්මාන්තය ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ ජීවනාලිය බවට පත්ව ඇත. අපට මෙම අර්බුදය එකමුතුව ජය ගත හැකි බවත්, අපේ රට වඩා යහපත් ලෙස ගොඩ නැගීම වෙනුවෙන් කල්පවත්නා වෙනසක් ඇති කළ හැකි බවටත් අප විශ්වාස කරමු.

සෑම විටම මෙන්, MAS මෙම දුෂ්කර කාල පරිච්ඡේදයේදීද අපගේ සමාජ සත්කාර වැඩසටහන් හරහා අර්බුදයෙන් වඩාත් අහිතකර ලෙස පීඩාවට පත්වූ දිවයින පුරා සිටින අපගේ ප්‍රජාවන්ට සහය වන්නෙමු.

සියලුම ශ්‍රී ලාංකිකයින් ආරක්ෂිතව ශක්තිමත් වන්න.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments