Thursday, November 28, 2024
spot_imgspot_img
HomeBiz Newsක්ලෝගාඩ් විසින් (SLDA) නිර්දේශය ලත් නවතම Mouthwash නිෂ්පාදන පෙළක්  වෙළඳපලට හඳුන්වා...

ක්ලෝගාඩ් විසින් (SLDA) නිර්දේශය ලත් නවතම Mouthwash නිෂ්පාදන පෙළක්  වෙළඳපලට හඳුන්වා දෙයි ..

ශ්‍රී ලංකාවේ වඩාත්ම විශ්වාසදායක මුඛ සත්කාර සන්නාමය වන ක්ලෝගාඩ්, එහි නවතම වැඩිදියුණු කරන ලද ක්ලෝගාඩ්  mouthwash නිෂ්පාදන පෙළ පසුගියදා සාඩම්බරයෙන් වෙළඳපලට හඳුන්වා දීම සිදුවිය. මෙම නිෂ්පාදන පෙළ කරාබුනැටි සහ මින්ට් යන දෙවර්ගයෙන්ම මිලදී ගත හැකි අතර ශ්‍රී ලාංකේය  පාරිභෝගිකයන්ගේ මුඛ සෞඛ්‍ය රටාව ඉහළ නැංවීම සඳහා නිර්මාණය කර ඇත. දිනපතා මුඛ සත්කාර රටාවට මෙම නිෂ්පාදන එක්කර ගැනීමෙන් වඩාත් හොඳ සෞඛ්‍යමය ප්‍රතිලාභ ලබා ගැනීමට පාරිභෝගිකයන්ට අවස්ථාව ලැබෙයි.

නවතම ක්ලෝගාඩ් mouthwash නිෂ්පාදනයන්ගේ අඩංගු ප්‍රධාන අමුද්‍රව්‍ය වන කරාබුනැටි, මින්ට්, ෆ්ලෝරයිඩ් මුඛ සෞඛ්‍ය සහ දත්වල ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කරයි. කරාබුනැටි සහ ෆ්ලෝරයිඩ් සංයෝගය  දත් කුහර ඇතිවීම වළක්වා, විෂබීජවලට එරෙහිව සටන් කිරීමට උපකාරී වෙයි. මින්ට් සහ ෆ්ලෝරයිඩ් සංයෝගය මගින් දිගු කල් පවතින නැවුම් බවක් ලබා දෙන අතර, එය බැක්ටීරියාවලට එරෙහිව සටන් කර මුඛ සෞඛ්‍ය ඉහළ නංවන්නට සහය වෙයි. ඒ අනුව කිසියම් පුද්ගලයෙකු සිය දෛනික මුඛ සත්කාර රටාවට ක්ලෝගාඩ් mouthwash එක්කර ගැනීම තුළින් දත් කුහර,මුඛ  දුර්ගන්ධය ඇතිවීම අවම කර අනෙකුත් පොදු දන්ත ගැටළුවලට එරෙහිව අමතර ආරක්ෂාවක් ලබාගත හැකිය. මෙම නවතම ක්ලෝගාඩ් mouthwash නිෂ්පාදන පෙළ ශ්‍රී ලංකා දන්ත වෛද්‍යවරුන්ගේ සංගමයෙන් (SLDA) නිර්දේශය ලත් ශ්‍රී ලංකාවේ ප්‍රථම mouthwash නිෂ්පාදනය වේ. මෙම අනුමැතිය තුළින් මෙම නිෂ්පාදනවල කාර්යක්ෂමතාව සහ විශ්වසනීයත්වය තවදුරටත් තහවුරු කරයි.

මුඛ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වසර 30කට වඩා වැඩි කාලයක අත්දැකීම් ඇති ක්ලෝගාඩ් මේ වන විට සුලබ ලෙස ගෘහස්තව භාවිත වන සන්නාමයක් ලෙස පාරිභෝගිකයන් අතර ප්‍රචලිත වී ඇත. ගුණාත්මකභාවය සහ නවෝත්පාදනය සඳහා ක්ලෝගාඩ්හි ඇති කැපවීම නිසාවෙන් ශ්‍රී ලංකාවේ මුඛ සෞඛ්‍ය නිෂ්පාදන අංශයේ විශ්වාසදායක සැපයුම්කරුවෙකු ලෙස තම ස්ථානය තහවුරු කර ගැනීමට ක්ලෝගාඩ් සමත්ව ඇත. මේ අනුව නවතම mouthwash නිෂ්පාදන පෙළ මඟින් සියලුම වයස් කාණ්ඩවල දෛනික මුඛ සත්කාර රටාව වැඩි දියුණු කිරීම සිදුවන අතර මෙමඟින්, දන්තාලේපවලින් ඔබ්බට ගොස් මුඛ සෞඛ්‍ය පවත්වා ගැනීම සඳහා සන්නාමය සතු විශේෂඥතාව තවදුරටත් තහවුරු වෙයි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments