Saturday, April 27, 2024
spot_imgspot_img
HomeBiz News‘The Asia Awards’ - උසස් අධ්‍යාපන ඔස්කාර් සම්මාන උළෙලට නියෝජනය වන්නට SLIIT-UNI...

‘The Asia Awards’ – උසස් අධ්‍යාපන ඔස්කාර් සම්මාන උළෙලට නියෝජනය වන්නට SLIIT-UNI ආයතනය පත් වූ වගයි. .. ..

SLIIT-UNI හි ශාස්ත්‍රීය විශිෂ්ඨත්වය යලිත් තහවුරු කරමින්, මෙම වසරේ ‘The Asia Awards -2024’ – Oscars of Higher Education නම් වූ ආසියාවේ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ විශිෂ්ඨතම සම්මාන උළෙලට නියෝජන වූ ශ්‍රී ලංකාවේ එකම විශ්වවිද්‍යාලය බවට පත්වී, මෙම සරසවියේ තවත් උච්චතම ජයග්‍රාහී සංධිස්ථානයක් සනිටුහන් කරනු ලැබ ඇත.

එක්සත් රාජධනියෙන් ආරම්භ වී 2019 වන විට ආසියාකරය දක්වා පැතිරුණු මෙම ආසියානු උසස් අධ්‍යාපන ඔස්කාර් සම්මාන උළෙලේ දී, ආසියානු මහාද්වීපය පුරා විහිදුණු පූළුල් විශ්වවිද්‍යාල ජාලය අතරින් තෝරාගත් අධ්‍යයන විශිෂ්ඨත්වයන් සහ නෝවොත්පාදන ඇගයීමට ලක් කරයි. මෙම වසරේ ඉදිරිපත් වූ ආසියාවේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාල 600 කට අධික නව පර්යේෂණ අතරින් SLIIT-UNI ආයතනය අවසන් වටයේ නියෝජනයක් බවට පත්වීම මෙන්ම එය ශ්‍රී ලංකාව නියෝජනය කරන එකම විශ්වවිද්‍යාලය වීමත් රටට ම ආඩම්බරයක් වන්නේය.

SLIIT ව්‍යාපාර අධ්‍යයන පීඨයේ මහාචාර්ය රුවන් ජයතිලක මහතාගේ අධීක්‍ෂණය යටතේ, එම පීඨයේ තවීෂා ජයවර්ධන, සචිනි අනුත්තරා, තමාෂා නිම්නාදි සහ රිද්මි කරදනාආරච්චි යන උපාධි අපේක්ෂකයින් විසින් ‘වැඩිහිටි ජනගහනය සහ ගෝලීය ආර්ථිකය’ (Elderly Population and Global Economies) යන මාතෘකාව යටතේ සිදු කළ පර්යේෂණ ව්‍යාපෘතිය මෙම පිළිගැනීමට ලක්ව තිබේ. මෙම පර්යේෂණ ව්‍යාපෘතියේ ප්‍රතිඵල ලෙස උසස් මට්ටමේ Q1 Scopus ප්‍රමිතියේ ශාස්ත්‍රීය සඟරා තුනක ම පර්යේෂණ පත්‍රිකා පලකරන්නට හැකි වීම පර්යේෂයෙකුට කලාතුරකින් ලැබෙන ගෞරවයක් වන්නේය. එවැනි පෙර අත් නොවිඳි පිළිගැනීමක් ලබා ගනිමින් ශ්‍රී ලංකාව තුළ උසස් මට්ටමේ පර්යේෂණවල යෙදීම, ගෝලීය අධ්‍යයන පසුතලයේ SLIIT ආයතනය අත්කරගෙන ඇති කැපී පෙනෙන ස්ථානය තව දුරටත් තහවුරු කරයි.

එමෙන්ම හොං කොංග් පොලිටෙක්නික් (Hong Kong Polytechnic) සහ මලයාසියා සරවක් විශ්වවිද්‍යාලය (Universiti Malaysia Sarawak) වැනි ලෝක ශ්‍රේණිගත විශ්වවිද්‍යාල සේම SLIIT, ශ්‍රී ලාංකීය උසස් අධ්‍යාපන ආයතනයක් ලෙස එක් පසෙකින් සුවිශේෂි වූ ස්ථානයක් හිමිකර ගනිමින් සිය ස්ථාවරය ඉහළ නංවා ගැනීම විශේෂත්වයකි. තවද, ලෝකයේ අනෙකුත් ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාල වන, සිංගප්පූරු ජාතික විශ්වවිද්‍යාලය (National University of Singapore), හිරෝෂිමා විශ්වවිද්‍යාලය (Hiroshima University) සහ හොං කොංග් විශ්වවිද්‍යාලය (University of Hong Kong) යන විශ්වවිද්‍යාල ද විවිධ කාණ්ඩ යටතේ මෙම සම්මාන උළෙල වෙනුවෙන් නම් කර ඇත. එවැනි විශ්වවිද්‍යාල සමඟ කරට කර සිට ගනිමින්, SLIIT ව්‍යාපාර අධ්‍යයන පීඨය කරනු ලබන පර්යේෂණ ව්‍යාපෘතිවල උසස් තත්ත්වය මේ අනුව මොනවට පැහැදිලි වේ.

අනෙකුත් ජාතික මට්ටමේ විශ්වවිද්‍යාල හා සසඳන කළ, SLIIT ව්‍යාපාර අධ්‍යයන පීඨය විශේෂයෙන්ම ජාත්‍යන්තර තලයේ උසස් ශ්‍රේණිගත ශාස්ත්‍රීය සඟරාවල උපාධි මට්ටමින් කරනු ලබන අධ්‍යයන පර්යේෂණ සහ ප්‍රකාශන පත්‍රිකා වැඩිදියුණු කිරීම සඳහා සුවිශේෂී වූ ක්‍රියාමාර්ග ගැනීමට නිරන්තරයෙන් උත්සාහ ගැනීම බව කිව යුතුය. ගෝලීය වශයෙන් සැලකුව ද, මෙම ආසියානු සම්මාන උළෙලට SLIIT ව්‍යාපාර අධ්‍යයන පීඨයේ උපාධි අපේක්ෂකයින් විසින් සිදු කළ පර්යේෂණයක් තෝරාගැනීමත් සුවිශේෂී ජයග්‍රහණයක් ලෙස සැළකිය යුතුය.

SLIIT ව්‍යාපාර අධ්‍යයන පීඨය 32 නෙකුගෙන් සමන්විත වූ උසස් පළපුරුදු උපාධිධාරී පූර්ණ කාලීන අභ්‍යන්තර ආචාර්ය මණඩලයකින් ද තවත් විවිධ ක්ෂේත්‍රයන්හි ප්‍රවීනත්වය ඇති බාහිර කතිකාචාර්යවරුන් බොහෝ ගණනකින් ද සමන්විත වේ. ඒ අතර  මහාචාර්යවරුන් 10 දෙනෙකු සහ Ph.D. උපාධිධාරීන් 14 දෙනෙකු සිටීම ද වැදහත් කරුණකි.  ඒ අනුව, විශ්වසනීයත්වයෙන් යුත් උසස් මට්ටමේ යාවත්කාලීන දැනුමක් සහ පුහුණුවක් එම පීඨයේ සිසුන් වෙත ලබා දෙමින් පර්යේෂණ මත පදනම් වූ අධ්‍යාපනයක් ලබා දෙන ප්‍රමුඛ පෙළේ ආයතනයක් ලෙස ප්‍රචලිත මෙම පීඨය, කලාපය තුළ ද ඉහළ නමක් තැබීමට අද සමත්ව තිබේ.

THE Awards Asia 2024 සම්මාන උළෙල සඳහා SLIIT-UNI ආයතනය නම් කිරීම තුළින්, විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතුවල පරිවර්තනීය වෙනස, ඒ සඳහා වන කැපවීම සහ ගෝලීය වේදිකාවට එහි වැඩිදියුණු වන බලපෑම පිළිබඳව පිළිබිඹු වේ. SLIIT ව්‍යාපාර අධ්‍යයන පීඨයේ පර්යේෂකයින් මෙම ගෞරවනීය අවස්ථාවට සහභාගී වීමට සැදී පැහැදී සිටින අතර එය SLIIT-UNI අයතනයේ උසස් අධ්‍යයන ගමන් මගේ තීරණාත්මක ජයග්‍රාහි සංධිස්ථානයක් සනිටුහන් කරනු ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments