ශ්‍රී ලංකාවේ මූල්‍ය සේවා ක්ෂේත්රය ආශ්‍රිතව ක්‍රියාත්මක වන ප්‍රමුඛතම සමාගමක් වන ඔරියන්ට් ෆිනෑන්ස් සමාගම, 2024 සැප්තැම්බර් 30 වන දිනෙන් අවසන්වූ කාලසීමාව තුළ කැපී පෙනෙන වර්ධනයක් වාර්තා කිරීමට සමත් විය.
2024 සැප්තැම්බර් 30 වන දිනෙන් අවසන්වූ කාලසීමාව තුළ ඔරියන්ට් ෆිනෑන්ස් සමාගම රුපියල් මිලියන 186.39ක ශුද්ධ ලාභයක් වාර්තා කිරීමට සමත් වූ අතර, එය පසුගිය වසරේ සමාලෝචිත කාල සීමාව තුළ වාර්තාවූ ශුද්ධ ලාභයට සාපේක්ෂව 300.67% ක වර්ධනයකි. මෙම වර්ධනය වෙළෙඳපොළ අභියෝගවලට සාර්ථකව මුහුණ දීමට ඔරියන්ට් ෆිනෑන්ස් සමාගම සතු හැකියාව පිළිබිඹු කරයි.
එමෙන්ම ඔරියන්ට් ෆිනෑන්ස් සමාගම 2024 සැප්තැම්බර් 30 දින වන විට වාර්තා කළ මුළු වත්කම්වල අගය රුපියල් බිලියන 22.92ක් වූ අතර, එය එම සමාගම 2024 මාර්තු 31 දින වන විට වාර්තා කළ රුපියල් බිලියන 20.5ට සාපේක්ෂව 11.91% ක වර්ධනයකි. ඔරියන්ට් ෆිනෑන්ස් සමාගමේ මෙම සමස්ත වත්කම්වල වැඩි වීම, සිය ව්‍යාප්තිය වර්ධනය කර ගනිමින්, වෙළෙඳපොළ තුළ තම ස්ථාවරත්වය තහවුරු කරගැනීම වෙනුවෙන් එම සමාගම අනුගමනය කරන උපායමාර්ගවල සාර්ථකත්වයට උදාහරණ සපයයි.
සමාලෝචිත කාල සීමාව තුළ සමාගම වාර්තා කළ ප්‍රධාන මූල්‍ය ජයග්‍රහණ :
- ශුද්ධ ලාභය: රු. මිලියන 186.39 (පෙර වසරේ සමාලෝචිත කාල සීමාවට සාපේක්ෂව 300.67%ක වර්ධනයක්)
- මුළු වත්කම්: රු. බිලියන 22.92 (2024 මාර්තු මාසයට සාපේක්ෂව 11.91%ක වර්ධනයක්)
මෙම වර්ධනය පිළිබඳව අදහස් දක්වමින් ඔරියන්ට් ෆිනෑන්ස් සමාගමේ සභාපති රාජේන්ද්‍ර ත්‍යාගරාජා ප්‍රකාශ කළේ, “අපගේ ලාභයේ සහ වත්කම්වල සැලකිය යුතු මට්ටමේ වර්ධනයක් වාර්තා කරමින්, ඕනෑම වෙළෙඳපොළ තත්ත්වයකට සාර්ථකව මුහුණ දීමේ හැකියාව පිළිබිඹු කිරීමට ලැබීම අප ලැබූ ජයග්‍රහණයක්. පෙර වසරේ අදාළ කාලසීමාවට සාපේක්ෂව, සමාලෝචිත කාලසීමාව තුළ අපගේ ශුද්ධ ලාභයේ 300.67% ක ආකර්ෂණීය වර්ධනයක් වාර්තා කිරීමට හැකි වීම, කොටස් හිමියන් වෙත උපරිම ප්රතිලාභ ලබා දෙමින්, ස්ථාවර වර්ධනයක් කරා ගමන් කිරීමේ හැකියාව ඔරියන්ට් ෆිනෑන්ස් සමාගම සතු බවට සාක්ෂි සපයනවා. ශක්තිමත් මූල්‍ය විනයක් පවත්වා ගනිමින්, තිරසාර වර්ධනය කරා ගමන් කිරීමට අපි නිරන්තරයෙන් කැපවන බව අවධාරණය කිරීමට කැමතියි.” යනුවෙනි.
මෙහි දී අදහස් දක්වමින් ඔරියන්ට් ෆිනෑන්ස් සමාගමේ අධ්යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී කේ.එම්.එම්. ජබීර් පැවසුවේ, “මුළු වත්කම්වල 11.91%ක වර්ධනයක් වාර්තා කිරීමට හැකිවීම වෙළෙඳපොළ අභියෝග ජයගැනීම සඳහා අප අනුගමනය කළ උපායමාර්ගවල සාර්ථකත්වයට හොඳම සාක්ෂියක්. ගනුදෙනුකරුවන් වෙත විවිධාංගීකරණය වූ සේවාවක් සැපයීම හරහා ගනුදෙනුකාර සබඳතා ශක්තිමත් කර ගැනීම වෙත අපි අපගේ නිරන්තර අවධානය යොමු කරන බව පැවසිය යුතුමයි. මෙම සියලුම උපායමාර්ග හරහා ශක්තිමත් වර්ධනයක් සාක්ෂාත් කරගැනීම වෙනුවෙන් අපි ඉදිරියේදීත් කැප වෙනවා.” යනුවෙනි.
ඔරියන්ට් ෆිනෑන්ස් සමාගම වාර්තා කළ මෙම ආකර්ෂණීය මූල්‍ය ප්‍රතිඵල මඟින්, අභියෝග සඳහා සාර්ථකව මුහුණ දීමට එම සමාගම සතු හැකියාව පිළිබිඹු වේ. ශක්තිමත් පදනමක් සහ උපාය මාර්ගික වර්ධනය කෙරෙහි අඛණ්ඩ අවධානය යොමු කරමින්, අනාගතයේදී තව තවත් වර්ධනය කරා ගමන් කිරීම ඔරියන්ට් ෆිනෑන්ස් සමාගමේ අරමුණයි.