Sunday, December 22, 2024
HomeBiz NewsHayleys Solar  සූර්ය විදුලියෙන් ඉතිරි කිරීම් ලබා ගැනීම සඳහා නව...

Hayleys Solar  සූර්ය විදුලියෙන් ඉතිරි කිරීම් ලබා ගැනීම සඳහා නව ඉතුරුම් කැල්කියුලේටරයක්හ හඳුන්වාදෙයි..

Hayleys Fentons හි පුනර්ජනනීය බලශක්ති අංශය වන Hayleys Solar , ශ්‍රී ලංකාවේ සූර්ය බලශක්ති ක්ෂේත්‍රයට නැවුම් වූ වෙනසක් එක් කරමින් ශ්‍රී ලාංකීය පවුල් සඳහා සූර්ය බලශක්තිය නිවැරදිව සහ වාසිදායක අයුරින් භාවිත කිරීමට නව ඉතුරුම් කැල්කියුලේටරයක් හඳුන්වා දීමට කටයුතු කර ඇත.

සූර්ය බලශක්තිය සෑම අයෙකුටම දැරිය හැකි මිලකට ලබාදීමේ මූලික අරමුණ ඇතිව Hayleys Solar විසින් මෑතකදී හඳුන්වා දෙනු ලැබූ “ණයක් නොවන ණයක්” සුවිශේෂී වැඩසටහන තවදුරටත් පාරිභෝගික ප්‍රජාව හා සමීප කරවමින් එහි තවත් එක් පියවරක් ලෙසට මෙම Hayleys Solar ඉතුරුම් කැල්කියුලේටරය හඳුන්වා දෙයි. සූර්ය බලශක්ති ආයෝජනය සඳහා බලාපොරොත්තු වන සෑම කෙනෙකුටම මෙය වඩාත් පහසුවෙන් ප්‍රයෝජනයට ගැනීමට හැකිවීම මෙහි ඇති සුවිශේෂීත්වයයි.

එසේම මෙම නව ඉතුරුම් කැල්කියුලේටරය මඟින් පාරිභෝගිකයන්ට සූර්ය විදුලිබල පද්ධතියක් සඳහා ආයෝජනය කිරීමේ සැබෑ ආර්ථික වාසිය අවබෝධ කර ගැනීමට උපකාරී වන පහසුම තොරතුරු මූලාශ්‍රයක් ලෙසටද ක්‍රියා කරයි. ඒ අතරේම පාරිභෝගිකයින්ට තම විදුලි බිලට අනුකූලවන තමාට ගැළපෙනම සූර්ය විදුලි බල පද්ධති විසඳුම සහ අවශ්‍ය නම් ණය යෝජනා ක්‍රමයන්ද තෝරා ගැනීමට මෙහිදී පහසුකම් සලසා දෙයි.

පියවර 01:  ඔබගේ වත්මන් මාසික විදුලි බිලෙහි අගය ඇතුළත් කරන්න.

පියවර 02 : ඔබගේ විදුලි සම්බන්ධතා වර්ගය තෝරන්න.( එකලා / තෙකලා)

පියවර 03 : අවශ්‍ය බැංකුව හෝ මූල්‍ය ආයතනය සහ ණය ලබා ගැනීමට අපේක්ෂා කරන කාල සීමාව

                 තෝරන්න.

ඔබ ඉහත තොරතුරු ඇතුළත් කිරීමෙන් අනතුරුව Submit ලෙස සඳහන් යෙදවුම තෝරා ගැනීමෙන් පසු ඉතුරුම් කැල්කියුලේටරය මඟින් පද්ධති ධාරිතාවය, අපේක්ෂිත මාසික විදුලි උත්පාදනය, මුළු ආයෝජනය, මාසික ණය වාරිකය සහ වඩාත් වැදගත් වන ඔබගේ අපේක්ෂිත මාසික ඉතුරුම් ඇතුළුව සවිස්තරාත්මක විස්තර සඳහන් නිර්දේශයන් ඔබ වෙතට ලැබෙනු ඇත.

මෙම නවතම Online Saving Calculator වෙත පිවිසීමට https://loancalculator.hayleyssolar.com වෙත අදම යොමු වන්න. එසේ නොමැතිනම් අදම 0112 102 102  යන දුරකතන අංකයෙන් Hayleys Solar  හා සම්බන්ධ වන්න.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments