Thursday, May 2, 2024
spot_imgspot_img
HomeBiz Newsසුවිශේෂී දීමනා හා ප‍්‍රතිලාභ සමඟින් මෙවරත් අලූත් අවුරුදු උත්සව අසිරිය විඳගැනීමට HNB...

සුවිශේෂී දීමනා හා ප‍්‍රතිලාභ සමඟින් මෙවරත් අලූත් අවුරුදු උත්සව අසිරිය විඳගැනීමට HNB කාඞ්පත් හිමියන්ට අවස්ථාව ..

මෙවරත් අලූත් අවුරුදු උත්සව සමය පවුලේ අය සහ නෑදෑ හිත මිතුරන් සමඟ වින්දනයෙන් ගත කිරීමට සිය ක්‍රෙඩිට් හා ඩෙබිට් කාඞ්පත් හිමියන්ට සහ ඔවුන්ගේ පවුලේ අයට එදිනෙදා අවශ්‍ය භාණ්ඩ, නවීන මාදිලියේ රෙදිපිළි සහ ගෘහ භාණ්ඩ ඇතුළු විවිධ නිෂ්පාදන සඳහා විශේෂ වට්ටම් සමඟින් නොයෙකුත් දීමනා ලබා දීමට හැටන් නැෂනල් බැංකුව මෙවරත් කටයුතු කර ඇත.

HNB ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛ පෙළේ පාරිභෝගික වෙළෙඳ සැල්, විලාසිතා අලෙවිසැල්, ස්වර්ණාභරණ සහ ඊ-වාණිජ්‍ය සන්නාමයන් මෙන්ම ඉතා ජනප‍්‍රිය අවන්හල්, සුපිරි වෙළඳසැල් සහ හෝටල් 300කට අධික සංඛ්‍යාවක් සමඟ අත්වැල් බැදගනිමින් ඩෙබිට් සහ ක්‍රෙඩිට් කාඞ්පත් හිමියන්ට 2024 අපේ‍්‍රල් 30 වනදා දක්වා කාලය පුරාවට අසමසම ප‍්‍රතිලාභ රැසක් පිරිනමයි.

මේ පිළිබඳව අදහස් දක්වමින් HNB කාඞ්පත් අංශයේ ප‍්‍රධානී ගෞතමී නිරංජන් මහත්මිය පැවසුවේ ‘‘ළඟ එන අලූත් අවුරුදු සමයේදී අපගේ වටිනා කාඞ්පත් හිමියන්ට අසමසම දීමනා සහ විශේෂ වට්ටම් ලබා දීමට HNB රට පුරා විසිර සිටින පුළුල් වෙඳෙසැල් ජාලයක් සමඟ අත්වැල බැඳගෙන සිටිනවා. අපගේ පාරිභෝගිකයින්ට ඔවුන්ගේ එදිනෙදා ජීවිතයේ අවශ්‍ය බඩු භාණ්ඩවල සිට ඉලෙක්ට්‍රොනික උපකරණ සහ රසවත් ආහාර පාන භුක්ති විදීම ඇතුළු තවත් බොහෝ දේවලවලට අවස්ථාව සලසා දෙමින් සහ ඔවුන්ගේ ආශාවන් හොඳින් තේරුම් අරගෙන මේ වසරේදී අප ලබා දෙන දීමනා අප සකස් කිරීමට අප කටයුතු කළා.

”අපගේ අරමුණ වන්නේ අපගේ පාරිභෝගිකයින්ට උපරිම වටිනාකමක් ලබා දීම පමණක්ම නොවේ. අපට අවශ්‍ය වන්නේ ළඟ එන උත්සව සමයේදී ඔවුන්ට අවශ්‍ය කරන දේවල් පහසුවෙන් හා සුව පහසුවෙන් අත්විඳීමට අවස්ථාව සලසා දීමටයි. සාමූහිකත්වය සහ සම්ප‍්‍රදායන් සමරන මෙවැනි කාල පරිච්ෙඡ්දයක අපගේ නව්‍ය බැංකු විසඳුම් සහ පාරිභෝගික කේන්ද්‍රීය ප‍්‍රවේශය තුළින් මෙම අවස්ථා වඩාත් යහපත් කිරීමට අප කැපවී සිටිනවා. මෙම දීමනාවලින් උපරිම ප‍්‍රයෝජන ගෙන මෙම අලූත් අවුරුදු උත්සව සමය සතුටින් හා විනෝදයෙන් ගත කරන ලෙස අපි අපගේ සියලූම කාඞ්පත් හිමියන්ට ආරාධනා කරනවා.’’ යනුවෙන් ඇය වැඩිදුරටත් පැවසුවාය.

මෙවර උත්සව සමයේ පාරිභෝගිකයින්ගේ සාප්පු සවාරි අත්දැකීම වඩාත් තීව‍්‍ර කරමින් HNB විසින් මාස 36ක් දක්වා අමතර ගාස්තු රහිත මාසික වාරික සැලසුම් ලබා දීමට කටයුතු කර ඇත. මෙමගින් සාප්පු සවාරි යන පාරිභෝගිකයින්ට සූර්ය පැනල, ඉලෙක්ට්‍රොනික උපකරණ, ගෘහ අලංකරණ හෝ ස්වර්ණාභරණ ආදී ඔවුන්ට අවශ්‍ය දේ මිලදී ගැනීමේදී මුදල් එවේලේම ගෙවීම පිළිබඳ කිසිඳු අනියත බියක් ඇති කරගත යුතු නැත. තවද මෙම සැලසුම් සමඟින්, පාරිභෝගිකයින්ට මාසිකව ගෙවීම් කළ හැකි බැවින් නිවාඩු සමයේදී ඔවුන්ගේ වියදම් කළමනාකරණ කිරීමට පහසු කරන අතර කිසිඳු කරදරයකින් තොරව උත්සව සමයේදී විනෝද වීමට වැඩි පිරිසකට අවස්ථාව සැලසේ.

HNB මෙවර උත්සව සමය වෙනුවෙන් පාරිභෝගිකයින්ට සුවිශේෂී ප‍්‍රතිලාභ රැසක් පිරිනැමීමට දිවයිනේ සුපිරි වෙළඳසැල් රැසක් සමඟ අත්වැල් බැදගෙන සිටී. ඒ අනුව Cargills වෙතින් සඳුදා දිනවල කිරි ආශ‍්‍රිත නිෂ්පාදන මිලදී ගැනීමේදී රු. 4,000 කට වැඩි බිල්පත් සඳහා 20% ක වට්ටමක් ද සෑම අඟහරුවාදා හා බදාදා දිනකම Keells Super වෙතින් නැවුම් එළවළු, පළතුරු සහ seafood මිලදී ගැනීමේදී 25% ක වට්ටමක් සහ සෑම සති අන්තයකදීම Arpico වෙතින් තෝරාගත් නැවුම් එළවළු, පළතුරු සහ මාංශ ආහාර සඳහා 30%ක වට්ටමක් ද ලබා දෙයි. මේ සියලූ දේ ඔබට අපේ‍්‍රල් මාසය පුරාවට භුක්ති විඳිය හැකිය. මීට අමතරව Laugfs Super සහ Glomark HNB ක්‍රෙඩිට් හා ඩෙබිට් කාඞ්පත් හිමියන්ට තෝරාගත් දිනවලදී විශේෂ වට්ටම් පිරිනමනයි. එහිදී Glomark පාරිභෝගිකයින්ට මුළු බිල්පත සඳහා ක්‍රෙඩිට් කාඞ්පත්වලින් ගෙවීම් කිරීමේදී 25%ක වට්ටමක් භුක්ති විඳිය හැකි අතර සෑම බ‍්‍රහස්පතින්දා දිනකම Laugfs Super විසින් ක්‍රෙඩිට් කාඞ්පත් සඳහා 10%ක වට්ටමක් ද ලබා දෙයි.

අලූත් අවුරුදු උත්සව සමය අලූත් ඇඳුම් පැළඳුම් සමඟින් පිළිිගැනීමට HNB, House of Fashion, Cool Planet, Hameedia, NOLIMIT, CIB, Fashion Bug, Spring & Summer, Emerald, Arientim, Odel සහ තවත් බොහෝ ජනප‍්‍රිය සන්නාමයන් සමඟ අත්වැල් බැඳගෙන ඇත. HNB කාඞ්පත් හිමියන්ට තෝරාගත් භාණ්ඩ සඳහා 30% දක්වා වට්ටමක් භුක්ති විඳිය හැකි අතර, අවුරුදු සමය පුරාවට ක්‍රෙඩිට් හා ඩෙබිට් කාඞ්වලින් මිලදී ගැනීමේදී අමතර විශේෂ මිල අඩු කිරීම් ද ලබා ගත හැකිය.

මෙවර උත්සව සමයේදී HNB විවිධ හා රසවත් ආහාර පාන අත්දැකීම් ලබා දීමට ද සූදානමින් සිටී. Pizza Hut වෙතින් 2024 අපේ‍්‍රල් මස තුන්වන බදාදා දින තෝරා ගත් Pizza කාණ්ඩ සඳහා නොමිලේ Large Pan Pizza එකක් ලබා ගත හැකි අතර අපේ‍්‍රල් මස දෙවන අඟහරුවාදා දින Taco Bell හි à la carte මෙනුවෙන් එක් අයිතමයක් මිල දී ගෙන දෙවන අයිතමයක් නොමිලේ ලබා ගැනීමට ද අවස්ථාව ඇත. මීට අමතරව, ක්‍රෙඩිට් හා ඩෙබිට් කාඞ්පත්හිමියන් සඳහා 2024 අපේ‍්‍රල් 30 වැනි දින දක්වා Waters Edge, MovenPick, Ramada, Galle Face Hotel, Cinnamon Red, Cinnamon Red, The Kingsbury සහ තවත් ජනප‍්‍රිය අවන්හල් රැසකින් 20% දක්වා වට්ටම් භුක්ති විඳිය හැකිය.

තවද බැංකුව ශ‍්‍රී ලංකාවේ ඉහළම ඩිජිටල් බැංකුකරණ සේවා සපයන්නෙකු ලෙස සිය ස්ථානය ඉහළ නංවා ගනිමින් මෙම උත්සව සමයේදී තම ගනුදෙනුකරුවන්ට උපරිම වටිනාකමක් ලබා දීම සඳහා මෙරට ඉහළ පෙළේ online වෙළෙඳ වෙබ් අඩවි සමඟ ද අත්වැල් බැඳ ගෙන ඇත. PickMe Food හරහා ප‍්‍රණීත ආහාර රස විඳීමේ සිට Daraz.lk හි විවිධ පරාසයක නිෂ්පාදන ගවේෂණය කිරීම දක්වා HNB විසින් අන්තර්ජාලය මගින් භාණ්ඩ මිලදී ගන්නා පාරිභෝගිකයින්ට අසීමිත දීමනා පිරිනමයි. ඒ අනුව සෑම සෙනසුරාදා දිනකම Daraz.lk හරහා සිදු කරනු ලබන මිලදී ගැනීම්වලට මාස 12ක් දක්වා අමතර ගාස්තු රහිත මාසික වාරික සැලසුම් සමඟින් අමතර 10%ක වට්ටමක් ලබා ගත හැකිය. මීට අමතරව පාරිභෝගිකයින්ට Buyabans.com, bigdeals.lk, takas.lk, singer.com සහ තවත් බොහෝ online වෙළෙඳ වෙබ් අඩවිවලින් මාස 3 සිට 24 දක්වා අමතර ගාස්තු රහිත මාසික වාරික සැලසුම් සමඟින් තෝරාගත් භාණ්ඩ සඳහා 60% දක්වා වට්ටම් ලබා ගත හැකිය.

කාර්යබහුල ජීවිතයෙන් මිදී අලූත් අවුරුදු සමය නිදහසේ උපරිම වින්දනයෙන් ගත කිරීමට HNB, Jetwing, Cinnamon, Joezs Resort, Amaya, Browns වැනි සුප‍්‍රසිද්ධ හෝටල් සහ නිවාඩු නිකේතන ඇතුළු තවත් බොහෝ සුප‍්‍රසිද්ධ ස්ථාන සමඟින් අත්වැල් බැඳගනිමින් පාරිභෝගිකයින්ට 50%ක් දක්වා සුවිශේෂී වට්ටම් ලබා දෙයි. එපමණක් නොව, ක්‍රෙඩිට් කාඞ්පත් හිමියන්ට අපේ‍්‍රල් මාසය පුරාවට  ඕනෑම හෝටලයක් වෙන්කරවා ගැනීමේදී රු. 30,000ට වැඩි ගනුදෙනු සඳහා මාස 3ක් සඳහා විශේෂ අමතර ගාස්තු රහිත මාසික වාරික සැලසුම් සමඟින් ප‍්‍රතිලාභ ලබා ගත හැකි අතර ඔබේ නිවාඩුව අන් කවරදාටත් වඩා පහසු හා ලාභදායීව භුක්ති විඳිය හැකිය. ත‍්‍රාසජනක සංචාරයක් අපේක්ෂා කරන සංචාරකයින්ට තෝරාගත් සංචාරක හවුල්කරුවන් වෙතින් රු. 10,000ට වැඩි ගනුදෙනු සඳහා මාස 12ක් දක්වා අමතර ගාස්තු රහිත මාසික වාරික සැලසුම් පිරිනමයි. මීට අමතරව HNB රක්ෂණ, රෝහල් බිල්පත් සහ අධ්‍යාපන වියදම් වැනි වැදගත් අංශ සඳහා ද මාස 12ක් දක්වා අමතර ගාස්තු රහිත මාසික වාරික සැලසුම් පිරිනමයි. මෙම දීමනා 2024 අපේ‍්‍රල් 30 වනදා තෙක් ලබා ගත හැකිය.

තවද මෙම ප‍්‍රවර්ධන කාල සීමාව පුරාවට HNB ඩෙබිට් සහ ක්‍රෙඩිට් කාඞ්පත්හිමියන්ට විවිධ ශරීර යෝග්‍යතා, සුවතා මධ්‍යස්ථාන සහ දෘෂ්ටි විශේෂඥයින් වෙතින් 30%ක් දක්වා වට්ටම් භුක්ති විඳිය හැක. මෙයට Wickramarachchi Opticians, Vasan Eye Care Eric Rajapakse Opticians, D. S. Jayasinghe Opticians, Vision Care, Austasia Sports හා Leisure, Siddhalepa Clinic සහ තවත් බොහෝ ආයතන ඇතුළත් වේ. මීට අමතරව HNB හි අමතර ගාස්තු රහිත මාසික වාරික සැලසුම් හේතුවෙන් මෙම දීමනාවල ආකර්ෂණය තවත් වැඩි කරන අතර අපේ‍්‍රල් මාසය පුරාවට ඔබට කිසිඳු පෙර ගෙවීම පිළිබඳ කිසිදු කරදරයකින් තොරව මිලදී ගැනීම් කිරීමට ඉඩ සලසයි.

තවද HNB Abans, Softlogic, Singer, Singhagiri වැනි දිවයිනේ කීර්තිමත් සන්නාම රැුසක් සහ තවත් බොහෝ ආයතන සමඟින් ද අත්වැල් බැඳගෙන ඇති අතර මෙම අලෙවිසැල් වෙතින් ඉලෙක්ට්‍රොනික උපකරණ, ගෘහ උපකරණ සහ විවිධ නිෂ්පාදන සඳහා 60%ක් දක්වා සුවිශේෂී වට්ටම් පිරිනමයි. එපමණක් නොව HNB 2024 අපේ‍්‍රල් 30 වනදා දක්වා ක්‍රෙඩිට් කාඞ්පත්හිමියන්ට 60%ක් දක්වා විශේෂ මිල අඩු කිරීමක් ඇතුළුව අමතර ගාස්තු රහිත මාසික වාරික සැලසුම් ලබා දීමට Damro, Seetha Holdings, Arpico Furniture සහ Softlogic වැනි ගෘහ භාණ්ඩ අලෙවිසැල් සමඟ ද අත්වැල් බැඳගෙන ඇත.

විශේෂයෙන් අලූත් අවුරුදු උත්සව සමය සඳහා සූදානම් වන පාරිභෝගිකයින්ට ඔවුන්ගේ නිවෙස් වැඩිදියුණු කිරීමට කදිම අවස්ථාවක් ලබා දෙමින් HNB මාස 36ක් දක්වා අමතර ගාස්තු රහිත මාසික වාරික සැලසුම් ලබාදීමට සූර්ය පැනල සන්නාම සමඟ ද අත්වැල් බැඳගෙන ඇත.

බුද්ධිමත්ව මූල්‍ය තීරණ ගැනීම වැදගත් වන කාලයක, රන් ආභරණ මිලදී ගැනීම මූල්‍යමය වශයෙන් මෙන්ම ඔබේ ආදරණීයයන් සතුටු කිරීමටත් ඉතා කල්පනාකාරී ක‍්‍රමයකි. 2024 අපේ‍්‍රල් 30 වනදා දක්වා මෙරට සුප‍්‍රසිද්ධ ස්වර්ණාභරණ වෙළඳසැල්වලින් සිදු කරන මිලදී ගැනීම් සඳහා වට්ටම් සහ අමතර ගාස්තු රහිත මාසික වාරික සැලසුම් හිමි කරගැනීමට ද HNB කාඞ්පත්හිමියන්ට අවස්ථාව ඇත. ඒ අනුව Zam Jems, Vogue Jewellers, Raja Jewellers සහ Mallika Hemachandra Jewellers ඇතුළුව තවත් ස්වර්ණාභරණ අලෙවිසැල් වෙතින් 65%ක් දක්වා විශේෂ මිල අඩු කිරීමක් සමඟින් මාස 12ක් දක්වා අමතර ගාස්තු රහිත මාසික වාරික සැලසුම් භුක්ති විඳිය හැකිය.

මෙවර අලූත් අවුරුදු උත්සව සමයේදී HNB සිය ක්‍රෙඩිට් හා ඩෙබිට් කාඞ්පත්හිමියන් වෙත ලබා දෙන සුවිශේෂී දීමනා පිළිබඳව සහ මෙම ප‍්‍රවර්ධන වැඩසටහන පිළිබඳ වැඩි විස්තර දැන ගැනීමට HNB වෙබ් පිටුවට පිවිසෙන්න.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments