Monday, December 23, 2024
HomeBiz NewsHUTCH වෙතින් ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකය සවිබල ගැන්වීම සඳහා "Meet the Tech...

HUTCH වෙතින් ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකය සවිබල ගැන්වීම සඳහා “Meet the Tech Titans”…

HUTCH විසින් “Meet the Tech Titans” නමින් නවතම පොඩ්කාස්ට් (Podcast) මාලාවක් විකාශය කිරීම මේ වනවිට ආරම්භ කරඇත. රටේ ඩිජිටල් පරිවර්තනය තුළ පෙරමුණ ගෙන සිටින නායකයන්, නවෝත්පාදකයන් සහ ව්‍යවසායකයන් දරන අදහස් හා යෝජනා දැනගැනීමට ජනතාවට අවස්ථාව සලසා දීම මෙහි මූලික අරමුණ වී ඇති අතර, මෙය රට තුළ ඩිජිටල් ආර්ථිකයක් ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් රජය සතු දැක්මට සමගාමී පියවරක් ලෙසද හැඳින්විය හැක.

මෙම පොඩ්කාස්ට් මාලාව තුළ රටේ කැපීපෙනෙන විද්වතුන් රැසක් ඩිජිටල් නවෝත්පාදනයේ අනාගතය සම්බන්ධයෙන් අදහස් දක්වති. MiHCM හි ප්‍රධාන විධායක නිලධාරී හර්ෂ පුරසිංහ මහතා, එම සමාගම ඩිජිටල් විසඳුම් ඔස්සේ මානව සම්පත් ක්‍රියාවලිය පූර්ණ පරිවර්තනයකට ලක් කළ ආකාරය මෙන්ම, ගෝලීය ශ්‍රම බලකායේ දියුණුව උදෙසා ඩිජිටල් විසඳුම් හා ස්වයංක්‍රීයකරණය මෙන්ම දත්ත විශ්ලේෂණ හා කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණයන් භාවිතා කළ හැකි ආකාරය පැහැදිලි කරන අතර, අහමඩ් ඉර්ෆාන් මහතා Futureworks, MAS Innovation සහ IQ විසින් නව වෙළඳපොළවලට නවෝත්පාදන හඳුන්වා දීම, AI, AR/VR වැනි අතිනවීන තාක්ෂණයන් භාවිතා කිරීම සහ ඵලදායී හා තිරසාර විසඳුම් නිර්මාණය කිරීම සඳහා ‘Smart Textiles’ වැනි සංකල්ප යොදාගැනීම සම්බන්ධයෙන් අදහස් දක්වනු ඇත.

Bhasha හි ප්‍රධාන විධායක නිලධාරී ධනික පෙරේරා මහතා Helakuru සහ PayHere වැනි දේශීය තාක්ෂණික විසඳුම්වල සාර්ථකත්වය සම්බන්ධයෙන් අදහස් දක්වන අතර, මූල්‍ය තාක්ෂණික නවෝත්පාදන සම්බන්ධයෙන් මුහුණ දීමට සිදුවන අභියෝග සහ ඩිජිටල් ගෙවීම් ක්‍රම සම්බන්ධයෙන් විශ්වාසය ගොඩනැංවීමේ වැදගත්කම පැහැදිලි කරයි. මේ අතර ඩිජිටල් බැංකුකරණයේ පරිණාමය සම්බන්ධයෙන් අදහස් දක්වන නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ ප්‍රධාන ඩිජිටල් නිලධාරී රන්දිල් බොතේජු මහතා, පාරිභෝගික-කේන්ද්‍රීය විසඳුම්, සයිබර් ආරක්ෂාව සහ ශ්‍රී ලංකාවේ ඩිජිටල් පරිවර්තනය සම්බන්ධයෙන් බැංකු ක්ෂේත්‍රය ඉටුකරන භූමිකාව පැහැදිලි කරයි.

සයිබර් ආරක්ෂාව සම්බන්ධ පුරෝගාමියෙකු මෙන්ම පෞද්ගලිකත්වය වෙනුවෙන් පෙනී සිටින්නෙකු වන අසේල වෛද්‍යාලංකාර මහතා, කෘත්‍රිම බුද්ධි පාලනය, ආචාරධාර්මික තාක්ෂණික භාවිතාවන් සහ සයිබර් ආරක්ෂාව තුළ භූ-දේශපාලනික අභියෝග ජයගැනීම සම්බන්ධයෙන් අදහස් දක්වයි.

මේ අතර WSO2 නිර්මාතෘ සංජීව වීරවර්ණ මහතා සහභාගී වන වැඩසටහනේදී ඔහු විවිධ කර්මාන්ත තුළ ඩිජිටල් පරිවර්තනයේදී විවෘත-මූලාශ්‍ර (Open-source) තාක්ෂණයන් මගින් ඇති වන බලපෑම මූලික කරගනිමින් ආයතනික තාක්ෂණයන් සම්බන්ධයෙන් නරඹන්නන් දැනුවත් කරන අතර, මෘදුකාංග හා දුරකථන සන්නිවේදන ක්ෂේත්‍රවල ප්‍රවීණයෙකු මෙන්ම MilleniumIT හි ප්‍රධාන විධායක නිලධාරී ලෙස කටයුතු කරන ශෙවාන් ගුණතිලක මහතා, ඩිජිටල් ආර්ථිකය වේගවත් කිරීමේදී ක්ලවුඩ් තාක්ෂණයන් සහ සයිබර් ආරක්ෂාව විසින් ඉටුකරනු ලබන කේන්ද්‍රීය භූමිකාවන් සම්බන්ධයෙන් අදහස් පළකරයි.

HUTCH ප්‍රධාන අලෙවි නිලධාරී හම්දි හසන් මහතා සහභාගී වන වැඩසටහනේදී ඔහු ප්‍රධාන වශයෙන් සාකච්ඡා කරනුයේ ඩිජිටල් පරිවර්තනය තුළ දුරකථන සන්නිවේදන සමාගම් ඉටුකරන භූමිකාව සම්බන්ධයෙනි. නවෝත්පාදනය බලගන්වමින් රටේ ඩිජිටල් අන්තර්කරණය ප්‍රවර්ධනය කරන අතරම මෙම පොඩ්කාස්ට් මාලාව වැනි වැඩසටහන් ඔස්සේ ඩිජිටල්කරණය සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම සඳහා HUTCH දරන උත්සාහයද ඔහු පෙන්වා දෙයි.

“ක්ෂේත්‍රයේ ප්‍රමුඛයන් සමග මෙලෙස අත්වැල් බැඳගැනීම මගින් අප උත්සාහ කරන්නේ, නවෝත්පාදනය මූලික කරගත් සම්ප්‍රදායක් ඇතිකිරීමට මුල් වන ආකාරයට දැනුම බෙදා දෙමින් නවක ව්‍යාපාරවල සාර්ථකත්වයට අත්වැලක් වීමයි. ශක්තිමත් සම්බන්ධතා විසඳුම් තුළින් ශ්‍රී ලංකාවේ ඩිජිටල් අනාගතය බලගන්වමින්, සාර්ථක ඩිජිටල් ආර්ථිකයක් කරා යන ගමන වේගවත් කිරීම අවශ්‍ය සංකල්පීය නායකත්වය ලබාදීම අපගේ මෙහෙවර වී තිබෙනවා.” හම්දි හසන් මහතා පැවසී ය.

ශ්‍රී ලාංකිකයින්ගෙන්  95% ක්ම ආවරණය කරන HUTCH, මෙරට ජනතාවට විශ්වාසනීය හා වේගවත් සම්බන්ධතා පහසුකම් පිරිනමමින් තාක්ෂණයෙන් පිරිපුන් අනාගතයක් නිර්මාණය කිරීම සඳහා කැප වී සිටී. මෙම පොඩ්කාස්ට් මාලාව, ඩිජිටල් තාක්ෂණය මූලික කරගත් පරිවර්තනයන් තුළින් ආර්ථික වර්ධනය වේගවත් කිරීමට දායක වීම සඳහා HUTCH සමාගම ඇතුළු සමාගම් සහ ඒවායෙහි සේවය කරන ප්‍රධාන පෙලේ වෘත්තිකයන් දක්වන උනන්දුව හා කැපවීම මැනැවින් නිරූපණය කරන වැඩසටහන් මාලාවක් ලෙස හැඳින්විය හැකි වේ.

මෙම පොඩ්කාස්ට් මාලාව 2024 දෙසැම්බර් 12 දින සිට HUTCH සමාගමේ සමාජ මාධ්‍ය පිටු සහ PodHub ඔස්සේ නැරඹිය හැකි වේ. මෙය ශ්‍රී ලංකාවේ තාක්ෂණ හා ව්‍යාපාර ක්ෂේත්‍රයන්හි අනාගතය සම්බන්ධයෙන් පැහැදිලි අදහසක් ලබාගැනීමට කැමති කවුරුත් නැරඹිය යුතුම වැඩසටහන් මාලාවක් ලෙස හැඳින්විය හැක. මෙමගින් විශේෂයෙන්ම තරුණ වෘත්තිකයන්, ව්‍යවසායකයන්, ආයතනික මට්ටමේ තීරණ ගන්නන් ඇතුළු බොහෝ කාණ්ඩවලට, තම ව්‍යාපාර හා කර්මාන්ත සඳහා නවීන ඩිජිටල් තාක්ෂණයන් භාවිතයට ගත යුත්තේ කෙසේද යන්න සම්බන්ධයෙන් පැහැදිලි මගපෙන්වීමක් හිමි වනු නිසැක ය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments