මාර්ක්ස්පෙන් සමූහ ව්‍යාපාරය සිය ’14වන සංවත්සරය’ සැමරීමේ උත්සවයක් මාර්ක්ස්පෙන් ප්‍රධාන ආයතන පරිශ්‍රය තුළ පවත්වන ලදී. මාර්ක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අයත් ‘මාර්ක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගම’ (Markspen Holdings (Pvt) Ltd) ‘Smart Agriculture’ සංකල්පය හරහා ඉදිරිපත් කරනු ‘ඩෝමා තනි එලිවේටර් කණුවේ ස්වයංක්‍රීය වී කෙටීමේ යන්ත්‍ර’ (DOMA Single Elevator Automatic Rice Mill) වසර දෙකක ට ආසන්න ඉතා කෙටි කාලයක් තුළ යන්ත්‍ර 1800ට අධික ප්‍රමාණයක් අලෙවි කර ස්ථාපනය අවසන්ව ඇති බව මාර්ක්ස්පෙන් සමූහ ව්‍යාපාරයේ සමූහ අලෙවි ප්‍රධානී හා මෙහෙයුම් අමල්ක මැණික්කඩවර මහතා විසින් උත්සව සභාව අමතමින් ප්‍රකාශ කරන ලදී.

මාර්ක්ස්පෙන් සමූහ ව්‍යාපාරයේ 14වන සංවත්සර සැමරුම් උත්සවයේ දී ඩෝමා තනි එලිවේටර් කණුවේ ස්වයංක්‍රීය වී කෙටීමේ යන්ත්‍ර ඉහළ විකුණුම් ප්‍රතිශතයක් පෙන්වීම සම්බන්ධයෙන් මාර්ක්ස්පෙන් සමූහ ව්‍යාපාරයේ සභාපති ජී.ජී.ඒ.ඩී. ගල්අංග මහතා පවසා සිටියේ “වසර 14ක් පුරාවටම පාරිභෝගිකයින් විසින් මාර්ක්ස්පෙන් සමූහ ව්‍යාපාරය පිළිබදව තැබූ විශ්වාසයට අප කෘතගුණ වන්නෙමු.
මාර්ක්ස්පෙන් සෑම විටම උත්සාහ කරන්නේ ලාංකීය ව්‍යවසායකයින් ශක්තිමත් කිරීමටය. නව තාක්ෂණික දැනුම සහ උපකරණ පිළිදව ව්‍යවසායකින් තුළ පවතින මෙම උනන්දුව පිළිබදව අප සතුටු වන්නෙමු.” යනුවෙනි.
ඩෝමා තනි එලිවේටර් කණුවේ ස්වයංක්‍රීය වී කෙටීමේ යන්ත්‍ර (DOMA Single Elevator automatic Rice Mill), 2023 වසරේ දී මෙරටට ගෙන්වා බෙදාහැරීම් කටයුතු ආරම්භ කළ මාර්ක්ස්පෙන් සමූහ ව්‍යාපාරය, සහල්වල ඇති රොඩු, ගල්, වැලි ඇට ආදිය පියවර තුනක් යටතේ පහසුවෙන් ඉවත් කරනු ලබයි. යන්ත්‍රය හැසිරවීම තනි පුද්ගලයෙකු යටතේ වුවද කළ හැකි වීමෙන් කාලය මෙන්ම මිනිස් ශ්‍රමයද ඉතිරි කරයි. මෙම යන්ත්‍රයේ ඇති තවත් සුවිශේෂත්වයක් නම්, යන්ත්‍රයේ පහළ කොටසින් යන්ත්‍රය තුළට වී එක් කිරීමට හැකිවීමයි. ඒ අනුව කිසිදු ආධාරකයක් නොමැතිව ආරක්ෂාකාරීව වී සහල් බවට පත්කර ගැනීමේ කාර්යය සිදු කර ගැනීමට මෙම ඩෝමා සිංගල් එලිවේටර් යන්ත්‍රය මගින් හැකියාව ලැබෙනු ඇත.
2011 වසරේ දී බාකෝඩ් ලේබල් මුද්‍රණ ව්‍යාපාරයක් ලෙස ආරම්භ වූ අතර, වර්තමානයේ දී ව්‍යාපාර කේෂ්ත්‍රයේ කැපීපෙනෙන වර්ධනයක් පෙන්නුම් කරන ව්‍යාපාර සමූහයක එකතුවක් බවට පත්ව ඇති මාර්ක්ස්පෙන් සමූහ ව්‍යාපාරය, තාක්ෂණය හරහා වෙනසක් සිදු කරමින් ශ්‍රී ලාංකීය ව්‍යවසායකයින්ගේ හැකියාවන් ශක්තිමත් කිරීමට කැපවී ක්‍රියා කරන සමාගමකි. වසර 14ක පුරාවට මාර්ක්ස්පෙන් සමූහයේ විශිෂ්ට වර්ධනයට එහි දූරදර්ශී නායකත්වයට හේතු වේ. එයට මාර්ක්ස්පෙන් සමූහ ව්‍යාපරයේ සභාපති ජී.ජී.ඒ.ඩී. ගල්අංග, අධ්‍යක්ෂවරුන් වන එස්.කේ. ජයමාලි සහ ඩී.පී. ගල්අංග සහ සාමාන්‍යාධිකාරී ඩී.ඩී.ඒ. ගුණසේකර ඇතුළත් වේ. ඔවුන්ගේ මඟ පෙන්වීම යටතේ මාර්ක්ස්පෙන් ප්‍රධාන සන්ධිස්ථාන කිහිපයක් අත්කර ගෙන ඇත.
මාර්ක්ස්පෙන් සමූහ ව්‍යාපාරයේ ආරම්භක සමාගම වන මාර්ක්ස්පෙන් ලේබල්ස් (පුද්ගලික) සමාගම (Markspen Labels (Pvt) Ltd), නිෂ්පාදන සඳහා අවශ්‍ය වන නවීන උපකරණ සහ සේවා සැපයීම සිදු කරනු ලබයි. මෘදුකාංග, බාර්කෝඩ් මුද්‍රණ යන්ත්‍ර, බාර්කෝඩ් දත්ත කියවීමේ යන්ත්‍ර (POS Terminals, Barcode Labels, Printing Ribbons” POS Printers Barcode Scanners) ගෙන්වා බෙදා හැරීම මාර්ක්ස්පෙන් ලේබල්ස් (පුද්ගලික) සමාගම විසින් සිදු කරයි. මාර්ක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගම (Markspen Holdings (Pvt) Ltd) ‘Smart Agriculture’ සංකල්පය හරහා DOMA CTP 20 ඇතුළු ස්වයංක්‍රීය වී කෙටීමේ යන්ත්‍ර මාදිලි රැසක් මෙරටට ගෙන්වා බෙදාහැරීම සිදු කරනු ලබයි. මෙයට අමතරව වී වියලිමේ යන්ත්‍ර, සහල් ඇසුරුම් යන්ත්‍ර, සහල්වල කළු ඇට ඉවත් කිරීමේ යන්ත්‍ර, පොල්තෙල් සිඳින යන්ත්‍ර ආදී යන්ත්‍රසූත්‍ර සදහා මාර්ක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගම ප්‍රමුඛතාවය ලබා දෙනු ලබයි.
වර්තමානය වන විට මාර්ක්සපෙන් සමූහ ව්‍යාපාරයට අයත් ප්‍රදර්ශනාගාර දිවයින පුරා ව්‍යාප්ත කරමින් පවතී. 2016 දී ජාත්‍යන්තර වෙළදපල සමග එක්ව කටයුතු කරන මාර්ක්ස්පෙන් සමූහ ව්‍යාපාරය, 2024 දී The Smarter Choice (TSC) සමාගම විසින් නිෂ්පාදිත බාර්කෝඩ් මුද්‍රන යන්ත්‍ර ශ්‍රී ලංකාවේ සහ මාලදිවයින තුල බෙදාහැරීමේ බලයලත් නියෝජිතයා ලෙස හවුල්කාරීත්වයක් ගොඩ නගා ගන්නා ලදී.
මාර්ක්ස්පෙන් සමූහ ව්‍යාපාරයේ ප්‍රදර්ශනාගාර වෙත පිවිසීමෙන් හෝ ඔවුන්ගේ නිල වෙබ් අඩවිය www.markspengroup.com හරහා වැඩි විස්තර ලබා ගත හැක.