Wednesday, January 8, 2025
HomeBiz Newsප්‍රවීණ බැංකුකරුවෙකු වන චිත්‍රාල් සිල්වා SDB බැංකු ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වයට එක් වෙයි..

ප්‍රවීණ බැංකුකරුවෙකු වන චිත්‍රාල් සිල්වා SDB බැංකු ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වයට එක් වෙයි..

SDB බැංකුව සිය ආයතනික කළමනාකරණ මණ්ඩලය තව දුරටත් ශක්තිමත් කරමින් චිත්‍රාල් ද සිල්වා මහතා එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී/ප්‍රධාන ව්‍යාපාර නිලධාරී තනතුරට පත් කර ඇත. දශක හතරක් පුරා බැංකු ක්‍ෂේත්‍රයේ විශාල අත්දැකීම් සම්භාරයක් ලබා ඇති චිත්‍රාල් මහතා ආයතනික වශයෙන් පරිවර්තනීය වෙනසක් සිදු කිරීමේ ශක්‍යතාවය ක්‍රියාවෙන් තහවුරු කළ කීර්තිමත් නිලධාරියෙකි.

Deutsche බැංකුවෙන් සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළ චිත්‍රාල් මහතා එහිදී බැංකු මෙහෙයුම් පිළිබඳ සිය කුසලතා ඔප් නංවා ගත්තේය. පසුව සෙලාන් බැංකුවේ ජ්‍යෙෂ්ඨ නායකත්ව ධුරයක් හෙබවූ ඔහු සෙලාන් බැංකුවේ සාර්ථකත්වය උදෙසා සුවිශේෂී කාර්යභාරයක් ඉටු කළේය. එසේම ඔහු ශාඛා බැංකු මෙහෙයුම්, සංවර්ධන බැංකුකරණය, ප්‍රතිසාධනය, බැංකු ප්‍රේෂණ සහ ව්‍යාපාරික ඵලදායීතාවය උදෙසා ක්‍රමෝපායික පිළිවෙත් සැකසීම යන බැංකුකරණ ක්‍ෂේත්‍රයන්හි ඉහළ ප්‍රවීණත්වයක් හොබවයි. සම්ප්‍රදායයික බැංකුකරණයෙන් ඔබ්බට ගිය චිත්‍රාල් මහතා බැංකුකරණයේ ඩිජිටල් පරිවර්තනය සහ පාරිභෝගික කේන්ද්‍රීය විසඳුම් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරන අතර ඇමෙරිකා එක්සත් ජනපදයේ Silicon Valley හි  Emojot Inc තොරතුරු තාක්‍ෂණ සමාගමේ ව්‍යාපාර සංවර්ධන උපදේශන කටයුතුවලට සම්බන්ධ වෙමින් සිය අනුවර්තන කුසලතා සහ නව්‍යකරණ සංකල්ප ප්‍රදර්ශනය කර ඇත.

ශාඛා ජාල පුළුල් කිරීම, ලාභය ඉහළ නැංවීම හා උපායමාර්ගික මුලපිරීම්වලට නායකත්වය දීම ඔස්සේ සිය වෘත්තීය ජීවිතය තුළ ඉහළ ආයතනික ප්‍රතිඵල ලබා දී ඇති චිත්‍රාල් මහතා ඩිජිටල් බැංකුකරණ විසඳුම් පුළුල් කිරීම, මෙහෙයුම් කාර්යක්‍ෂමතාව ඉහළ නැංවීම හා ශක්තිමත් ගනුදෙනුකරුවන්ගේ සහභාගිත්වය වර්ධනය කිරීම ආදිය පිළිබඳව වන අත්දැකීම් සමුදාය ඔස්සේ SDB බැංකුවේ වටිනාකම ඉහළ නංවනු ඇත.

SDB බැංකුව නව්‍ය මූල්‍ය විසඳුම් ඔස්සේ ප්‍රජාවන් සවිබල ගැන්වීම වෙනුවෙන් අඛණ්ඩව කටයුතු කරයි. චිත්‍රාල් මහතා SDB බැංකුවේ ආයතනික කළමනාකරණ මණ්ඩලයට එක් වීම ඔස්සේ බැංකුවේ නායකත්වය ශක්තිමත් කිරීමටත් එහි පාර්ශ්වකරුවන්ට අසමසම වටිනාකම් ලබා දීමටත් බැංකුව සතු වන උනන්දුව හා කැපවීම තහවුරු වෙයි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments