ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික සනීපාරක්ෂක නිෂ්පාදනවල ප්‍රමුඛ සමාගමක් වන, ස්වදේශී කර්මාන්තායතනය විසින් ආලෝකමත් කරන ලදී.
2025 ජුනි මස 26 වන දින සිට ජුලි 10 දක්වා පැවැත්වෙන මෙම ආලෝක පූජාව “ස්වදේශී කොහොඹ ආලෝක පූජා සත්කාරය” යන තේමාව යටතේ පැවැත්වේ. ස්වදේශී විසින් මෙම ආලෝක පූජාවන්ට සහයෝගය දක්වන්නේ 24වන වරටයි.
ස්වදේශී කර්මාන්තායතනයේ සභාපතිනි, අමරි විජයවර්ධන මැතිණිය මෙම ආලෝක පූජා වැඩසටහන සම්බන්ධයෙන් අදහස් දක්වමින්, ශ්‍රී ලාංකික සමාගමක් ලෙස ශ්‍රී ලංකාවේ සංස්කෘතිය හා සාම්ප්‍රදායික උරුමය ආරක්ෂා කරමින් මෙවැනි වාර්ෂික ආලෝක පූජාවන්ට සහයෝගය දැක්වීම අප සතු යුතුකමක් බව සඳහන් කළාය. ස්වදේශී විසින් මෙරට ආගමික සිද්ධස්ථාන ආලෝකමත් කිරීම සියලු වන්දනාකරුවන්ට ප්‍රයෝජනවත් වන අතර, ශ්‍රී ලාංකික උරුමයන් සුරැකීමේ වැදගත්කම පිළිබඳව මතු පරපුරට දැනුම් ප්‍රදානය කිරීමටද සහාය වන බව ඇය තවදුරටත් සඳහන් කළාය. ආලෝක පූජාවෙන් පසුව ශ්‍රී ලාංකික සම්ප්‍රදායයන් සහ ඉතිහාසය පිළිබිඹු කරන වර්ණවත් සංස්කෘතික පෙරහැරක් ද පැවැත්වීණි.
“ස්වදේශී කොහොඹ ආලෝක පූජා සත්කාරයට” සමගාමීව පෙරහැරට සහභාගී වූ, කතරගම කිරිවෙහෙර රජමහ විහාරයේ දහම් පාසල් තූර්ය වාදන කණ්ඩායම සඳහා ස්වදේශී කොහොඹ පෞද්ගලික සනීපාරක්ෂණ නිෂ්පාදන පරිත්‍යාගයක් ස්වදේශී කර්මාන්තායතනය විසින් සිදු කරන ලදී.
2013 වර්ෂයේදී ඓතිහාසික දඹදෙණි රජමහා විහාරස්ථානයේ අතීත ශ්‍රී විභූතිය යළි ගෙන එමින් දළදා වහන්සේ තැන්පත් කර ඇති ශ්‍රී දළදා මාලිගාව සහ පෞරාණික බිතු සිතුවම් ප්‍රතිසංස්කරණය කරන ලද්දේ කඳාන ස්වදේශී කර්මාන්තායතනයේ සභාපතිනි අමරි විජයවර්ධන මැතිණිය විසිනි. අමරි විජයවර්ධන මැතිණිය, ක්‍රි. ව. 1927 දී කැලණිය රජ මහා විහාරයේ ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කළ හෙලේනා විජයවර්ධන ළමාතැනීගේ මී මිණිබිරියයි.
දෙවුන්දර ශ්‍රී විෂ්ණු මහා දේවාලය, අලුත් නුවර දැඩිමුණ්ඩ දේවාලය, මහනුවර ශ්‍රී විෂ්ණු මහා දේවාලය, සබරගමු මහා සමන් දේවාලය, රිදීගම රිදී විහාරය, ලංකාතිලක රජමහ විහාරය, දැරණියගල සමන් දේවාලය, අම්මඩුව කුඩා කතරගම දේවාලය, සංඛපාලි රජමහ විහාරය, කොළඹගම රජමහ විහාරය, දඹදෙණිය රජමහ විහාරය, අත්තනගල්ල රජ මහා විහාරය, සහ කෑරගල රජමහ විහාරය යන ආගමික සිද්ධස්ථානයන් හී වාර්ෂික ආලෝක පූජාවන් වෙත ස්වදේශී කොහොඹ සිය අඛණ්ඩ සහයෝගය ලබා දෙයි.
100%ක් දේශීය ව්‍යාපාරයක් ලෙස ස්වදේශී කර්මාන්තායතනය, සියලු ශ්‍රී ලාංකිකයන්ගේ යහපත වෙනුවෙන් සමාජය ගොඩ නැංවීමේ සත්කාර වැඩසටහන් වෙත සිය අඛණ්ඩ අවධානය යොමු කර ඇත. ස්වදේශී කොහොඹ සන්නාමය සොබාදහමේ ආරක්ෂාව සහ සංස්කෘතික වටිනාකම් ඉහළ නැංවීම උදෙසා තිරසර ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් කැප වී සිටියි. සමාගමේ බොහෝ සමාජීය වැඩසටහන් තුළින් ස්වදේශී කොහොඹ ආලෝක පූජා සත්කාරය ඔස්සේ දිවයින පුරා විහාරස්ථානවල වාර්ෂික ආලෝකකරණයට දායක වෙමින් “ස්වදේශී කොහොඹ ආලෝක පූජා සත්කාරය”, කොහොඹ රුක් රෝපණ ව්‍යාපෘතිය “ස්වදේශී කොහොඹ මිහිතල සත්කාරය” ,වියළි කලාපයේ පාසල් සහ විහාරස්ථාන සඳහා ජල ටැංකි පරිත්‍යාග කිරීම “ස්වදේශී කොහොඹ ගමට සත්කාරය”, ළදරු රැකවරණය පිළිබඳ මවුවරුන් දැනුවත් කරන “ස්වදේශී කොහොඹ ළදරු මාතෘ සත්කාරය” ලෙස ප්‍රජා සත්කාර වැඩසටහන් ශ්‍රී ලංකාව පුරා සිදු කිරීමට ස්වදේශී කර්මාන්තායතනය කටයුතු කරයි.