asd
Thursday, September 19, 2024
spot_imgspot_imgspot_img
HomeBiz NewsSLT-MOBITEL වෙතින් වෙසක් පොහොය නිමිත්තෙන් නොමිලේ සෞඛ්‍ය කඳවුරක්..

SLT-MOBITEL වෙතින් වෙසක් පොහොය නිමිත්තෙන් නොමිලේ සෞඛ්‍ය කඳවුරක්..

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදකවන SLT-MOBITEL සහ eChanneling, මෙවර වෙසක් පොහොය නිමිත්තෙන් නවලෝක රෝහල් සමූහය සමග එක් වී ‘සබැඳියාවේ දැහැමි සත්කාරය සුව සහන සෞඛ්‍ය කඳවුර’ නමින් විශේෂ සෞඛ්‍ය කඳවුරක් පවත්වා ඇත.රත්මලාන සහ මොරටුව යන ප්‍රදේශවල ජනතාව ඉලක්ක කරගනිමින් පසුගියදා මෙම සෞඛ්‍ය කඳවුර රත්මලාන SLT-MOBITEL කාර්යාලයේදී පවත්වන ලදී.

මෙහිදී දියවැඩියා පරීක්ෂා, රුධිර පරීක්ෂා, ECG පරීක්ෂා සහ අක්ෂි පරීක්ෂා ආදිය සිදුකරන ලද අතර, වෛද්‍ය නිර්දේශ යටතේ ඇස් කන්නාඩි ලබාගැනීමටද අවස්ථාව සලසා දී තිබිණි. සුදුසුකම් ලත් වෛද්‍ය වෘත්තිකයන් විසින් මෙහිදී ජනතාවට පෝෂණ උපදෙස්ද ලබාදෙන ලදී. මෙය අදාළ ප්‍රදේශවල ජ්‍යෙෂ්ඨ පුරවැසියන් ඇතුළු බොහෝ දෙනෙකුට නොමිලේ සෞඛ්‍ය සේවාවන් ලබාගැනීමට ලැබුණු අගනා අවස්ථාවක් විය.

සාමාන්‍යාධිකාරී – අලෙවි සේවා, ,  අනුරුද්ධ සූරියආරච්චි ප්‍රධාන වාණිජ නිලධාරී ඉසුරු දිසානායක Mobitel, ව්‍යාපාර සංවර්ධන ප්‍රධානී මොහාන් අජිත්කුමාර් (eChanneling), නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (පළාත් මෙහෙයුම් – Metro 02) ලිදිර ගුරුගේ (SLT) සහ අලෙවිකරණ ප්‍රධානී රසිකා තිලකරත්න (නවලෝක රෝහල් සමූහය) යන නිලධාරීන් ඇතුළුව අදාළ පාර්ශ්වයන් නියෝජනය කරන තවත් පිරිස් මෙම අවස්ථාවට සහභාගී වූහ.

සිය ගණනක පිරිසක් මෙම සෞඛ්‍ය කඳවුරෙන් සෞඛ්‍ය සේවා ලබාගැනීමට පැමිණි අතර මෙහිදී සෞඛ්‍ය සම්පන්න ජීවිතයක වැදගත්කම එම ජනතාවට පහදා දීමටද SLT-MOBITEL පියවර ගත්තේ ය. මෙම සත්කාරය සඳහා මැලිබන් බිස්කට් සහ ‘පරම්පරා’ හඳුන්කූරු සන්නාමයන්ගේ සාදර අනුග්‍රහයද හිමි විය.

මෙම සෞඛ්‍ය කඳවුර වෙත පැමිණීමට නොහැකි වූ ජනතාවට eChanneling ඔස්සේ දුරස්ථ ක්‍රමයට වෛද්‍ය උපදෙස් ලබාගැනීමට අවස්ථාව සලසා දීමටද SLT-MOBITEL කටයුතු කළේ ය. 2024 මැයි 19 දින සිට සති දෙකක් පුරා මෙම අවස්ථාව ලබා දෙන ලද අතර, එමගින් ජනතාවට තම නිවෙස්වල සිටම නොමිලේ වෛද්‍ය උපදෙස් ලබාගැනීමට අවස්ථාව උදා වේ.

සෑම විටම සමාජයට යහපතක් සිදුකිරීමට සහ කෘතගුණ දැක්වීමට උත්සාහකරන සමාගමක් වශයෙන්, ජනතාවට නිරෝගී සම්පත ළඟා කරදෙන අතරම ඔවුන්ට සෞඛ්‍ය සම්පන්න ජීවිතයක වැදගත්කම කියා දීමේ අරමුණින් SLT-MOBITEL විසින් මෙම සෞඛ්‍ය කඳවුර සංවිධානයකරන ලදී. වෙසක් මංගල්‍යයට සමගාමීව සංවිධානයකරන ලද එම වැඩසටහන, SLT-MOBITEL සිය පාරිසරික සමාජ වගකීම ඉටු කිරීමට දැරූ තවත් එක් සාර්ථක උත්සහයක් ලෙස හැඳින්විය හැක.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments