asd
Friday, October 18, 2024
spot_imgspot_imgspot_img
HomeBiz NewsMc Currie ප්‍රදර්ශනාගාර ජාලය පුළුල් කරයි...

Mc Currie ප්‍රදර්ශනාගාර ජාලය පුළුල් කරයි…

දිනෙන් දින ප්‍රගතියට ළඟා වන Lanka Spices පෞද්ගලික සමාගම සිය ව්‍යාපාර ජාලය තවත් පුළුල් කරමින් සිය 06 වැනි සහ 07 වැනි Mc Currie ප්‍රදර්ශනාගාර කොළඹ, නාවල සහ මහනුවර, කටුගස්තොට ප්‍රදේශවලදී විවෘත කරන ලදි. මෙම ප්‍රදර්ශනාගාර විවෘත කිරීම මගින් සිය සන්නාමය යටතේ ඇති නිෂ්පාදනයන් භාවිතා කරන පාරිභෝගික ජාලය වඩාත් පුළුල් කර ගැනීමටත් නව පාරිභෝගිකයන්ට සිය නිෂ්පාදන වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට ඇති හැකියාව දියුණු කිරීමටත් Mc Currie Franchise පෞද්ගලික සමාගම කටයුතු කර ඇත.

කොට්ටාව, බොරැල්ල, කිරුලපන, ගල්කිස්ස සහ මාතලේ පිහිටි ප්‍රදර්ශනාගාර සේම මහනුවර සහ නාවල විවෘත කරන ලද නව ප්‍රදර්ශනාගාර තුළින් ද 120කට අධික වූ Mc Currie නිෂ්පාදන වර්ග ලබා ගැනීමේ හැකියාව ඇත. වියළි කුළුබඩු වර්ගවල සිට බැඳුම්, අච්චාරු වර්ග, සම්බෝල වර්ග, චට්නි වර්ග, කරි වර්ග සහ පේස්ට් වර්ග ඇතුළු පුළුල් පරාසයක රසයන් මෙරට පාරිභෝගිකයන්ට මෙමගින් භුක්ති විඳීමේ අවස්ථාව උදා වෙයි. වසර ගණනාවක් පුරා මෙරට දේශීය පිරිසිදු කුළුබඩුවලට පර්යාය පදයක් ලෙස සිය සන්නාමය ප්‍රවර්ධනය කර ගත් Mc Currie නිෂ්පාදන වෙත දේශීය මෙන්ම විදේශීය පාරිභෝගිකයන්ට ද සමීප වීමට පහසු වන ආකාරයෙන් නව ප්‍රදර්ශනාගාර සැලසුම් කර ඇත.

Lanka Spices පෞද්ගලික සමාගමේ අධ්‍යක්‍ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී මංජු ආරියරත්න මහතා Mc Currie ප්‍රදර්ශනාගාර ජාලය පුළුල් කිරීමේ උපායමාර්ගික වැදගත්කම පැහැදිලි කළේය. “Mc Currie නිෂ්පාදන මේ වන විට ශ්‍රී ලාංකිකයන්ගේ වගේම විදේශිකයන්ගේත් හදවත් දිනාගෙන ඇති බව අපි ප්‍රකාශ කරන්නෙ ඉතාම ආඩම්බරයෙන්. අපේ ප්‍රදර්ශනාගාර ජාලය පුළුල් කිරීම ඔස්සේ සෑම ස්ථරයකම පාරිභෝගිකයන්ට අපේ නිෂ්පාදන සමීප කරන්න අපිට මේ වන විට පුළුවන් වෙලා තියෙනවා.” යැයි ඒ මහතා වැඩි දුරටත් ප්‍රකාශ කළේය.

කටුගස්තොට සහ නාවල ප්‍රදර්ශනාගාර විවෘත කිරීමේ අවස්ථාව සුවිශේෂී වනුයේ Lanka Spices පෞද්ගලික සමාගමේ සේවකයන්ගේ කැපවීම වෙනුවෙන් කෘතගුණ සැළකීමට එය අවස්ථාවක් කර ගත් නිසාය. ආයතනය සිය ශ්‍රම බලකාය වෙත දක්වන ගෞරවය තහවුරු කරමින් ප්‍රදර්ශනාගාර විවෘත කිරීම Lanka Spices පෞද්ගලික සමාගමේ දීර්ඝ කාලයක් සේවයේ නියුතු ජ්‍යෙෂ්ඨ වෘත්තිකයන් අතින් සිදු කරන ලදි.

සිය නිෂ්පාදනවල ගුණාත්මක භාවය සහ පිරිසිදු බව කෙරෙහි නිරන්තරයෙන් සැළකිලිමත් වන Mc Currie මෙරට කුළුබඩු කර්මාන්තයේ ප්‍රමුඛයා වීම ඉලක්ක කරගෙන ඇත. මේ වන විටත් ඕස්ටේ්‍රලියාව, මාලදිවයින, කැනඩාව, අමෙරිකා එක්සත් ජනපදය, යුරෝපය සහ මැද පෙරදිග රටවල් ගණනායක විසිරී ඇති 200කට අධික Mc Currie නිෂ්පාදන සමූහය නිරන්තරයෙන් නව්‍යකරණය කරමින් Mc Currie සන්නාමය ගෝලීය වෙළෙඳපොල තුළ තව දුරටත් ප්‍රචලිත කිරීමට ද කටයුතු කරයි. නිෂ්පාදනයේ අඛණ්ඩ ගුණාත්මක බව සහතික කරමින් සියලුම Mc Currie නිෂ්පාදන සඳහා රික්ත ඇසුරුම් තාක්‍ෂණය භාවිතා කරන අතර ISO 22000:2010 ආහාර සුරක්‍ෂිතතා පද්ධතිය, හලාල් සහතිකය SEDEX සාමාජිකත්වය යන ආහාර සුරක්‍ෂිතතා ප්‍රමිතීන් ද Mc Currie නිෂ්පාදන විසින් හිමි කරගෙන ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments