asd
Friday, October 18, 2024
spot_imgspot_imgspot_img
HomeBiz Newsශ්‍රී ලංකා ආහාර සැකසුම්කරුවන්ගේ සංගමයේ (SLFPA) 9 වැනි වාර්ෂික සැහැල්ලු පන්දු...

ශ්‍රී ලංකා ආහාර සැකසුම්කරුවන්ගේ සංගමයේ (SLFPA) 9 වැනි වාර්ෂික සැහැල්ලු පන්දු ක්‍රිකට් කුසලාන තරගාවලිය ජූලි 13 වනදා..

ශ්‍රී ලංකා ආහාර සැකසුම්කරුවන්ගේ සංගමය (SLFPA) සිය සාමාජිකයන් අතර සුහදත්වය වර්ධනය කිරීම සඳහා 9 වැනි වරටත් සංවිධානය කරන සය සාමාජික සුහද ක්‍රිකට් තරගාවලිය 2024 ජූලි 13 වන සෙනසුරාදා කොළඹ, කෝල්ට්ස් ක්‍රීඩා සමාජ පිටියේදී පැවැත්වෙන බව පසුගියදා නිවේදනය කරන ලදී. ශ්‍රී ලංකා ආහාර සැකසුම්කරුවන්ගේ සංගමයේ සාමාජික ආයතනයන්හි සේවයේ නියුතු මහත්ම මහත්මීන්ට මෙන්ම ආහාරපාන හා බැඳුණු සියලු දේශීය කර්මාන්ත ආයතනයන් හා ව්‍යාපාරයන්හි සේවක සේවිකාවන්ටද සහභාගී විය හැකි ආකාරයෙන් සංවිධානය කෙරෙන මෙම තරගාවලියට මෙවර කණ්ඩායම් 46ක් පමණ සහභාගී වීමට නියමිතය.

පෙර සැකසූ ආහාර සහ පාන, යන්ත්‍රසූත්‍ර හා ඇසුරුම්කරණ, ජාත්‍යන්තර ආහාර සහතිකකරණය, ආහාරපාන සේවා යනාදී ක්ෂේත්‍ර රැසක් නියෝජනය කරමින් ආයතන ගණනාවක සාමාජික මහත්ම මහත්මීන් එකම ජයග්‍රාහී කුසලානයක් අරමුණු කරගනිමින් තරගවදින SLFPA සය සාමාජික සුහද ක්‍රිකට් තරගාවලිය ක්‍රීඩාශීලීත්වයෙන් මෙන්ම විනෝදාස්වාදයෙන් සපිරි තරගයක් ලෙස සංවිධානය කෙරේ. මෙවර තරගාවලිය සඳහා අයදුම්පත් කැඳවීම ජූනි 15 වැනිදා දක්වා විවෘතව පවතින අතර අයදුම් කරන අනුපිළිවෙල අනුව කණ්ඩායම් ලියාපදිංචි කෙරේ. සහභාගීවන කණ්ඩායම්වල සාමාජිකයන්ගේ පවුලේ අයටද මෙවර සහභාගීවීමේ අවස්ථාව හිමිවීම විශේෂත්වයකි.

1997 වසරේ ඇරඹුන ශ්‍රී ලංකා ආහාර සැකසුම්කරුවන්ගේ සංගමය (SLFPA), මෙරට ආහාර පාන සැකසුම් ක්ෂේත්‍රය කෙරෙහි බලපවත්වන ජාතික ප්‍රතිපත්ති හා රෙගුලාසි, ප්‍රාදේශීය සහයෝගීතා ආයතන, තාක්ෂණික දැනුම් හුවමාරුව හා අලෙවිකරණය ආදී සෑම අංශයක්ම ආවරණය වන පරිදි එකමුතු වූ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් මෙන්ම දැවැන්ත හා බහුජාතික සමාගම්ද ඇතුළුව 140 කට අධික සාමාජික ආයතනයන්ගෙන් සැදුම්ලත් සංගමයකි. ශ්‍රී ලාංකීය ආර්ථිකයේ කෘෂිකර්මාන්තය හා බැඳුණු කුඩා එහෙත් ප්‍රබල වපසරිය සංවර්ධනයෙහිලා ශ්‍රී ලංකා ආහාර සැකසුම්කරුවන්ගේ සංගමය පුරෝගාමී දායකත්වයක් එක්කරන්නේ දේශීය නිෂ්පාදකයන් රැසක් සවිබල ගන්වා 300,000 කට අධික දැවැන්ත සෘජු ශ්‍රම බලකායක් ගොඩනංවමිනි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments