asd
Friday, October 18, 2024
spot_imgspot_imgspot_img
HomeBiz News‘’නිරතුරුව වෙනස්වන පරිසර තත්වයකදී නායකත්වය මුහුණ දෙන අභියෝග’’යන පුද්ගල සංවර්ධන වැඩසටහනක් මීගමුව...

‘’නිරතුරුව වෙනස්වන පරිසර තත්වයකදී නායකත්වය මුහුණ දෙන අභියෝග’’යන පුද්ගල සංවර්ධන වැඩසටහනක් මීගමුව The Management Club වෙතින් ..

මීගමුව The Management Club (TMC)  විසින් සංවිධානය කළ‘’නිරතුරුව වෙනස්වන පරිසර තත්වයකදී නායකත්වය මුහුණ දෙන අභියෝග’’යන පුද්ගල සංවර්ධන වැඩසටහන පසුගියදා මීගමුව කැම්ලොට් හෝටලයේදී සාර්ථකව පැවැත්විණ. මෙම පුද්ගල සංවර්ධන වැඩමුළුවේ ප්‍රධාන දේශනය සී.බී.ඒල් ෆුඩ්ස් ඉන්ටර් නැෂනල් පුද්ගලික සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී කමල් ගීගනගේ මහතා විසින් සිදු කරන ලදි.

‘’නිරතුරුව වෙනස්වන පරිසර තත්වයකදී නායකත්වය මුහුණ දෙන අභියෝග’’ සමුළුවේ ප්‍රධාන දේශනය සිදු කරමින් කමල් ගීගනගේ මහතා වැඩිදුරටත් පැවසුවේ පසුගිය වසර 5 තුළ මුහුණ දුන් අභියෝග තම ආයතන ජීවිතයෙහි මුහුණ දුන් වඩාත් බැරෑරුම් අවස්ථාවන් බවත් සමාගමක් ලෙසත් පුද්ගලයකු ලෙසත් වඩාත් කල්පනාකාරීව සහ ඉවසීමෙන් මේ සියලු අවස්ථාවන් ට මුහුණ දුන් බව ඔහු පැවසුවේය. “ කෝවිඩ් කාලසීමාව තුළ ආයතනයක් ලෙස අපගේ සේවකයින්ට සහ පොදුවේ ප්‍රජාව සඳහාත් සැලසිය හැකි උපරිම සේවාව අප විසින් ඉටු කළා. ආර්ථික අර්බුදය අවස්ථාවේදි පැවති ඩොලර් හිඟය නිසා අපගේ නිෂ්පාදන සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ආනයනය කිරීම විශාල අභියෝගයක් ව පැවතුණා. ඒ් අවස්ථාවන්හිදී සමූහයක් ලෙස අප සතුව පැවති ඩොලර් සහ අනෙක් සම්පත් භාවිතා කරමින් මේ තත්වයෙන් ගොඩ ඒන්නට අපට හැකි වුණා. ඒමෙන්ම අපගේ අපනයන අඛණ්ඩව පවත්වාගෙන යෑමට හැකි වූ නිසා රටේ ඩොලර් අවශ්‍යතාව සඳහා දායකත්වය ලබා දීමට ද අපට හැකි වුණා” යනුවෙන් සී.බී.ඒල් ෆුඩ්ස් ඉන්ටර් නැෂනල් පුද්ගලික සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී කමල් ගීගනගේ මහතා වැඩිදුරටත් පැවසීය.

මීගමුව The Management Club (TMC) විසින් සංවිධානය කළ‘’නිරතුරුව වෙනස්වන පරිසර තත්වයකදී නායකත්වය මුහුණ දෙන අභියෝග’’යන පුද්ගල සංවර්ධන වැඩසටහනේ ප්‍රමුඛතම අංගය වූ   ආරාධිතයින්ගේ සාකච්ඡාව ATG ව්‍යාපාර සමූහයේ මූල්‍ය අධ්‍යක්ෂ සහ ප්‍රවීන පුද්ගල සංවර්ධන පුහුණු උපදේශක සුදත් ප්‍රනාන්දු මහතා විසින් මෙහෙයවනු ලැබීය. එමෙන්ම මීගමුව The Management Club (TMC) සමාජයේ සභාපති රමේෂ් නානායක්කාර, ශ්‍රීලංකා අයෝජන මණ්ඩලයේ කලාපීය අධ්‍යක්ෂ ලෝරන්ස් මඩපාත, ග්ලෝබල් රබර් ඉන්ඩස්ට්‍රීස් හි ප්‍රධාන මෙහෙයුම් නිලධාරී තනූජ සමරනායක, යන මහත්වරුන් මෙම සාකච්ඡාව සඳහා සහභාගී වූහ.

සමූළුව පිළිබඳව අදහස් දැක්වූ මීගමුව The Management Club (TMC) හි සභාපති ඇන්සල් ලංකා සමාගමේ ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ රමේෂ් නානායක්කාර මහතා “ මෙරට ප්‍රමුඛතම අපනයන සමාගම් පසුගිය කාලසීමාව තුළ මුහුණ දුන් අභියෝග සහ ඒම අභියෝගයන් ජය ගැනීම සඳහා ඒම ආයතනයන්හි නායකත්වය විසින් අනුගමනය කළ උපායමාර්ග පිලිබඳව අංකුර ව්‍යවසායකයින් දැනුවත් කිරීම සහ ඔවුන්ගේ අත්දැකීම් මෙහි පැමිණි පිරිස සමග බෙදා ගැනීම තුළින් අමිල වූ අවස්තාවක් මෙම නව ව්‍යවසායකයින්ට සහ කණිෂ්ඨ කළමනාකරුවන්ට ලබා දුන් බව මගේ අදහසයි. මෙබඳු වැඩමුලු හරහා නව ව්‍යවසායකයින් දැනුමෙන් සහ අත්දැකීමෙන් සවිබල ගැන්වීමට මීගමුව The Management Club (TMC) නිරතුරුව කටයුතු කරනවා” යනුවෙන් පැවසීය.

මීගමුව The Management Club (TMC) ජාත්‍යන්තර The Management Club සමාජයේ ශ්‍රීලංකා සමාජයේ මීගමුව ශාඛාව වන අතර මෙය ලාභ නොලබන පුද්ගල සංවර්ධනය , සවිබලගැන්වීම සහ ඉංග්‍රීසී භාෂා සන්නිවේදන ප්‍රවීණත්වය ලබා දීම මූලික කොට ගෙන ක්‍රියාත්මක වේ.

                                                           

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments