asd
Saturday, October 19, 2024
spot_imgspot_imgspot_img
HomeBiz NewsVictoria Golf Resort පිළිබඳ ග්‍රන්ථය 2024 මාර්ක් බොස්ටොක් කුසලාන ශූරතා සම්මාන උළෙලේදී...

Victoria Golf Resort පිළිබඳ ග්‍රන්ථය 2024 මාර්ක් බොස්ටොක් කුසලාන ශූරතා සම්මාන උළෙලේදී එළිදකී…

2024 මාර්ක් බොස්ටොක් අනුස්මරණ කුසලානය වෙනුවෙන් පැවති සම්මාන උළෙලේදී ටෝනි විටම් (Tony Whitham) මහතා විසින් රචිත ‘Victoria Golf Resort’  ග්‍රන්ථය මහත් උත්කර්ෂ අයුරින් එළිදක්වනු ලැබිණි. එය මහනුවර දිගන පිහිටි සම්මානනීය ගොල්ෆ් නිකේතනයේදී මැයි මස 11 වන දින පැවැත්විය. John Keells Holdings සාමාගම විසින් අනුග්‍රහය දක්වනු ලැබූ මෙම ගොල්ෆ් ක්‍රීඩා උළෙල සඳහා මේ වසරේ ගොල්ෆ් ක්‍රීඩකයින් 90කට අධික පිරිසක් සහභාගී විය. මාර්ක් බොස්ටොක් ශුරතා අනුස්මරණ කුසලානය, 2008 වසරේදී පළමු වරට පවත්වනු ලැබූ අතර එහිදී එම කුසලානය ක්‍රිස් හොලෝවේ විසින් දිනා ගන්නා ලදී. වාර්ෂිකව පවත්වනු ලබන මාණ්ඩලික තරග ඉසව් වලදී ප්‍රමුඛ පෙළේ දේශීය සහ විදේශීය ගොල්ෆ් ක්‍රීඩකයින් රැසක් මේ සඳහා සහභාගී වීමත් සමග, මෙම ගොල්ෆ් තරගාවලිය දින දර්ශනය තුළ වඩාත් අපේක්ෂිත වූ ක්‍රීඩා ඉසව්වක් බවට පත්ව තිබේ.

Victoria Golf Resort හි පළමු සාමාන්‍යාධිකාරීවරයා වූ ග්‍රන්ථ කර්තෘ ටෝනි විටම් මහතා, 1999 වසරේදී මාර්ක් බොස්ටොක් විසින් Victoria Golf Resort විවෘත කළ බව සඳහන් කරයි. ටෝනි විටම් මහතා විසින් එළිදක්වන ලද නව කෘතිය තුළින් ඔහු එහි උද්යෝගිමත් ඉතිහාසය සහ උරුමය පිළිබඳව අනාවරණය කරයි. John Keells Holdings හි නිලවශයෙන් දේපළ කළමනාකරු ලෙස වැඩ භාර ගන්නා තුරු ඔහුගේ කෘතියෙහි නිවාඩු නිකේතනයේ සහ ගොල්ෆ් පිටියේ කරන ලද සංවර්ධන කටයුතු පිළිබඳ තොරතුරු ඇතුළත් කර තිබේ.

John Keells Properties සමාගම විසින් Victoria Golf and Country Resort 2022 වසරේදී Victoria Golf Resort Sri Lanka (VGR) ලෙස නැවත සන්නාමගත කරන ලද අතර අද එය ලොව පුරා සිටින වෘත්තීය ගොල්ෆ් ක්‍රීඩකයින් මෙන්ම සංචාරකයින්ගේ ආකර්ෂණය දිනා ගෙන ඇත.

මහනුවර මනරම් වූ කඳු පන්ති මධ්‍යයේ පිහිටා ඇති දිගන Victoria ගොල්ෆ් නිකේතනය, අක්කර 517 ක භූමි ප්‍රමාණයකින් සහ එය ගොල්ෆ් කුහර 18 ක් සහිත පිළිගත් මට්ටමේ ගොල්ෆ් පිටියකින් සමන්විත වේ. මෙම නිකේතනය වික්ටෝරියා ජලාශය අවට පිහිටා ඇති අතර නකල්ස් කඳුකරය මනරම් වූ දසුන් ද ගෙන එනු ලබයි. මෙම නිකේතනය නිදහසේ විවේක ගැනීමට සහ විනෝද වීම සඳහා පරිපූර්ණ වූ ගමනාන්තයක් වේ.

වික්ටෝරියා කෘතියේ උපුටා ගැනීම : ‘Victoria Golf Resort 2000 වසරේ දී ආරම්භ වූ ආසියානු ගොල්ෆ් මාසික සඟරාව විසින් පස් වතාවක් ‘හොඳම ගොල්ෆ් පිටිය’ ලෙස සම්මානයට පාත්‍ර වී ඇත.එය ශ්‍රී ලංකාවේ හොඳම ගොල්ෆ් පිටිය වූ අතර ප්‍රවීණ ගොල්ෆ් ගෘහ අලංකරණ නිර්මාණ ශිල්පී ටොම් ඩොක් විසින් ඔහුගේ කෘතියෙහි ඒ පිළිබඳව ඉහළ පැසසුමකට ලක් කර ඇත. (‘ගොල්ෆ් පිටි සඳහා විශ්වසනීය මාර්ගෝපදේශය: වෙළුම 5 – ආසියාව, ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය’). ටොම් ඩොක් විසින් වික්ටෝරියා බොහෝ කාණ්ඩ යටතේ ඔහුගේ හොඳම දහය අතරට ගොල්ෆ් ක්‍රීඩා සඳහා හොඳම නිකේතන, නවාතැන් ගැනීමට සහ ක්‍රීඩා කිරීමට ප්‍රියතම ස්ථාන, චමත්කාර ක්‍රීඩා පිටි, උසස් මට්ටමේ ගස්, හොඳම වනජීවී ස්ථාන, ප්‍රියතම ගොල්ෆ් කුහර – වික්ටෝරියා 3-6, හොඳම නිම කිරීමේ ගොල්ෆ් කුහර, නිවහනක් සහිත හොඳම ක්‍රීඩාංගන, එතැන් සිට 1996 වසරේ ඉදිකරන ලද හොඳම නව ක්‍රීඩාංගනය, කලාපයේ ක්‍රීඩාංගන 439 න් අංක 24 ශ්‍රේණිගත කිරීම ඇතුළත් විය.(ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, ජපානය, ඉන්දියාව, සිංගප්පූරුව, චීනය, තායිලන්තය සහ මැලේසියාව ඇතුළත් වේ). මෙම ලැයිස්තුව සිත් ඇදගන්නාසුළු වන අතර වික්ටෝරියා බිහිකිරීම සඳහා ඔහුගේ දැක්ම සඳහා මාර්ක් බොස්ටොක්ට සහ එහි නිර්මාණකරුවන් වන ඩොනල්ඩ් ස්ටීල් සහ මාටින් ඊබට් යන මහත්වරුන් වෙත මෙහි විශාල ගෞරවයක් හිමි වේ.

ටෝනි විටම් මහතා මෙම අවස්ථාවෙදී අදහස් දක්වමින් මෙසේ පැවසීය.”Victoria ගොල්ෆ් නිකේතනය සැබවින්ම සුවිශේෂී ස්ථානයක්. මෙහි ඇති පිරිසිදු හා නැවුම් වාතාශ්‍රය සමග කෙනෙකුට නිස්කලංක ජීවන රටාවක් ගත කිරීමට පුළුවන්. John Keells Properties සමාගම සතු සුවිශේෂී දේපළ කොටස් කිහිපයක් මෙහි පවතිනවා. මෙම සංවර්ධනයේ වටිනාකම බොහෝ විදේශිකයන් පවා අවබෝධ කර ගෙන තිබීම පිළිබඳව මම සතුටු වෙනවා. ශ්‍රී ලංකාවේ වෙනත් කිසිම ස්ථානයක මෙතරම් ගුණාත්මක ස්වභාවික පරිසරයක් දකින්නට නැහැ. John Keells Holdings හි අක්තපත්‍ර මෙය ස්ථාවර ආයෝජනයක් බවට පත් කර තිබෙනවා.”

මෙම සුවිශේෂී සංවර්ධනයෙහි කොටස්කරුවෙකු වීමට අනාගත ගනුදෙනුකරුවන් සඳහා අවස්ථාව සලසා දෙමින් John Keells Properties විසින් Victoria Golf Resort හි සුඛෝපභෝගී නිවාඩු නිකේතනයක් සහ ඉඩම් ගැනුම්කරුවන් වෙත පිරිනැමීමට පියවර ගෙන ඇත. එය ඔවුන්ට විශ්මය දනවන වික්ටෝරියා ජලාශය, දර්ශනීය වූ උඩරට කඳු පන්තිය සහ ගොල්ෆ් පිටියේ ස්වභාවික සුන්දරත්වය ඔවුන්ගේ ජීවිතවලට එක් වෙන සුවිශේෂී අවස්ථාවක් වනු ඇත.

මේ පිළිබඳව වැඩි විස්තර සඳහා +94 712 376 376 දුරකථන අංකය ඔස්සේ Victoria Golf Resort අමතන්න.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments