asd
Sunday, October 20, 2024
spot_imgspot_imgspot_img
HomeBiz Newsශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමය රත්නපුර ජාත්‍යන්තර මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනයේ...

ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමය රත්නපුර ජාත්‍යන්තර මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනයේ රන් අනුග්‍රාහකත්වය දරයි ..

ශ්‍රී ලංකාවේ මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තයේ ප්‍රමුඛතම ආයතනය වන ශ්‍රී ලංකා මැණික් සහ ස්වර්ණාභරණ සංගමය (SLGJA)  විසින් රත්නපුර ජාත්‍යන්තර මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනයේ රන් අනුග්‍රාහකත්වය දරමින් ඒ සඳහා සිය දායකත්වය ලබා දෙන ලදී. මෙම ප්‍රදර්ශනය ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය (NGJA) විසින්   ලංකා මැණික් පතල්කරුවන්ගේ සහ වෙළෙඳ සංගමය ඇතුළු රත්නපුර ප්‍රදේශයේ  පිහිටි අනෙකුත් මැණික් සංගම්වල සහයෝගීතාවය සමඟින් සංවිධානය කරනු ලැබේ. ශ්‍රි ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමයේ රන් අනුග්‍රාහකත්වය ඔස්සේ කර්මාන්තයේ මෙන්ම  එහි සාමාජිකයින්ගේ වර්ධනය ප්‍රවර්ධනය කරන ප්‍රවේශයන් සඳහා සංගමය තුළින් ලබාදෙන සහයෝගය  අවධාරණය කරයි.

මෙම රන් අනුග්‍රාහකත්වය පසුගියදා පැවති රත්නපුර ප්‍රදර්ශනය පිළිබඳ මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමය විසින් පිරිනමන ලදී. මෙම අවස්ථාව සඳහා කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ මහතා,  ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා, කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ශාන්ත වීරසිංහ මහතා, NGJA හි සභාපති විරාජ් ද සිල්වා මහතා,   NGJA හි අධ්‍යක්ෂ ජනරාල් ජනක උදය කුමාර, ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමයේ සභාපති අජ්වර්ඩ් ඩීන් මහතා, ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමයේ  හිටපු සභාපති A.H. M. Imtizam මහතා, ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමයේ මෙහෙයුම් අංශයේ උප සභාපති  Firaz Hameed මහතා, සහ ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමයේ  විදේශ ප්‍රවර්ධන අංශයේ උප සභාපති සහ FACETS හි සභාපති Armil Sammoon මහතා ඇතුළු ගෞරවනීය ආරාධිතයන් රැසක් සහභාගි වූහ.

මෙහිදී අදහස් දක්වමින් ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමයේ සභාපතිවරයා මෙසේ ප්‍රකාශ කළේය.“අපට NGJA සමඟ තිබෙන්නේ දිගුකාලීන සහ ඵලදායී සබඳතාවක්.ශ්‍රී ලංකාවේ මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශන ඇරඹීම පිළිබඳ පුරෝගාමී වූ මෙරට  මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තයේ ප්‍රමුඛතම ආයතනය ලෙස අපි  දිවයින පුරා විසිරී සිටින අපගේ සාමාජිකයන්ගේ වර්ධනයට සහ සාර්ථකත්වයට සහාය වීමට සැමවිටම කැපවී සිටිනවා. ඒවගේම  ප්‍රාදේශීය වශයෙන් පිහිටවා ඇති සංගම් , කර්මාන්තය ඉදිරියට ගෙන යන විට ඔවුන් වෙතද අපගේ සහයෝගය ලබාදීමට අපි අපේක්ෂා කරනවා.ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමය විසින් රත්නපුර ජාත්‍යන්තර මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය සඳහා රන් අනුග්‍රාහකත්වය ලබාදීමේ පරමාර්ථය මෙයයි.”

ආසන්න වශයෙන් ගැණුම්කරුවන් 50ක් පමණ රත්නපුර ජාත්‍යන්තර මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය සඳහා සහභාගී වීමට අපේක්ෂා කරන අතර, ප්‍රදර්ශනයට සහභාගී වන සියලුම දෙනාට වටිනා ව්‍යාපාරික අවස්ථා හඳුනා ගැනීමට සහ සබඳතාවන්  ගොඩනගා ගැනීමට හැකියාව ලැබෙනු ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments