asd
Sunday, October 20, 2024
spot_imgspot_imgspot_img
HomeBiz NewsHUTCH විප්ලවීය ‘Oneload’ දියත් කරයි...

HUTCH විප්ලවීය ‘Oneload’ දියත් කරයි…

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දුරකථන සේවා සම්බන්ධතා සැපයුම්කරුවකු වන HUTCH Sri Lanka විසින් ඉදිරිපත් කරන අද්විතීය මුලපිරීමක් ලෙස “HUTCH ONELORD’  සේවාව හඳුන්වා දී තිබේ. පාරිභෝගික ප්‍රජාවට පළමු වරට හදුන්වා දෙන මෙම සේවාව මගින්, ඔවුන්ගේ ජීවිත සරල කර ගැනීමට සහ එකවර විශාල ඉතුරුමක් ළඟා කරගැනීම සඳහා බොහෝ වාසි මෙමගින් අත්කර දෙනු ලබයි.

HUTCH ‘Oneload’ මඟින් ඔබගේ ජංගම දුරකථන සම්බන්ධතාවය වසරකට එක් වරක් පමණක් Re-charge කිරීමට සහ වසර පුරාම බිඳ නොවැටෙන අඛණ්ඩ සම්බන්ධතාවක් අත්විඳීමේ පහසුව පාරිභෝගික ඔබට සලසා දී තිබේ. මේ ඔස්සේ ඔබට මාසික බිල්පත් ගෙවීමේ හෝ නැවත පූරණය කිරීම් වලින් තොරව “ජීවිතය විඳීමට” අවශ්‍ය නිදහස ලබා දෙයි.

මෙම සේවාව මගින් ඔබට දුරකථන සේවා සඳහා යෙදවීමට සිදුවන වියදම විශාල වශයෙන් අවම වන අතරම, වසර පුරා අඛණ්ඩ අත්දැකීම් ලබා දීමට හැකි මෙන්ම විවිධ පාරිභෝගික අවශ්‍යතා සපුරාලීම වෙනුවෙන් නිර්මාණය කර ඇති ඉතා ලාභදායී සැලසුම් ත්‍රිත්වයකින් මෙය සමන්විත වේ. මෙම සැලසුම් වසරකට රුපියල් 2,499 සිට ආරම්භ වේ.

වසරකට රුපියල් 2,499/- ක සැලසුම මඟින් ‘ඕනෑම ජාලයකට’ වසරක් පුරාවට විනාඩි 6000 ක ඇමතුම් සහ 120 GB දත්ත ද සමගින් Unlimited Whatsapp සේවා පහසුකම් සපයයි. දත්ත සහ මිනිත්තු සෑම මසකම ලබා දී ඇති අතර, භාවිත නොකළ ඕනෑම දත්ත කෝටාවක් ඉදිරි මාසය දක්වා ගෙන යාමට හැකි වන පරිදි  ‘Data Rollover’ විශේෂාංගය ද ඇතුළත් කොට තිබේ. වසරක් සඳහා රුපියල් 8,999/- ක මධ්‍ය සැලසුමක් ද සපයා දී ඇති අතරම, එම සැලසුම ඔස්සේ 360 GB ක  දත්ත සමගම  Whatsapp, Youtube, Facebook, Instagram, TikTok, Messenger, IMO, Viber සහ Telegram යන  ප්‍රධාන සමාජ මාධ්‍ය යෙදවුම් නවය වෙත වසර පුරා  අසීමිත ප්‍රවේශයක් සපයයි.

වසරකට රුපියල් 14,999 ට ලබා දෙන Ultimate Plan ඔස්සේ වසරකට ඕනෑම ජාලයකට Unlimited Data සහ Unlimited Calls කිසිඳු බාධාවකින් තොරව සම්බන්ධ වීමේ පහසුව සපයා දී තිබේ.

සියලුම සැලසුම් මිලදී ගැනීමේදී, ඒ සඳහා මුදල් ආපසු ගෙවීමේ සහතිකයක් ද සමඟින්, පාරිභෝගිකයින්ට පහසුව, ඉතුරුව සහ ඉහළ ගුණාත්මකභාවයෙන් යුත් සේවාවක් ලබා දීම සඳහා HUTCH Sri Lanka හි නිරතුරු කැපවීම සහ උත්සාහය මෙමගින් පෙන්නුම් කෙරේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments