asd
Monday, September 16, 2024
spot_imgspot_imgspot_img
HomeBiz News21 වන සූපශාස්ත්‍ර හා ආහාර ප්‍රදර්ශනය (CAFE 2024) සඳහා පැල්වත්ත කිරි කර්මාන්තායතනය...

21 වන සූපශාස්ත්‍ර හා ආහාර ප්‍රදර්ශනය (CAFE 2024) සඳහා පැල්වත්ත කිරි කර්මාන්තායතනය රන් අනුග්‍රහය ලබා දුන් වගයි…

කොළඹ නගරය ඉවුම් පිහුම් කලාවේ කෙම්බිමක් බවට පත් කළ සූපශාස්ත්‍ර කලා ආහාර ප්‍රදර්ශනය (CAFÉ) 2024, ජුනි මස 7 දා සිට 9 දා දක්වා සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ ප්‍රදර්ශන මධ්‍යස්ථානයේදී 21 වන වරටත් පවත්වන ලදී. ලංකා සූපවේදීන්ගේ සංගමය විසින් සංවිධානය කරන ලද මෙම උත්කර්ෂවත් අවස්ථාව, සූපශාස්ත්‍ර කලාවේ විශිෂ්ටත්වය ප්‍රදර්ශනය කරමින් ජාත්‍යන්තර අවධානය දිනාගන්නා ලදී. ආහාර පාන සැකසීමේ සිට පරිභෝජනය දක්වා සමස්ත ක්‍රියාවලියම ආවරණය කරන මෙම ප්‍රදර්ශනය ආහාර ලෝලීන් සහ ඒ ආශ්‍රිත වෘත්තිකයින් රැසකගේ සහභාගිත්වයෙන් මෙවරද සාර්ථකව නිමා විය.

පැල්වත්ත කිරි කර්මාන්තායතනය මෙම උත්කර්ෂවත් අවස්ථාව සඳහා සිය රන් අනුග්‍රාහකත්වය ප්‍රකාශ කර සිටියේ මහත් ආඩම්බරයෙනි. ලොව පුරා සිටින ප්‍රදර්ශකයින්ගේ සහ ගැනුම්කරුවන්ගේ ආකර්ෂණය දිනාගත් සූපශාස්ත්‍ර කලා ආහාර ප්‍රදර්ශනය ආහාර කර්මාන්තයේ නවීනතම නිෂ්පාදන, සේවා සහ තාක්ෂණික නවෝත්පාදන සඳහා නව වේදිකාවක් නිර්මාණය කරයි.

රන් අනුග්‍රාහකයෙකු ලෙස සිය දායකත්වය ලබාදීම සූපශාස්ත්‍ර කලාව සහ ආහාර පාන කර්මාන්තය සඳහා සමාගමේ ඇති කැපවීම අවධාරනය කරන අතරම CAFE 2024 සඳහා සහය දැක්වීමෙන් සූපශාස්ත්‍ර ප්‍රමිතීන් ඉහළ නැංවීමට සහ ආහාර පාන නිෂ්පාදනයේ සහ පරිභෝජනයේ නව්‍යකරණයන් ප්‍රවර්ධනය කිරීමට පැල්වත්ත කිරි කර්මාන්තායතනයේ ඇති කැපවීම යළි යළිත් තහවුරු කරයි.

ලංකා සූපවේදීන්ගේ සංගමය විසින් මෙහෙයවනු ලබන ජාත්‍යන්තරව පිළිගත් මෙම ප්‍රදර්ශනය මෙවර සනිටුහන් කරනු ලබන්නේ එහි සූපශාස්ත්‍ර විශිෂ්ටත්වයේ 21 වන වසරයි. ශ්‍රී ලංකාවේ සහ කලාපයේ සූපවේදීන් 2000කට අධික සංඛ්‍යාවක් සූපශාස්ත්‍ර විශිෂ්ටත්වය සඳහා තරඟ වදින අතර ආහාර සැකසීමේ සිට පරිභෝජනය දක්වා සමස්ත ක්‍රියාවලියම මෙම ප්‍රදර්ශනය පුරාම විහිදී පැතිරී තිබේ. සූප ශාස්ත්‍ර තරඟ හා සංදර්ශන, වෙළද කුටි, ආහාර උත්සව හා දේශිය ආහාරවල ආයුර්වේද සහ සෞඛ්‍යය ප්‍රතිලාභ පිළිබඳ සැසිවාරයන්ද මෙයට ඇතුලත්ය.

CAFE 2024 දේශීය හා ජාත්‍යන්තර ආහාර පාන විධායකයින්, සූපවේදීන් සහ එම කර්මාන්තයේ වෘත්තිකයන්ට එකිනෙකා මුනගැසීම සඳහා අවස්ථාව සලසන ස්ථානයක් ලෙසද ක්‍රියාත්මක වෙයි.

මෙම ප්‍රදර්ශනය සූපශාස්ත්‍ර කර්මාන්තයේ නියැළෙන්නන් සඳහා පමණක්ය යන මතය වෙනස් කිරීම මෙවර ප්‍රදර්ශනයේ අරමුණ වූ අතර විවිධ වූ ආකර්ෂණීය අංගයන් සහ CAFE 2024 හි ස්වභාවය ඉස්මතු කිරීමෙන්, ආහාර ලෝලීන්, සෞඛ්‍ය ගැන සැලකිලිමත් වන පුද්ගලයින් සහ පවුල් ඇතුළු පුළුල් ප්‍රේක්ෂක පිරිසක් ආකර්ෂණය කරගැනීම අපගේ ඉලක්කය විය.

සීමාසහිත පැල්වත්ත කිරි කර්මාන්තායතනයේ කළමනාකාර අධ්‍යක්ෂ අක්මාල් වික්‍රමනායක මහතා අදහස් දක්වමින්, “තරඟකාරී, ආදර්ශන සහ අධ්‍යාපනික සැසිවල සුවිශේෂී සම්මිශ්‍රණයක් ඉදිරිපත් කරමින් CAFE 2024 ප්‍රදර්ශනය පාරිභෝගික අත්දැකීම් වැඩිදියුණු කරනු ඇත. මේ සඳහා සහභාගිවන්නන්ට නවතම සූපශාස්ත්‍ර ප්‍රවණතා, නව්‍ය නිෂ්පාදන සහ සේවා වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට හැකිවනවා මෙන්ම ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සහ සූපවේදීන් සමඟ ඍජුව සම්බන්ධවීමට අවස්ථාව ලැබෙනු ඇත. මෙමගින් සූපශාස්ත්‍ර කලාව පිළිබඳ ඔවුන්ගේ දැනුම සහ අවබෝධයද වැඩි කරනු ඇත.” යි ප්‍රකාශ කළේය.

වසර දහඅටක් පුරා අඛණ්ඩව පවත්වන ලද සූපශාස්ත්‍ර කලා ආහාර ප්‍රදර්ශනය ශ්‍රී ලංකාවේ මෙවැනි ප්‍රදර්ශනයන් අතර සුවිශේෂී සන්ධිස්ථානයකි. වසර ගණනාවක් පුරා එය ලොව වටා සිටින ඒ සඳහා සහභාගිවන්නන්ගේ ආකර්ෂණය දිනාගනිමින් පිළිගත් ජාත්‍යන්තර වේදිකාවක් බවට පත්ව ඇත. එමෙන්ම මෙම ප්‍රදර්ශනය හරහා ශ්‍රී ලංකාවේ සූපශාස්ත්‍ර කලාවේ විශිෂ්ටත්වය, නවෝත්පාදනය සහ ඊටම ආවේණික වූ සාරවත් සූපශාස්ත්‍ර උරුමය නිරන්තරයෙන් ඉස්මතු කරයි.

පැල්වත්ත කිරි කර්මාන්තායතනය යනු උසස් තත්ත්වයේ කිරි නිෂ්පාදන බෙදාහැරීමට කැපවී සිටින ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම කිරි ආශ්‍රිත නිෂ්පාදකයෙකි. තිරසාරභාවය සහ නවෝත්පාදනය කෙරෙහි නිරන්තර අවධානය යොමු කරමින්, පැල්වත්ත කිරි කර්මාන්තායතනය සූපශාස්ත්‍ර කලාවේ සහ ආහාර කර්මාන්තයේ වර්ධනය සඳහා සිය උපරිම සහයෝගය ලබාදෙයි. සූපශාස්ත්‍ර විශිෂ්ටත්වය සහ නව්‍යකරණය විදහා දක්වන සූපශාස්ත්‍ර කලා ආහාර ප්‍රදර්ශනය 2024 හි රන් අනුග්‍රාහකයා ලෙස, එම ජාත්‍යන්තර අවස්ථාවට දායක වීමට ලැබීම ගැන පැල්වත්ත කිරි කර්මාන්තායතනයට ඇත්තේ නිහතමානී ආඩම්බරකි. සූපශාස්ත්‍ර ක්ෂේත්‍රයේ හොඳම වෘත්තිකයන් සහ ආහාර ලෝලීන් එකට එක්කරන මෙම සුවිශේෂී මෙන්ම ප්‍රමුඛතම අවස්ථාව ගොවිපලේ සිට කෑම මේසය දක්වා එන ආහාරවල සෑම අංශයක්ම හා ක්‍රියාවලියක්ම විදහා දක්වයි. වැඩි විස්තර සඳහා, අඅඅගචැකඅ්එඑැා්සරහගජදප වෙත පිවිසෙන්න. නැතිනම් www.pelwattedairy.com හරහා අප හා සම්බන්ධ වන්න.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments