asd
Sunday, September 8, 2024
spot_imgspot_imgspot_img
HomeBiz Newsසියපත ෆිනෑන්ස් පීඑල්සී නවතම ශාඛාව නාවලපිටිය නගරයේ දැන් විවෘතයි..

සියපත ෆිනෑන්ස් පීඑල්සී නවතම ශාඛාව නාවලපිටිය නගරයේ දැන් විවෘතයි..

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 49 වැනි ශාඛාව පසුගියදා නාවලපිටිය ගම්පොල පාරේ අංක 54 දරණ ස්ථානයේදී විවෘත කෙරිණ. නාවලපිටිය නගරය කේන්ද්‍ර කරගනිමින් කටයුතු කරන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් ඇතුළු ව්‍යාපාරික ප්‍රජාව වෙත කඩිනම් නම්‍යශීලී මූල්‍ය සේවා සැපයීම මෙම නවතම ශාඛාවේ ප්‍රධාන අරමුණ වේ.

සියපත ෆිනෑන්ස් පීඑල්සී නාවලපිටිය ශාඛාව විවෘත කිරීමේ අවස්ථාවට කළමනාකාර අධ්‍යක්ෂ ආනන්ද සෙනෙවිරත්න, ප්‍රධාන මෙහෙයුම් නිලධාරී රජිව් ද සිල්වා ඇතුළු සියපත ෆිනෑන්ස් පීඑල්සී ජේෂ්ඨ කළමනාකාරීත්ව හා කාර්යමණ්ඩල සාමාජිකයන්, නාවලපිටිය ප්‍රාදේශීය ලේකම් ජේ. එම්. රම්‍යා ජයසුන්දර, නගර සභාවේ ලේකම් ප්‍රියංකා චාන්දනී, පොලිස් ස්ථානාධිපති කේ. ඒ. එච්. පී. කලුගම්පිටිය, මහජන සෞඛ්‍ය පරීක්ෂක නුවන් කැකුලන්දර, ග්‍රාම නිලධාරී ජයලත් පෙරේරා, වෙළෙඳ සංගමයේ සභාපති කිත්සිරි කරුණාදාස යන මහත්ම මහත්මීන් ඇතුළුව රාජ්‍ය හා පෞද්ගලික ආයතන නිලධාරීන්, පෞද්ගලික බැංකු හා රක්ෂණ සමාගම් නියෝජිතයන් රැසක් සහභාගී වූහ.

සියපත ෆිනෑන්ස් පීඑල්සී කළමනාකාර අධ්‍යක්ෂ ආනන්ද සෙනෙවිරත්න මහතා විසින් සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව විවෘත කළ අවස්ථාවේදී සිය අදහස් දක්වමින් “ශ්‍රී ලාංකිකයන් ආර්ථිකමය සාර්ථකත්වය කරා රැගෙන යාමේ අභිලාශය ඇතිව ආරම්භ කෙරෙන දීප ව්‍යාප්ත සියපත ෆිනෑන්ස් පීඑල්සී ශාඛා ජාලයට අලුතෙන්ම එකතු වුනේ නාවලපිටිය ශාඛාවයි. නාවලපිටිය නගරය ආශ්‍රිතව ක්‍රියාත්මක වෙන තේ, කෝපි හා කුළුබඩු නිෂ්පාදනය කරන කෘෂිකර්මාන්තය කේන්ද්‍ර කරගත් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක ප්‍රජාවගේ සහ විවිධ භාණ්ඩ හා සේවා සැපයීමේ නියුතු ව්‍යාපාරික ප්‍රජාවගේ වෙනස් වූත් සුවිශේෂී වූත් මූල්‍ය අවශ්‍යතා සඳහා කඩිනම් නම්‍යශීලී මූල්‍ය සේවා රැසක් හඳුන්වාදීම තමයි අපගේ මෙම ශාඛාවේ ප්‍රධාන අරමුණ. ශ්‍රී ලාංකික ව්‍යවසායක හා ව්‍යාපාරික ප්‍රජාවට අවශ්‍ය මූල්‍යමය සහයෝගය ලබාදෙමින් ඔවුන්ගේ ජීවන තත්ත්වය උසස් කරලීමේ අප ව්‍යාපාරික මෙහෙවරට අලුතෙන් ආරම්භ වූ මේ නාවලපිටිය ශාඛාවත් ඇතුළුව සියපත ෆිනෑන්ස් දීප ව්‍යාප්ත ශාඛා ජාලය කැපවෙනවා.” යැයි පැවසීය.

සියපත ෆිනෑන්ස් පීඑල්සී ප්‍රධාන කාර්යාලයෙන් ගනුදෙනුකාරභවතුන් වෙත ලබාදෙන ලීසිං, කුලී සින්නක්කර සේවා, ෆැක්ටරින්, ව්‍යාපාර හා පුද්ගලික ණය, නිවාස ණය, රන් ණය, චක්‍රීය ණය, ස්ථාවර තැන්පතු, ීප්රඑ ඡ්හ ස්වයංක්‍රීය බිල්පත් ගෙවීමේ පහසුකම ඇතුළු සියළුම මූල්‍ය සේවාවන් නාවලපිටිය ශාඛාවේ පළපුරුදු වෘත්තීයවේදී කාර්යමණ්ඩලය වෙතින් ද ලබාගත හැකිය.

තිරසර හෙට දවසක් උදෙසා දීප ව්‍යාප්ත රුක්රෝපණ වැඩසටහනක් ලෙස සියපත ෆිනෑන්ස් පීඑල්සී 10, 000 කට අධික ශාඛා ප්‍රමාණයක් මෙරටට දායාද කිරීමෙහිලා දියත් කළ “සියපතෙන් මිහිකතට” සමාජ සත්කාර ව්‍යාපෘතිය යටතේ නාවලපිටිය නවතම ශාඛාව විවෘත කිරීමට සමගාමීව, මාපාකන්ද ප්‍රාථමික විදුහල කේන්ද්‍ර කරගනිමින් නාවලපිටිය නගරය ආශ්‍රිත පරිසර පද්ධතියේ සුරක්ෂිතතාවය උදෙසා රුක් රෝපණ වැඩසටහනක් දියත් කරන ලදී. මාපාකන්ද ප්‍රාථමික විදුහලේ ඉගෙනුම ලබන සිසු දරුදැරියන්ගේ අධ්‍යාපන තත්ත්වය උසස් කරලීමෙහිලා ඩිජිටල් ඉගෙනුම් උපකාරයක් ලෙස පරිගණක හා තාක්ෂණික උපකරණ පරිත්‍යාගයක් ද එහිදී සිදුකෙරිණ.

සම්පත් බැංකු සමූහයට පූර්ණ අනුබද්ධිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑල්සී 2005 වසරේ අරඹා ගතවූ වසර 19 ක කාලය ඇතුලත නව්‍යකරණයෙන් පිරිපුන් මූල්‍ය සේවා සම්පාදනය කිරීමෙහිලා කීර්තියක් අත්කරගන්නට සමත්ව සිටියි. සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයක් හරහා පළපුරුදු විශේෂඥ කාර්යය මණ්ඩලයක් සමග විශ්වාසනීය හෘද්‍යාංගම පාරිභෝගික සේවාවක් සපයමින් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින්, කෘෂිකර්මාන්තයේ නියැලි ගොවීන්, වගාකරුවන් මෙන්ම කෘෂි ව්‍යවසායකයන්, ධීවර කර්මාන්තයේ නියැලී සිටින්නන් සහ කාන්තා ව්‍යවසායිකාවන් යනාදී වශයෙන් දිරියෙන් නැගීසිටින්නට වෙරදරන ශ්‍රී ලාංකිකයන් රැසක් සවිබල ගන්වා ඇත.

නාවලපිටිය ගම්පොල පාරේ අංක 54 දරණ ස්ථානයේ පිහිටි සියපත ෆිනෑන්ස් පීඑල්සී නවතම ශාඛාව වෙත පිවිස හෝ අඅඅගිසහ්ච්එය්ගකන වෙත පිවිස සියපත ෆිනෑන්ස් පීඑල්සී වෙතින් පිරිනමන මූල්‍ය සේවාවන් පිළිබඳ වැඩිදුර දැනුවත් විය හැකිය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments