asd
Sunday, September 8, 2024
spot_imgspot_imgspot_img
HomeBiz Newsශ්‍රී ලාංකීක කාන්තාවන් ජාත්‍යන්තර වේදිකාවේ අභිසෙස් ගන්වන Queen of the Sri Lanka...

ශ්‍රී ලාංකීක කාන්තාවන් ජාත්‍යන්තර වේදිකාවේ අභිසෙස් ගන්වන Queen of the Sri Lanka 2.0 තරඟාවලියට අයදුම්පත් ලබාගැනීම ආරම්භ කරයි…

සමාරම්භක වැඩසටහන තුළින් ලද අතිවිශිෂ්ට සාර්ථකත්වය සමඟින් Queen of the World Sri Lanka (QOTW) හි දෙවන දිගහැරීම වන Queen of the World Sri Lanaka 2.0  වැඩසටහන සඳහා නිල වශයෙන් අයදුම්පත් භාරගැනීම සනිටුහන් කිරීම පසුගියදා සිදුවිය.

මෙරට කාන්තාවන් බලගැන්වීම හා  දායකත්වය වෙනුවෙන් වටිනාකමක් එකතුකරමින් Queen of the World Sri Lanka 2.0 සඳහා ශ්‍රී ලාංකීක වයස අවුරුදු 18ට වඩා වැඩි සියලු කාන්තාවන් වෙනුවෙන් අයදුම්පත් යොමුකිරීමේ හැකියාව උදාවී තිබේ.  මෙම තරඟාවලිය විවිධ කාණ්ඩ හතරක් යටතේ ක්‍රියාත්මක වේ. එහිදි සෑම කාන්තාවකටම තමා සතුව ඇති දක්ෂතා , හැකියාවන් මෙන්ම සිය නොසැලෙන ආත්මාභිමානය ප්‍රදර්ශනය කිරීමේ සවිමත් වේදිකාවක් ලෙස Queen of the World Sri Lanka ක්‍රියාත්මක වේ. එහිදි, Miss Category (අවුරුදු 18-29 අතර අවිවාහක) , MS Category ( අවුරුදු 30+ අවිවාහක) Mrs Category (විවාහක), සහ Elite Category  ( අවුරුදු 50+ විවාහක හා අවිවාහක කාන්තාවන්ගේ සුන්දරත්වය , බුද්ධිමත්බව හා කරුණාව සැමරීම උදෙසා) වශයෙන් කාණ්ඩ හඳුනාගත හැකිය.

Queen of the World Sri Lanka 2.0 වැඩසටහන සම්ප්‍රදායක රාමුවෙන් ඔබ්බට ගොස් පුද්ගලික කුසලතා වර්ධනය කර ස්වයං අභිවෘද්ධිය පෝෂණය කිරීම වෙනුවෙන් වැදගත් දායකත්වයක් සපයනු ලබයි. මෙම වැඩසටහනේ මූලික අරමුණ වනුයේ සමාජයට ධනාත්මක බලපෑම් ඇතිකළ හැකි උද්යෝගීමත් හා විවෘත, ශක්තිමත් කතුන් අබිසෙස් ගැන්වීමයි. එම කාන්තාවන් මානුෂිය නායකයෙකු ලෙස , සමාජ උපදේශකයෙකු ලෙස, ක්ෂේත්‍රයේ නැඟි එන තරුවක් ලෙස සමාජයට දායාද කිරීම මෙහිදි සිදුවේ. Queen of the World Sri Lanka 2.0 මෙරට සියලු කාන්තාවන් සවිබලගැන්වීමේ වේදිකාවක් වනු ඇත.

පසුගියදා 2023 වසරේ Elite තරඟ කාණ්ඩය තුළින් ජයග්‍රහණය කරන ලද තුෂාරි ජයකොඩි මහත්මිය මේ සඳහා හොඳම උදාහරණයයි. ඇය ජාත්‍යන්තර වේදකාව තුළ ශ්‍රී ලාංකීක අභිමානය නියෝජනය කළ අතර දහස් සංඛ්‍යාත මෙරට කාන්තාවන් දිරිගන්වමින් Director Queen යන ගෞරවනීය පදවියෙන් ද පිදුම් ලැබීය.

Queen of the World Sri Lanka 2.0 වැඩසටහන සඳහා සහභාගීත්වය දක්වන සෑම තරගකරුවෙකුම හැකියාවෙන් පෝෂණයවීම සිදුවන අතර කීර්තිමත් විද්වත් විනිශ්චය මණ්ඩලයක් මෙම තරඟාවලිය පුරාවට සහයෝගය ලබාදෙනු ලබයි. එමෙන් ජාතික වේදිකාවේ විශිෂ්ට කුසලතා ඔප්නැංවීම වෙනුවෙන් අවශ්‍ය සම්පත් දායකත්වය ලබාදෙනු ඇත.

වයස යනු හුදෙක් අංකයක් පමණක් වන බව නැවත නැවතත් සනාථ කරමින් මෙරට කාන්තාවන් සමාජ සීමාවන්ගෙන් ඔබ්බට රැගෙන යෑමට අවශ්‍ය අද්විතීය ශක්තිය Queen of the World Sri Lanka 2.0 හරහා නිතැතින්ම හිමිවනු ඇත. සිය දක්ෂතා හා හැකියාවන් තවදුරටත් ඔපමට්ටම් කරගැනීමේ බලාපොරොත්තුවෙන් පසුවන සියලු කාන්තාවන් වෙනුවෙන් මෙය වැදගත් අවස්ථාවක් වනු නොඅනුමානය.

Queen of the World Sri Lanka හි ජාතික අධ්‍යක්ෂිකා සහ NS Beauty Globe (Private) Limited හි නිර්මාතෘ / ප්‍රධාන විධායක නිලධාරීනී නදිකා සෙනෙවිරත්න මහත්මිය මෙම අවස්ථාව පිළිබඳව මෙසේ සිය අදහස් දැක්වීය. ” නියෝජිතයෙකු හා ජාත්‍යන්තර ජූරී සභිකයෙකු වශයෙන් ලෝක රැජිනියකගේ ජයග්‍රහණය ඉස්මතු කිරීමට අපි කැපවී කටයුතු කරමු. අපි සක්‍රීය දායකත්වය යටතේ මේ සොයා යන්නේ මීළඟ ශ්‍රී ලාංකීක උරුමය ජාත්‍යන්තර වෙත රැගෙන යන සිය සුන්දරත්වයෙන් ලොවක් වසඟ කළ හැකි , දක්ෂතාවයෙන් හා බුද්ධියෙන් අනූන වූ ශ්‍රී ලාංකීක කාන්තාවයි. ඇය වෙනුවෙන් වේදකාව නිර්මාණය කිරීම Queen of the World Sri Lanka හි අරමුණ වනු ඇත. ජාත්‍යන්තර වේදකාවේ සිය හැකියාව විදිහා දැක්වීම වෙනුවෙන් ඔබ සූදානම් නම් දැන්ම අයදුම්පත් යොමුකරන්න.”

මෙරට කාන්තාවන් ජයග්‍රහණය වෙත රැගෙන යන Queen of the World Sri Lanka 2.0 තරඟාවලිය සඳහා අයදුම්පත් යොමුකිරීමේ හැකියාව ශ්‍රී ලාංකීක කාන්තාවන් වෙනුවෙන් විවෘතව පවතියි. අන්තර්ජාලය ඔස්සේ සිය අයදුම්පත් යොමුකිරීම සඳහා www.qotwsrilanka.com වෙබ් අඩවියට පිවිසෙන්න. ජාත්‍යන්තරය ජයගන්නා මීළඟ ශ්‍රී ලාංකීක රැජිණිය බවට ඔබ පත්කිරීමට අප සූදානම්. ඕනෑම විමසිමක් සඳහා හෝ ලියාපදිංචි සඳහා අපගේ ක්ෂණික ඇමතුම් අංකය 0702022427  ඇමතීමෙන් හෝ WhatsApp හරහා සම්බන්ධ විය හැකියි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments