asd
Sunday, September 8, 2024
spot_imgspot_imgspot_img
HomeBiz Newsශ්‍රී ලාංකේය නව්‍ය කෘෂි සංස්කෘතියක් සඳහා HNB මුලපිරීමක් නොච්චියාගමින් ඇරඹෙයි..

ශ්‍රී ලාංකේය නව්‍ය කෘෂි සංස්කෘතියක් සඳහා HNB මුලපිරීමක් නොච්චියාගමින් ඇරඹෙයි..

ශ්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ විශාලතම පාරිභෝගික බැංකුව වන හැටන් නැෂනල් බැංකුව මෙරට කෘෂිකර්මාන්තය අනාගතයට ගැලපෙන අයුරින් නවීකරණය කරමින් ගොවි ජනතාවට සාර්ථක හෙට දවසක් උදාකර දීම වෙනුවෙන් තවත් සුවිශේෂී ඉදිරි පියවරක් තැබීමට පසුගියදා කටයුතු කරන ලදී. ඒ අනුරාධපුර, නොච්චියාගම ප්‍රදේශයේ ‘HNB සරුසාර’ වැඩසටහන දියත් කරමිනි. නව්‍ය තාක්ෂණය උපයෝගී කරගත් කෘෂිකාර්මික ක්‍රමවේදයන් වැඩි දියුණු කිරීම, ඵලදායීතාව ඉහළ නැංවීම මෙන්ම ගොවි ජනතාවගේ ජීවනෝපාය ඉහළ නැංවීම අරමුණු කරගත් නිවැරදි කෘෂිකාර්මික ශිල්පීය ක්‍රම පිළිබදව මෙහිදී දැනුවත් කළ අතර ඒ සඳහා සහභාගී වූ 700කට අධික කෘෂි ව්‍යවසායකයින්ට තමන් මුහුණ දෙන ගැටළුවලට නිවැරදි විසඳුම් ලබා ගැනීමට ද මෙහිදී අවස්ථාව උදා විය.

නොච්චියාගම ප්‍රදේශයේ 16,000කට අධික ගොවි ජනතාවකගේ කෘෂිකාර්මික ගැටළුවලට විසඳුම් ලබා දීමේ අරමුණින් HNB ක්ෂුද්‍ර මූල්‍ය අංශය විසින් සංවිධානය කරන මෙම පුරෝගාමී වැඩසටහනේ සමාරම්භක පියවර ලෙසද ‘HNB සරුසාර’ සඳහන් කළ හැකිය. දිවයින පුරා විසිරී සිටින කෘෂි ව්‍යාපාර විසඳුම් සේවාවන්හි ප්‍රමුඛතම ආයතන 20කට අධික සංඛ්‍යාවකගේ දායකත්වයෙන් ගොවි ජනතාවගේ දැනුම ඉහළ නංවා ගැනීම වෙනුවෙන් සංවිධානය කළ කෘෂිකාර්මික ප්‍රදර්ශනයක් දැක බලා ගැනීමේ අවස්ථාව ද HNB මෙහිදී උදාකර දී තිබීම විශේෂත්වයක් විය. තවද කෘෂි බෝග බීජවල සිට අස්වැන්න දක්වා සියලු තොරතුරු දැන ගනිමින් සිය කෘෂි කාර්මික කටයුතු වැඩි දියුණු කර ගැනීමේ අවස්ථාවද මෙහිදී ගොවි ජනතාවට හිමි විය.

මෙම සුවිශේෂී අවස්ථාව සඳහා HNB වැඩබලන ප්‍රධාන විධායක නිලධාරී දමිත් පල්ලෙවත්ත, HNB ක්ෂුද්‍ර මූල්‍ය ප්‍රධානී මහින්ද සෙනෙවිරත්න, HNB සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය නිෂ්පාදන හා සබඳතා ප්‍රධානී එන්. කීතිස්වරන්, HNB කලාපීය ව්‍යාපාර ප්‍රධානී (උතුරු මැද කලාපය) නිරෝෂ් එදිරිසිංහ සහ HNB කලාපීය ක්ෂුද්‍ර මූල්‍ය කළමනාකාර (උතුරු මැද කලාපය) හිරාන් කරුණාරත්න යන මහත්වරුන් ඇතුළුව HNB නොච්චියාගම පාරිභෝගික ඒකකයේ කළමනාකාර නුවන් චන්ද්‍රසේකර මහතා ප්‍රමුඛ කාර්ය මණ්ඩලය මෙන්ම උතුරු මැද කලාපයේ HNB පාරිභෝගික ඒකකවල කණ්ඩායම් හා නායකයින් ද එක්ව සිටියේය.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් HNB වැඩබලන ප්‍රධාන විධායක නිලධාරී දමිත් පල්ලෙවත්ත මහතා පැවසුවේ “කෘෂිකර්මාන්තය ප්‍රධාන ජීවනෝපාය කරගත් බහුතර ජනතාවක් සිටින නොච්චියාගම පිහිටවූ ප්‍රථම බැංකුව වන HNB ප්‍රදේශයේ ජනතාව සමඟ මනා සබඳතාවක් ගොඩනඟා ගැනීමට සමත්ව සිටිනවා. ගෙවුණු වසර 45ක කාලය පුරා කාෂිකාර්මික නව්‍යකරණය, තාක්ෂණය තුළින් සිය අස්වැන්න ඉහළ නංවා ගැනීමටත් ඒ හරහා ඔවුන්ගේ ජීවනෝපාය ඉහළ නංවා ගැනීමටත් අවශ්‍ය මඟ පෙන්වීම හා සහයෝගය අප විසින් ලබා දුන්නා. ඉදිරියේදීත් අඛණ්ඩව එම සහයෝගය ගොවි ජනතාව වෙත ලබා දෙමින් කෘෂිකාර්මික අංශයේ හා ශ්‍රී ලාංකේය ආර්ථිකයේ දියුණුව වෙනුවෙන් නව තාක්ෂණය උපයෝගී කොට ගැනීම සඳහා අවශ්‍ය දායකත්වය හා මඟ පෙන්වීම ලබා දීමට අපි කටයුතු කරනවා” යනුවෙනි.

එසේම ගොවි ජනතාවට අවශ්‍ය මූල්‍ය සහයෝගය හා නව්‍යකරණ උපාංග, පුහුණුව මෙන්ම ගොවි ජනතාවගේ උන්නතිය වෙනුවෙන් අවශ්‍ය සියලු පහසුකම් ලබා දීමට HNB කැප වී කටයුතු කරන බව පැවසූ පල්ලෙවත්ත මහතා HNB සරුසාර වැඩසටහන හරහා කෘෂිකාර්මික ක්ෂේත්‍රයට අවශ්‍ය නවීන තාක්ෂණය, අති නවීන ක්‍රමෝපායන් හා මූල්‍ය පහසුකම් සළසා දීම තුළින් ස්මාර්ට් කෘෂිකර්මාන්තය සඳහා අවශ්‍ය දැනුමින් පොහොසත් පරපුරක් නිර්මාණය කිරීමට කටයුතු කරන බව ද පැවසුවේය.

HNB ක්ෂුද්‍ර මූල්‍ය අංශයට ඉතා සුවිශේෂී අවස්ථාවක් වූ HNB සරුසාර වැඩසටහන දියත් කිරීම තුළින් දිවයින පුරා විසිරී සිටින කෘෂි ව්‍යවසායකයින් 30,000කගේ ව්‍යාපාර සාර්ථකත්වයට අවශ්‍ය සහයෝගය ලබා දෙමින් ඉදිරි කාලය තුළ ඔවුන්ගේ ඵලදායීතාව ඉහළ නැංවීමට අරමුණු කොට ගෙන ඇත. විශේෂයෙන් කෘෂි ව්‍යවසායකයින් හට දේශීය හා ගෝලීය වෙළෙඳපොල වෙත පිවිසීමේ අවස්ථාව නිර්මාණය කර දෙන HNB ගැමි පුබුදුව වැඩසටහනව සමඟ එක්ව මෙරට ග්‍රාමීය ප්‍රදේශවල සංවර්ධනය වෙනුවෙන් නව කෘෂි ව්‍යවසායකයින් බිහි කරමින් ඔවුන්ට වඩාත් හොඳ හෙට දවසක් උදා කර දීමට බලාපොරොත්තු වේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments