asd
Friday, October 18, 2024
spot_imgspot_imgspot_img
HomeBiz NewsSLS සහ ප්‍රමුඛතම තත්ත්ව ප්‍රමිති සහතික මගින් බේබි ෂෙරමි ශ්‍රී ලංකාවේ ආරක්ෂිත...

SLS සහ ප්‍රමුඛතම තත්ත්ව ප්‍රමිති සහතික මගින් බේබි ෂෙරමි ශ්‍රී ලංකාවේ ආරක්ෂිත ළදරු සබන් සන්නාමය බවට තහවුරු කරයි. ..

ළදරුවාගේ කායික මානසික යහපත වෙනුවෙන් මවගේ සෙනෙහස අත්‍යවශ්‍ය වේ යන්නට මුල් තැන දෙමින් මවකගේ සෙනෙහසට පමණක් දෙවෙනි, මෘදු හා ආරක්ෂිත ළදරු සබන් නිෂ්පාදනයක් ලෙස බේබි ෂෙරමි නිර්මාණය කර ඇත. ළදරු පරපුරේ සෞඛ්‍ය සම්පන්න බව තහවුරු කරමින් හා ඔවුන්ව ආරක්ෂිතව පෝෂණය කරමින් දශක හයකට වැඩි කාලයක් ළදරුවන්ගේ සෞඛ්‍යයේ සුරක්ෂිත බව රැක ගැනීමට අවශ්‍ය සහය බේබි ෂෙරමි විසින් ලබා දී ඇත. ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයෙන් SLS සහතිකය ලබාගත් පළමු ළදරු සබන් සන්නාමය බේබි ෂෙරමි වීම සන්නාමයේ    ගුණාත්මකබව තවදුරටත්  ශක්තිමත් කිරීමට  පිටිවහලක් වේ. මෙම SLS සහතිකය වැදගත් වන්නේ ළමා රෝග  විශේෂඥයන් විසින් බේබි ෂෙරමි සබන් ළදරු සමට ආරක්ෂිත හා මෘදු බව   මව්වරුන්ට සහතික කර තිබෙන බැවිනි.

හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස් හි අලෙවි අධ්‍යක්ෂ ශියාන් ජයවීර මහතා ප්‍රකාශ කළේ “දශක හයකට වැඩි කාලයක් පුරා බේබි ෂෙරමි නිෂ්පාදනයන්ගේ සුරක්ෂිත බව, සනීපාරක්ෂාව හා විශ්වාසය තුළින් ශ්‍රී ලංකාවේ වඩාත්ම ජනාදරය සහ විශ්වාසය දිනාගත් ළදරු සන්නාමය බවට බේබි ෂෙරමි පත්ව තිබෙනවා.. SLS සහතිකයෙන් සහතික කර ඇති විනිවිදභාවයෙන් යුත් උසස් තත්ත්ව ප්‍රමිතීන් හා නිෂ්පාදන ක්‍රියාවලියන් අනුගමනය කරමින් මව්පියන් හට ඔවුන්ගේ දරුවා බේබි ෂෙරමි සමඟින් සුරක්ෂිත වන බවට වඩාත් තහවුරු කරනවා. ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් සහතික කළ නිෂ්පාදනවල ගුණාත්මකබව පවත්වා ගෙන යාමේ දී, අඛණ්ඩව වෙළෙඳපොළේ පරීක්ෂණ සිදු කරන අතර, එමගින් මෙම නිෂ්පාදනවල ගුණාත්මකබව පිළිබඳව පාරිභෝගිකයා වෙත විශ්වාසයෙන් ප්‍රමිති ආයතනය විසින් තහවුරු කරනවා. මෙම SLS සහතිකයට අමතරව ශ්‍රී ලංකා ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන් හා චර්ම රෝග විශේෂඥයින් විසින් බේබි ෂෙරමි සබන් නිෂ්පාදන ළදරුවන්ට ආරක්ෂිත බවට සහතික කර තිබෙනවා.. සන්නාමයක් ලෙස අප, ISO 9001-2015 ප්‍රමිතියට අනුකූල වෙමින් හොඳම, ආරක්ෂිත හා ගුණාත්මක බවින් උපරිම නිෂ්පාදන සපයන බවට සහතික කරනවා” යනුවෙනි.

ශ්‍රී ලංකාවේ අංක එකේ සහ වඩාත් ජනාදරයට පත් ළදරු සත්කාරක සන්නාමය වීමට අමතරව, බේබි ෂෙරමි Safety Institute සහ පර්යේෂණ සහ සංවර්ධන අංශය විසින් මෙහෙයවනු ලබන පියවර 8කින් යුත් ආරක්ෂණ ක්‍රියාවලියක් ස්ථාපිත කරමින් ආරක්ෂිත ප්‍රමිතීන් ඉහළ නැංවීමට කටයුතු කරයි. මෙම පියවර අටේ ආරක්ෂණ ක්‍රියාවලියට පාරිභෝගිකයින් සමඟ එක් වී නිෂ්පාදන සම-නිර්මාණය  කිරීම , අමුද්‍රව්‍ය  ප්‍රවේශමෙන් තෝරා ගැනීම, අමුද්‍රව්‍යවල ගුණාත්මකභාවය හා ආරක්ෂාව තක්සේරු කිරීම, ඇසුරුම් ප්‍රමිතිය හා ආරක්ෂාව තහවුරු කිරීම, නිෂ්පාදන ආරක්‍ෂිත බවට සායනිකව පරීක්ෂා කර තහවුරු කර ගැනීම, ජාත්‍යන්තර මට්ටමේ නිෂ්පාදන ක්‍රියාවලියක් අනුගමනය කිරීම, නිෂ්පාදනවල ගුණාත්මකභාවය හා ආයු කාලය තක්සේරු කිරීම සහ අඛණ්ඩ වැඩි දියුණු කිරීම් හා ඇගයීමේ ක්‍රියාවලිය  ඇතුළත් වේ. බේබි ෂෙරමි නිෂ්පාදන සන්නාමයේ සියලුම ළදරු නිෂ්පාදනවල මෘදු හා සුමුදු බව සහතික කරමින් අහිතකර නොවන බව සනාථ කර ඇත.

මෙසේ ප්‍රමිති සහතික මගින් බේබි ෂෙරමි සබන් හි ආරක්ෂිත බව තහවුරු කරන අතර ශ්‍රී ලංකාවේ අංක එකේ ළදරු සබන් සන්නාමය ලෙස දරුවන්ගේ ආරක්ෂාව පිළිබඳව දෙමව්පියන්ට විශ්වාසයෙන් සහතික කරයි. උසස් ගුණාත්මක ප්‍රමිතීන් හා විනිවිදභාවයෙන් යුත් නිෂ්පාදන ක්‍රියාවලියන් සමඟින් සන්නාමය සිය නිෂ්පාදනයන් ළදරුවන්ට සුරක්ෂිත වන බවට තවදුරටත් තහවුරු කරයි.

ළදරුවන් සඳහා සුරක්ෂිත ලොවක් ගොඩ නැගීම වෙනුවෙන් ප්‍රධාන සාධක 03ක් ඔස්සේ බේබි ෂෙරමි කැප වී සිටියි. ළදරුවන්ට ආරක්ෂිත උසස් ළදරු නිෂ්පාදන, නිෂ්පාදනය කිරීම සහ බෙදා හැරීම,  ශ්‍රී ලංකාවේ ළදරු නිෂ්පාදන කර්මාන්තය තුළ ආරක්ෂිත ප්‍රමිතීන් සැකසීම සහ ළදරුවන්ට සුරක්ෂිත ලෝකයක් ගොඩ නැගීම සඳහා  දෙමාපියන්ගේ දැනුම නංවාලීම සහ ඔවුන්ව දැනුවත් කිරීම එම ප්‍රධාන සාධක 03යි.  “දරු පැටියාට සුරක්ෂිත ලොවක්” නමින් මාපිය සායනික වැඩසටහන් මාලාවක් දිවයින පුරා පවත්වමින්, දෙමාපිය සමසහභාගිත්වයේ වැදගත්කම, මුල් ළමාවිය සංවර්ධනය සහ ළදරුවන්ට සුරක්ෂිත ලොවක් නිර්මාණය කරන්නේ කෙසේද යන්න පිළිබඳව දැනුවත් කරමින් බේබි ෂෙරමි මෙය සාක්ෂාත් කර ගනු ලබයි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments