asd
Thursday, September 12, 2024
spot_imgspot_imgspot_img
HomeBiz Newsශ්‍රී ලාංකේය ඩිජිටල් අලෙවිකරුවන් අභිෂේක ගන්වන SLIM DIGIS සම්මාන සඳහා අයදුම් පත්...

ශ්‍රී ලාංකේය ඩිජිටල් අලෙවිකරුවන් අභිෂේක ගන්වන SLIM DIGIS සම්මාන සඳහා අයදුම් පත් භාරගැනීම ඇරඹේ…

මෙරට ඩිජිටල් අලෙවිකරණ ක්ෂේත්‍රය ආශ්‍රිත ව්‍යාපාරවල නව්‍යකරණය, නිර්මාණශීලීත්වය, වර්ධනය සහ  කැපී පෙනෙන ජයග්‍රහණ ඇගයීම වෙනුවෙන් ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් සංවිධානය කරනු ලබන SLIM DIGIS සම්මාන උළෙලෙහි 4වන අදියර ‘Celebrate Digital Mastery’ යන තේමාව යටතේ පැවැත්වීමට සැලසුම් කර ඇති අතර,  මෙවර SLIM DIGIS සම්මාන සඳහා අයදුම්පත් කැඳවීම  අගෝස්තු 22 දක්වා ක්‍රියාත්මක වේ. අයදුම්පත් සඳහා https://slim.lk/slim-digis/. වෙබ් අඩවියට පිවිසෙන්න.

ශ්‍රී ලංකාවේ අලෙවිකරණ ක්ෂේත්‍රය ආශ්‍රිත ව ප්‍රමිතීන් යාවත්කාලීන කිරීම සහ නියාමනය වෙනුවෙන් කැප වන ප්‍රමුඛතම ආයතනය ලෙස හඳුන්වා දිය හැකි SLIM ආයතනය, ඩිජිටල් අලෙවිකරණ විශිෂ්ටත්වය වර්ධනය කිරීම අරමුණු කරමින් SLIM DIGIS සම්මාන උළෙල සංවිධානය කරයි. සම්මාන ලාභීන්ට ජාතික වශයෙන් පිළිගැනීමක් ලබා දෙන SLIM DIGIS සම්මාන මගින් ජාත්‍යන්තර සම්මානවලට අයදුම් කිරීම සඳහා ද මං පෙත් විවර කර දෙන අතර, ශ්‍රී ලාංකේය ඩිජිටල් අලෙවිකරණ කුසලතා ලොවට ප්‍රදර්ශනය කිරීමට ද ඉඩ හසර විවර කරයි.

SLIM DIGIS 2024 සම්මාන උළෙල සංවිධානය කිරීම පිළිබඳ ව අදහස් දක්වමින් ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනයේ සභාපති ගයාන් පෙරේරා මහතා පැවසුවේ, “ඩිජිටල් අලෙවිකරණය යනු ඩිජිටල් ක්‍රමවේද හරහා ගනුදෙනුකරුවන් සමඟ සම්බන්ධ වීම පමණක් නොවන බවත්, එය ඩිජිටල්කරණය වූ ලෝකයක් තුළ අලෙවිකරණ ක්ෂේත්‍රයේ පරිණාමය බවත් අවධාරණය කළ යුතුයි. පසුගිය වසර පහ තුළ, ඩිජිටල් අලෙවිකරණ උපායමාර්ගවල සහ ක්‍රියාකාරකම්වල සාර්ථකත්වය ඇගයීම වෙනුවෙන් සංවිධානය කෙරුණු ප්‍රමුඛතම සම්මාන උළෙල විදියට SLIM DIGIS හඳුන්වා දීමට පුළුවන්. මෙම වසරේ දීත් සංවිධානය වන SLIM DIGIS සම්මාන උළෙලෙහි දී මේ රටේ ආයතනික ඩිජිටල් අලෙවිකරණ අංශ සිය හැකියාවන් සහ ජයග්‍රහණ ඉදිරිපත් කරමින් උපරිම තරඟයක් ලබා දෙනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා.”  යනුවෙනි.

 

SLIM ආයතනයේ වැඩසටහන් හා  තිරසාරත්ව අංශයේ උප සභාපති ආචාර්ය දිල්හාන් සම්පත් ජයතිලක මහතා සිය අදහස් දක්වමින් ප්‍රකාශ කළේ, “ඩිජිටල් ක්ෂේත්‍රය අපගේ  නිර්මාණශීලීත්වය ඉතා හොඳින් ප්‍රදර්ශනය කළ හැකි ක්ෂේත්‍රයක්. බොහෝ පුද්ගලයින්ගේ ඩිජිටල් නිර්මාණශීලීත්වය වටා ස්ථාවර පරිසර පද්ධතියක් නිර්මාණය කිරීමට සහාය වූ ක්ෂේත්‍රයක් විදියට ඩිජිටල් අලෙවිකරණ ක්ෂේත්‍රය හඳුන්වා දීමට පුළුවන්. SLIM තවත් වසරක් සඳහා අපගේ පාර්ශවකරුවන්ගේ විශිෂ්ටත්වය ඇගයීමට ලක් කිරීම හැකි වීමද් ගැන මම ඇත්ත වශයෙන් ම ආඩම්බර වෙනවා. ” යනුවෙනි.

මෙවර SLIM DIGIS සම්මාන උළෙලෙ හි ව්‍යාපෘති සභාපතිනිය ලෙස කටයුතු කරන  කෞෂලා අමරසේකර මහත්මිය සිය අදහස් ප්‍රකාශ කරමින් පැවසුවේ මෙවැන්නකි. “ ‘Celebrate Digital Mastery’ යන තේමාව යටතේ මෙවර SLIM DIGIS සම්මාන උළෙල දියත් කිරීමට තීරණය කිරීම ගැන අපි සතුටු වෙනවා.  මේ රටේ ඩිජිටල්  අලෙවිකරණ ක්ෂේත්‍රය ආශ්‍රිත වෘත්තිකයින්ට සිය විශිෂ්ටත්වය ප්‍රදර්ශනය කිරීම සඳහා මෙවර SLIM DIGIS සම්මාන සඳහා අයදුම් කරන ලෙස මම ආරාධනා කිරීමට මෙය අවස්ථාවක් කර ගන්නවා.”

මෙවර SLIM DIGIS සම්මාන උළෙලේ ජූරි ප්‍රධානී උමයිර් වොලිඩ් මහතා පැවසුවේ, “SLIM DIGIS සම්මාන උළෙල සාම්ප්‍රදායික සම්මාන ප්‍රදානෝත්සවයක් නොවන බවත්, එමගින් අපගේ ශ්‍රී ලාංකේය ඩිජිටල් දක්ෂතා සහ නව්‍යකරණයන් සැමරෙන ප්‍රධානතම අවස්ථාවක් බවත්, මෙවර සම්මාන උළෙලේ ජූරි ප්‍රධානියා ලෙස සඳහන් කිරීමට කැමතියි.   ඩිජිටල් අලෙවිකරණ ක්ෂේත්‍රය ආශ්‍රිත විශිෂ්ටත්වය ඇගයීම වෙනුවෙන් සංවිධානය වන ප්‍රමුඛතම සම්මාන උළෙල වන SLIM DIGIS, ශ්‍රී ලංකාවේ ඩිජිටල් අලෙවිකරණ ක්ෂේත්‍රයේ අනාගතය සුබදායක කිරීම වෙනුවෙන් එය සුවිශේෂී කාර්‍යභාරයක් ඉටු කරනවා. මෙවර SLIM DIGIS උළෙලට සහභාගී වන ලෙස මම ශ්‍රී ලංකාවේ ඩිජිටල් අලෙවිකරණ ක්ෂේත්‍රය ආශ්‍රිත සියලු දෙනාට  ආරාධනා කරනවා.” යනුවෙනි.

SLIM DIGIS සම්මාන පිළිබඳ වැඩි විස්තර සහ තරඟයට ඇතුළත් වීම පිළිබඳ විස්තර සඳහා, කරුණාකර www.slim.lk/slim-digis. වෙත පිවිසෙන්න. නැති නම් ගංගානී – 070 326 6988 අමතන්න.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments