asd
Friday, October 18, 2024
spot_imgspot_imgspot_img
HomeBiz NewsSLT-MOBITEL වෙතින් Uber වෙනුවෙන් විශේෂ සන්නිවේදන සම්බන්ධතා විසඳුම් හඳුන්වා දෙයි ...

SLT-MOBITEL වෙතින් Uber වෙනුවෙන් විශේෂ සන්නිවේදන සම්බන්ධතා විසඳුම් හඳුන්වා දෙයි …

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදකවන SLT-MOBITEL සහ ශ්‍රී ලංකාවේ වඩාත්ම ප්‍රියකරන ප්‍රවාහන සහ ආහාර බෙදාහැරීමේයෙදුම වන Uber, යෙදුමේ ලියාපදිංචි වී වෙළෙඳ, බෙදාහැරීමේ හා රියදුරු   හවුල්කරුවන්ගේ අවශ්‍යතා වෙනුවෙන් සුවිශේෂී ප්‍රතිලාභ සහිත ජංගම දුරකථන පැකේජයක් හඳුන්වා දීමට පියවර ගෙන ඇත.

මෙම ගිවිසුම අත්සන් තැබීමේ අවස්ථාවට සමාගම් දෙකේ ප්‍රධාන පෙළේ නිලධාරීන් පිරිසක් සහභාගී වූ අතර, එහිදී මෙම විශේෂ ‘Uber Package’ නිල වශයෙන් හඳුන්වා දෙන ලදී.

මෙම පැකේජය දුරකථන සහ අන්තර්ජාල සම්බන්ධතාවයේ වැදගත්කම සැ ලකිල්ලට ගෙන,යෙදුම් මත පදනම් වූ ආර්ථිකය තුළ, ඉහළ දත්ත භාවිතය සමඟ, ඇමතුම් සහ SMS අවශ්‍යතා අසමසම මිලකට සපුරාලයි. මෙම පැකේජයේ රු 597ක අසමසම මිලකට Uber, Google Maps සහ WhatsApp සඳහා දත්ත 15GBක ප්‍රමාණයක්ද ,බ්‍රවුසින් සඳහා අමතර දත්ත 5GBක ප්‍රමාණයක්ද ඇතුළත් වේ.ඊට අමතරව, ඕනෑම ජාලයකට විනාඩි 750ක ඇමතුම් සහ SMS 750ක්ද හිමි වේ.

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වශයෙන් SLT-MOBITEL විවිධාකාර ඩිජිටල් විසඳුම් ඔස්සේ රටේ සම්බන්ධතා පහසුකම් නංවාලීම සඳහා කැප වී සිටී. Uber සමග ඇතිකරගත් මෙම හවුල්කාරීත්වය එම මෙහෙවරෙහි එක් වැදගත් ඉදිරි පියවරක් ලෙස හැඳින්විය හැකි වේ.

Uber සමග ලියාපදිංචි වී සිටින වෙළඳුන්, කුරියර් සේවා සම්පාදකයන් සහ රියදුරන් ඇතුළු සියලුම දෙනාට විශිෂ්ටතම සම්බන්ධතාවක්, උපරිම පහසුවක් සමග ගෙවන මිලට උපරිම වටිනාකමක් හිමිවන ආකාරයට මෙම පැකේජය සැලසුම්කර ඇත. මෙය Uber සේවා භාවිතාකරන සියලුම දෙනාට ප්‍රතිලාභ හිමිවන පියවරක් වනු නිසැක ය.

#170# ඩයල් කිරීම, පැකේජයේ වටිනාකම රීලෝඩ් කිරීම හෝ SLT-MOBITEL Self-care app වෙත පිවිසී අදාළ ක්‍රමවේදය අනුගමනය කිරීම මගින් SLT-MOBITEL Uber පැකේජය සක්‍රීය කරගත හැක.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments