asd
Thursday, October 17, 2024
spot_imgspot_imgspot_img
HomeBiz NewsHNB Finance “දිරියෙන් දියුණුවට“ මූල්‍ය සාක්ෂරතා වැඩමුළුවේ තවත් අදියර දෙකක් කුරුණෑගල සහ...

HNB Finance “දිරියෙන් දියුණුවට“ මූල්‍ය සාක්ෂරතා වැඩමුළුවේ තවත් අදියර දෙකක් කුරුණෑගල සහ කෑගල්ලේදී ..

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන HNB Finance PLC සිය ක්ෂුද්‍ර  සහ කුඩා පරිමාණ ව්‍යවසායකයින්ගේ මූල්‍ය සාක්ෂරතාව වර්ධනය කරනු පිණිස ක්‍රියාත්මක කරන “දිරියෙන් දියුණුවට මූල්‍ය සාක්ෂරතාව” ව්‍යාපෘතියේ තවත් අදියරක් පසුගියදා කුරුණෑගල  සහ  කෑගල්ල දිස්ත්‍රික්කයන් කේන්ද්‍රගත කරමින් පැවැත්විණ. HNB Finance සමාගමේ ආයතනික සමාජ වගකීම් ප්‍රවේශය යටතේ දියත් කර ඇති මෙම වැඩසටහන පසුගිය වසර කිහිපය මුළුල්ලෙහිම දිවයිනේ විවිධ පළාත්වල සංවිධානය කරන ලදි. වැඩසටහන් මගින් ක්ෂුද්‍ර සහ කුඩා පරිමාණ ව්‍යවසායකයින් විශාල පිරිසකගේ  මූල්‍ය සාක්ෂරතාව හා තිරසාරව ව්‍යාපාරය පවත්වාගෙන යාමේ ශක්‍යතාව ඉහළ නංවාලීමට සමාගමට හැකි විය.

HNB Finance හි නිපුණතා සංවර්ධන අංශ ප්‍රධානී අනුර උඩවත්ත මහතා විසින් මෙම මූල්‍ය සාක්ෂරතා වැඩසටහන් මාලාව මෙහෙයවන ලද අතර මෙහිදී ව්‍යාපාරයන්හි ගිණුම් පවත්වාගෙන යෑම, ණය කළමනාකරණය, ලාභයෙන් කොටසක් ප්‍රතිආයෝජනය කිරීම, ව්‍යාපාරයේ පිරිවැය කළමනාකරණය හා නව ව්‍යාපාරික අවස්ථා සොයා යාම ආදී අංශයන් පිළිබඳව ක්ෂුද්‍ර සහ කුඩා පරිමාණයේ ව්‍යවසායකයින් දැනුවත් කරන ලද අතර පසුගියදා පැවති වැඩසටහන් ද්විත්වය සඳහා ව්‍යවසායකයින් 300කට අධික පිරිසක් සහභාගී වූහ. මෙම වැඩසටහන් සඳහා සහභාගී වූ ව්‍යවසායකයින් අතුරින් වඩාත්ම නිර්මාණාත්මක අදහස් ඉදිරිපත් කරන ලද ව්‍යවසායකයින්  තෝරා ගනිමින් එම අදහස් සඳහා ත්‍යාග හිමිකර දීමට ද HNB Finance සමාගම කටයුතු කරන ලදි. මෙයට අමතරව සමාගම විසින් නිර්මාණය කළ“දිරියෙන් දියුණුවට මූල්‍ය සාක්ෂරතා” අත්‍පොත මෙහි පැමිණි සියලු ව්‍යවසායකයින්ට ලබා දීම සිදු කෙරිණ.

HNB Finance PLC විසින් දිගුකාලීනව සිදු කරනු ලබන මෙම මූල්‍ය සාක්ෂරතා වැඩසටහන පිළිබඳව HNB Finance හි කළමනාකර අධ්‍යක්ෂ ප්‍රධාන විධායක නිලධාරී චමින්ද ප්‍රභාත් මහතා “මූල්‍ය සාක්ෂරතාව ඕනෑම ව්‍යාපාරයක මූලික විනයයි. මූල්‍ය සාක්ෂරතාවක් නොමැතිව ව්‍යාපාරයක් සාර්ථකව පවත්වාගෙන යන්නට නොහැකියි. මේ තත්වය තේරුම් ගනිමින් විශේෂයෙන්ම ක්ෂුද්‍ර සහ කුඩා ව්‍යාපාරික ප්‍රජාවගේ මූල්‍ය සාක්ෂරතාව හා තිරසාරව ව්‍යාපාරය පවත්වාගෙන යාමේ හැකියාව ඉහළ නංවාලීම සඳහා පසුගිය වසර කිහිපය පුරාවටම වැඩි දායකත්වයක් දක්වා තිබෙන අතර මෙම වැඩසටහනේ පළමු අදියරෙහි සිට මේ දක්වා ඉතාම ක්‍රමානුකූලව ව්‍යාවසායකයින් සඳහා මූල්‍ය සාක්ෂරතාව ලබා දීමට අපට හැකි වී තිබෙනවා.එමෙන්ම ක්ෂුද්‍ර ව්‍යවසායන් ආරම්භ කිරීම සඳහා වන කාරක ප්‍රාග්ධනය ලබා දීමේ සිට අඛණ්ඩව එම ව්‍යාපාරයන් සුළු හා මධ්‍ය පරිමාණයේ ව්‍යාපාරයන් හෝ එයිනුත් ඔබ්බට ගෙන යෑම සඳහා වන සෑම උපකාරයක්ම ලබාදීමට සමාගමක් ලෙස අපි කටයුතු කරනවා” යනුවෙන් පැවසීය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments