asd
Thursday, October 17, 2024
spot_imgspot_imgspot_img
HomeBiz News‘Uber Green’ පරිසර හිතකාමී ප්‍රවාහන විසඳුම දැන් ශ්‍රී ලංකාවේ ..

‘Uber Green’ පරිසර හිතකාමී ප්‍රවාහන විසඳුම දැන් ශ්‍රී ලංකාවේ ..

Uber පසුගියදා කොළඹදී සිය ජාත්‍යන්තර තිරසාරත්ව ව්‍යාපෘතිය වන ‘Uber Green’ නිල වශයෙන් මෙරටට හඳුන්වා දුන්නේ ය.  මෙමගින් පරිසර හිතකාමී මගීන්ට සිය ගමන් බිමන් සඳහා Uber App හරහා විදුලි වාහන ඉල්ලා සිටීමට හැකියාව ලැබේ. කොළඹ නගරය තුළ ගමන් බිමන්වල යෙදෙන මගීන්ට මෙන්ම බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත යන සහ එහි සිට පැමිණෙන මගීන්ටද Uber Green හරහා විදුලි වාහන වෙන්කරවාගත හැකි වේ.

මේ ආකාරයට ‘Uber Green’ ශ්‍රී ලංකාව හඳුන්වා දෙන ලද්දේ 2040 වර්ෂය වන මෙරට ගමනාගමන ක්ෂේත්‍රය තුළ අහිතකර වායු විමෝචනය මුලිනුපුටා දැමීමට දායක වීමේ අරමුණිනි. ඉදිරියේදී ශ්‍රී ලංකාව තුළ තම සේවාවන් සඳහා වැඩි වශයෙන් විදුලි රථවාහන භාවිතා කිරීමට Uber බලාපොරොත්තු වෙයි.

ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වී සිටි Uber ප්‍රධාන මූල්‍ය නිලධාරී ප්‍රශාන්ත් මහේන්ද්‍ර-රාජා මහතා විසින් මෙම සේවාවේ ආරම්භය නිල වශයෙන් නිවේදනය කරන ලදි. එම අවස්ථාවේදී අදහස් දක්වමින් ඒ මහතා මෙසේ පැවසී ය.  

 “2040 වසර වන විට අපගේ සේවාවන් තුළ විදුලි බලයෙන් ධාවනය වන රථවාහන පමණක් භාවිතා කිරීම අපගේ ඉලක්කයයි. එහි එක් පියවරක් වශයෙන් Uber Green ශ්‍රී ලංකාවට හඳුන්වා දීමට හැකි වීම අපට මහත් සතුටක්. මෙම සේවාව ක්‍රියාත්මක වන 17 වන රට ශ්‍රී ලංකාවයි. හවුල්කාරීත්වයන් යනු බලසම්පන්න දෙයක් බව අප විශ්වාස කරනවා. ඒ නිසා, ප්‍රවාහන ක්ෂේත්‍රය තිරසාර කිරීම ඔස්සේ දේශගුණ විපර්යාස සහ පරිසර දූෂණය අවම කිරීමට ලොව පුරා නගර සහ රජයන් දරන ප්‍රයත්නයන් සමග අත්වැල් බැඳගැනීමට අප සෑම විටම උත්සාහ කරනවා.”

මෙම නව පියවර සම්බන්ධයෙන් Uber Mobility – Sri Lanka මෙරට කළමනාකාරිනී කෞශල්‍යා ගුණරත්න මහත්මිය මෙසේ අදහස් දැක්වූවා ය.

“Uber සතු විශිෂ්ටතම සේවාවන් ශ්‍රී ලංකාවට රැගෙන ඒමේ උත්සාහයේ එක් පියවරක් වශයෙන් මේ ආකාරයට Uber Green ශ්‍රී ලංකාවට හඳුන්වා දීමට හැකි වීම අපට මහත් සතුටක්. විදුලි වාහන සහ ඒ සම්බන්ධ යටිතල පහසුකම් ආදිය වැඩිදියුණු වීමට සමගාමීව මෙම සේවාව මෙරට තවත් නගර වෙත ව්‍යාප්ත කරමින්, ශ්‍රී ලාංකිකයන්ට වඩාත් පහසුවෙන් විදුලි රථවාහනවල ගමන් කිරීමට අවස්ථාව සලසා දීමට අප බලාපොරොත්තු වෙනවා.”

Uber සමාගමේ අරමුණ වන්නේ, 2030 වසර වනවිට යුරෝපයේ සහ උතුරු ඇමරිකාවේත්, 20240 වසර වනවිට සෙසු රටවල් හා කලාපවලත් අහිතකර වායු විමෝචනය සම්පූර්ණයෙන්ම තුරන් කළ ප්‍රවාහන සේවාවක් බවට පත්වීම ය. සාමාන්‍ය ජනතාවට සාපේක්ෂව Uber රියදුරන් 5 ගුණයක් වේගයෙන් විදුලි වාහන භාවිතයට යොමුවෙමින් සිටිති. මේ නිසා වායු විමෝචනය අතින් සාමාන්‍ය රියදුරන්ට සාපේක්ෂව වඩාත් යහපත් ප්‍රතිඵල අත්කර ගැනීමට ඔවුන්ට හැකි වී තිබේ. මෙය Ridesharing කර්මාන්තයට වඩාත් වේගයෙන් තිරසාරත්වය ළඟා කරගැනීමට හැකියාව තිබෙන බව සනාථ කරන සාධකයකි.

‘Science Based Targets Initiative’ මගින්ද Uber සමාගමේ කෙටිකාලීන හා දීර්ඝකාලීන විද්‍යාත්මක වායු විමෝචන ඉලක්ක අනුමත කර තිබේ. ඒ ආකාරයට සිය ඉලක්ක සඳහා ‘Science Based Targets Initiative’ හි අනුමැතිය හිමි වූ ප්‍රථම ඇමරිකානු සමාගම් 30 අතරට එක්වීමට Uber සමාගමට හැකියාව ලැබිණි.

Uber Green භාවිතා කරන ආකාරය:

  • Uber App විවෘත කර ‘Where to’ කොටසේ ඔබට යා යුතු ස්ථානය සඳහන් කරන්න.
  • තිරයේ යට ඇති ‘Uber Green’ කොටස තෝරන්න.
  • ඔබේ ගමනාන්තය සහ මිල ඇතුළු තොරතුරු පරීක්ෂා කර Confirm Green කොටස ක්ලික් කරන්න.
  • දැන් සතුටින් ඔබේ ගමනාන්තය වෙත යන්න.
RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments