asd
Wednesday, October 16, 2024
spot_imgspot_imgspot_img
HomeBiz NewsSLICGL,- RDB සමඟ බැංකු-රක්ෂණ අවබෝධතා ගිවිසුමකට..

SLICGL,- RDB සමඟ බැංකු-රක්ෂණ අවබෝධතා ගිවිසුමකට..

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ජෙනරල් ලිමිටඩ් (SLICGL), තම පාරිභෝගිකයින්ට වඩාත් පහසු හා  පුළුල් ආවරණයකින් යුත් රක්ෂණ සේවා සැපයීම සඳහා, සංවර්ධන මුල්‍ය පහසුකම් සඳහා ඇප කැප වූ ප්‍රමුඛතම මුල්‍යායතනයක් වන ප්‍රාදේශීය සංවර්ධන බැංකුව (RDB) සමඟින්  බැංකු-රක්ෂණ (bancassurance) අවබෝධතා ගිවිසුමකට එළැඹ තිබේ.

මෙම සුවිශේෂී අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම, සමාගම් ද්විත්වයේ ඉහළ කළමනාකාරීත්වයේ සහභාගීත්වයෙන්, කැළණියේ පිහිටි ප්‍රාදේශීය සංවර්ධන බැංකු මූලස්ථානයේදී පසුගියදා සිදුකරනු ලැබීය. රක්ෂණ ක්ෂේත්‍රයේ නව මං සලකුණක් විවර කරමින් මෙම හවුල්කාරීත්වය, ග්‍රාමීය ජනතාවට පහසුවෙන් ප්‍රවේශ විය හැකි සේවා සපයමින් ඔවුන්ව සවිබල ගැන්වීමෙහිත්, ග්‍රාමීය ආර්ථිකය නඟා සිටුවීමට දායකත්වය දැක්වීමෙහිත් ලා යෝධ පියවරක් සනිටුහන් කරයි.

මෙම බැංකු-රක්ෂණ හවුල්කාරීත්වය ඔස්සේ, SLICGL සතුව ඇති පුළුල් පරාසයක රක්ෂණාවරණ සේවා,  දිවයින පුරා පැතිරුණු ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ ශාඛා ජාලය තුළින් ලබාදීමට හැකියාව ලැබෙනු ඇත. අද වන විට, ප්‍රාදේශීය සංවර්ධන බැංකුව, තමන් හා රැඳී සිටින ගනුදෙනුකරුවන්ගේ ගිණුම් මිලියන හයකට අධික ප්‍රමාණයක් සමඟින්, දිවයින පුරා පැතිරුණු ශාඛාවන් 272 ක ජාලයක් දක්වා විහිදී තිබේ. මෙම පාරිභෝගිකයින්ට තම එදිනෙදා බැංකු කටයුතු සිදු කරන අතරවාරයේදීම, රථවාහන රක්ෂණ, ගිනි අනතුරු රක්ෂණ සහ සාමාන්‍ය රක්ෂණ ඇතුළු ඕනෑම රක්ෂණාවරණයක් පහසුවෙන් ලබා ගැනීමට හැකියාව ලැබී ඇත.

මෙම හවුල්කාරීත්වය, පාරිභෝගිකයන්ගේ දිනෙන් දින වර්ධනය වන අවශ්‍යතාවන් සපුරාලීම උදෙසා, නව්‍ය, විශ්වාසනීය, පහසුවෙන් ලබා ගත හැකි රක්ෂණාවරණයන් ලබාදීමට ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ජෙනරල් ලිමිටඩ් දරණ  කැප වීම  මනාව පිළිබිඹු වේ. ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ  දීප ව්‍යාප්ත ශාඛා ජාලය සහ විශ්වසනීය මුල්‍ය ආයතනයක් ලෙසට ඔවුන් අත්පත් කොටගෙන තිබෙන කීර්තිය ඉවහල් කොට ගනිමින්, වඩාත් වැඩි පිරිසක් වෙත ලඟා වෙමින් පුළුල් රක්ෂණාවරණයන් ගෙන ඒමට ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ජෙනරල් ලිමිටඩ් සමත් වනු ඇත.

තවදුරටත්, මෙම හවුල්කාරීත්වය එළැඹීම මඟින්, ප්‍රාදේශීය සංවර්ධන බැංකුවට තමන්ගේ සේවා එකතුව තව තවත් පුළුල් කිරීමට හැකියාව ලැබෙනු ඇත. එසේම, ඔවුන්ට මුල්‍ය පහසුකම් සපයන්නා ලෙසට, තම බැංකු සේවා සමඟින් පුළුල් රක්ෂණාවරණයන් ද සපයමින් තම ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතාවයන්ට සරිලන සේවාවක් සැපයීමටද හැකි වනු ඇත.

මෙම උපාය මාර්ගික බැංකු-රක්ෂණ හවුල්කාරීත්වය, ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ජෙනරල් ලිමිටඩ් සහ ප්‍රාදේශීය සංවර්ධන බැංකුව යන සමාගම් දෙකටම, තම ව්‍යාපාර නාමයන් සවිබල ගන්වා ගැනීමට සහ වඩාත් පුළුල් පරාසයක පාරිභෝගිකයන් වෙත ලඟා වීම සඳහා අවස්ථාවක් උදා වනු ඇත. එසේම, ග්‍රාමීය ප්‍රජාව මූල්‍ය සේවා සඳහා ඇතුළත් කොට ගැනීමක් මේ ඔස්සේ සිදුවන අතරම, ඔවුන්ගේ ආර්ථික ස්ථාවරත්වයටද මෙය විශාල ශක්තියක් සපයනු ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments