asd
Wednesday, October 16, 2024
spot_imgspot_imgspot_img
HomeBiz Newsඩර්ඩන්ස් රෝහල තුනවන වරටත් විශිෂ්ටත්වය තහවුරු කරමින් JCI ප්‍රමිතියෙන් පිදුම් ලබයි ..

ඩර්ඩන්ස් රෝහල තුනවන වරටත් විශිෂ්ටත්වය තහවුරු කරමින් JCI ප්‍රමිතියෙන් පිදුම් ලබයි ..

ඩර්ඩන්ස් රෝහල, සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව යළිත් වරක් තහවුරු කරමින් 3 වැනි වරටත් ජාත්‍යන්තර ඒකාබද්ධ කොමිසමේ (JCI) සහතිකය දිනාගැනීමට සමත්විය. මෙම පිළිගැනීම ඔස්සේ ඩර්ඩන්ස් රෝහල රෝගීන්ගේ රැකවරණය සහ ආරක්ෂාව වෙනුවෙන් සිදුකරන විශිෂ්ට වූ කැපවීම සංකේතවත් කරන අතරම, සෞඛ්‍ය සේවාව වෙනුවෙන් ඩර්ඩන්ස් රෝහල සපයනු ලබන ශක්තිමත්, මෙන්ම විශ්වාසදායක සේවාව නිසා වෛද්‍ය සංචාරක ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාවේ කීර්තිනාමය ද වර්ධනය කිරීමට ද එය සමත් වී තිබේ.

JCI මගින් සිදුකරන ප්‍රතීතන ක්‍රියාවලිය විශේෂඥයින්ගේ අධීක්ෂණය යටතේ සිදුවන අතර, ඔවුන් විසින් රෝහලේ ක්‍රියාවලීන් සහ මෙහෙයුම්වලට අදාළ මූලිකාංග 1,200කට අධික ප්‍රමාණයක් මේ ඔස්සේ ආවරණය කරන ලදී. එම ආවරණ අතරට රෝගී සත්කාර, ආරක්ෂක ක්‍රියාපටිපාටීන්, රෝහල් මෙහෙයුම් සහ පාලනය වැනි ක්ෂේත්‍ර ද ඇතුළත් විය. ඒ අනුව, උසස් රෝගී ආරක්ෂණ ක්‍රියාපටිපාටියක් ක්‍රියාත්මක කිරීම, අඛණ්ඩ තත්ත්ව පාලනය, කාර්ය මණ්ඩල පුහුණු වැඩසටහන් සහ රෝගී කේන්ද්‍රීය සත්කාර සේවාවල ගුණාත්මකභාවය හේතුවෙන් ඩර්ඩන්ස් රෝහල නැවත වතාවක් ඇගයීමට ලක්විය. මේ අනුව උසස් සායනික ප්‍රතිඵල, රෝගීන්ගේ ආරක්ෂාව සහ මෙහෙයුම් කාර්යක්ෂමතාව යන රෝගී සත්කාර සේවයේ සෑම අංශයක්ම හොඳම ජාත්‍යන්තර භාවිතයන්ට අනුව සැකසී ඇති බව මෙයින් තහවුරු විය.

මෙම ජයග්‍රහණය පිළිබඳව සිය අදහස් දැක්වූ ඩර්ඩන්ස් රෝහලේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී මහනිල් පෙරේරා ප්‍රකාශ කළේ; JCI මගින් නැවත වතාවක් විශිෂ්ටත්වයට පාත්‍ර වීමට හැකිවීම ඩර්ඩන්ස් අපගේ සමස්ත කාර්ය මණ්ඩලයේ දක්ෂතාවය සහ කැපවීමේ ප්‍රතිඵලයක් මත සිදුවූවක් වන අතර,  එය සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විශිෂ්ටත්වය කරා යන ගමනේ දී ඩර්ඩන්ස් රෝහලේ සේවා ගුණාත්මකභාවය සහ රෝගීන්ගේ ආරක්ෂාව සහ ගුණාත්මක රෝගී සත්කාර සේවාවක් කෙරෙහි ඇති උසස් තත්ත්වය පිලිබඳව අවධානය යොමු කරන බවයි.

ජාත්‍යන්තර ඒකාබද්ධ කොමිසමේ සෞඛ්‍ය සේවය වෙනුවෙන් ලබා දෙන රන් මුද්‍රාව ලබාගැනීම මගින් නැවත වතාවක් විශිෂ්ටත්වය තහවුරු කිරීමට හැකිවීම අපට විශාල ගෞරවයක් වන අතර එම පිළිගැනීම ඔස්සේ වෛද්‍ය සංචාරක ගමනාන්තයක් ලෙස ලෝකය ඉදිරියේ ශ්‍රී ලංකාවේ ස්ථානය තහවුරු කරන අතරම, විදේශිකයන්ට වෛද්‍ය ප්‍රතිකාර සඳහා මෙරටට පැමිණීමට උත්තේජනයක් ලබා දෙනු ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම අවස්ථාව පිළිබඳව අදහස් දැක්වූ ඩර්ඩන්ස් රෝහලේ ජ්‍යෙෂ්ඨ කළමනාකාර තත්ව ආරක්‍ෂණ නිළධාරිනී නිෂාදි විතානගේ ප්‍රකාශ කළේ, සියලුම තත්ව ප්‍රමිතීන් සපුරාලමින් ඉදිරියට යාමට ඩර්ඩන්ස් රෝහල කැපවී සිටින අතර, එය මෙම ජයග්‍රහණය ඔස්සේ මනාවට පිළිබිඹු වන බවයි. මේ වනවිට ඩර්ඩන්ස් අපගේ අවධානය යොමු වී ඇත්තේ ගෝලීය මට්ටමේ සෞඛ්‍ය සේවා ජනතාවට සැපයීම සහ රෝගීන්ගේ අවශ්‍යතා සපුරාලීම සඳහා වන අපගේ ක්‍රියාපටිපාටි අඛණ්ඩව වැඩිදියුණු කිරීම බව ඇය වැඩිදුරටත් පැවසීය.

පුද්ගලානුබද්ධ විශිෂ්ට සෞඛ්‍ය සේවා සත්කාර ලබා දීම කෙරෙහි අවධානය යොමු කරමින්, ඩර්ඩන්ස් රෝහල දේශීය හා විදේශීය රෝගීන්ගේ අවශ්‍යතා සපුරාලීම සඳහා මූලිකත්වය ගෙන කටයුතු කරමින් සිටී. රෝහල මගින් සපයනු ලබන උසස් වෛද්‍ය පහසුකම්, ඉහළ වෘත්තීමය කාර්ය මණ්ඩලය සහ තත්ව ප්‍රමිතීන් පිළිපැදීම, විශ්වාසදායක සහ දැරිය හැකි මුදලකට වෛද්‍ය ප්‍රතිකාර අවස්ථා සපයනු ලබයි. JCI මගින් නැවත වතාවක් තම විශිෂ්ටත්වය තහවුරු කර ඇති ඩර්ඩන්ස් රෝහල, ශ්‍රී ලංකාව වෛද්‍ය සංචාරක ව්‍යාපාරය සඳහා ප්‍රමුඛ ගමනාන්තයක් ලෙස ස්ථානගත කිරීමට, ජාතික ආර්ථිකයට සහය වීමට මෙන්ම නව විදේශ මුදල් ආදායම් මාර්ග ආකර්ෂණය කර ගැනීමට ද සූදානමින් සිටී.

ඩර්ඩන්ස් රෝහල සහ එහි සේවාවන් පිළිබඳ වැඩි විස්තර සඳහා www.durdans.com අඩෙවිය හෝ ඕනෑම දුරකථන ජාලයකින් 1344 ඇමතීමෙන් හෝ එසේත් නැතිනම් contactus@durdans.com විද්‍යුත් තැපෑලක් එවීමෙන් ලබාගත හැකිය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments