asd
Wednesday, October 16, 2024
spot_imgspot_imgspot_img
HomeBiz Newsනීත්‍යනුකූල නොවන ආනයනයන්ගෙන් රජයේ ආදායමට විශාල පාඩුවක් ...

නීත්‍යනුකූල නොවන ආනයනයන්ගෙන් රජයේ ආදායමට විශාල පාඩුවක් …

දිගු කලක් තිස්සේ නීත්යනුකූල නොවන ක්රමවේද ඔස්සේ වෙළෙඳපොළ වෙත විවිධ නිෂ්පාදන පැමිණීම මෙන් මිල ගණන් අඩු නිසා ගුණාත්මක බවින් හා වගකීමකින් තොර එම නිෂ්පාදන පාරිභෝගික ජනතාව අතර ප්රචලිත වීම ඛේදනීය තත්ත්වයක් ලෙස පැවසිය හැකි . එමෙන් මෙම අක්රමවත් වෙළෙඳාම නිසා රජයේ ආදායමට සිදුවන්නේ සම කළ නොහැකි හානියක් බව පැවසිය යුතු කරුණකි. කෙසේ වෙතත් මෙම අනවසර ආනයනයන් මගින් දේශීය ආර්ථිකය හා පාරිභෝගික ආරක්ෂණය ආශ්රිත ගැටලු  රාශියක් නිර්මාණය වන බව අවධාරණය කළ යුතු .

මෙම අනවසර ආනයන හා වෙළෙඳ කටයුතු හරහා යම් සන්නාමයක හිමිකාරිත්වය දරන සමාගමේ අනුමැතියකින් තොර , අදාළ සන්නාමයට අයත් නිෂ්පාදන මෙරටට ගෙන්වා අලෙවි කිරීම බහුල වශයෙන් දක්නට ලැබෙන අතර, එමගින් විදේශ විනිමය ආශ්රිත ගැටලු නිර්මාණය වීම නිසා දේශීය ආර්ථිකය දැඩි අර්බුදකාරී තත්ත්වයකට මුහුණ පාන බව පැවසිය යුතු . මෙම අනවසර ආනයන හා වෙළෙඳ කටයුතු නිසා 2023 වසරේ දී පමණක් ශ්රී ලංකාවට රුපියල් බිලියන 3.1 (ඇමරිකානු ඩොලර් මිලියන 9.4) බදු ආදායමක් සහ රුපියල් බිලියන 31.6 (ඇමරිකානු ඩොලර් මිලියන 96) විදේශ විනිමයක් අහිමි වී ඇති බව වාර්තා පෙන්වා දෙයි.

එමෙන් නීත්යානුකූල ලෙස  ආනයනය කරනු ලබන නිෂ්පාදනවල මිල ඉහළ යාම හේතුවෙන් 2023 වසරේ දී දේශීය වෙළෙඳපොළ තුළ අලෙවි වී ඇති නීත්යනුකූල නොවන නිෂ්පාදනවල වටිනාකම රුපියල්  බිලියන 2.5 ඉක්මවන බව අනුමාන කර ඇතත්, මෙම ක්රියාවලියේ ඇති  රහසිගත ස්වභාවය නිසා අදාළ මිල ගණන් ප්රාමාණික ගණන් බැලිය නොහැකි අතර, එහි බලපෑම ගිණිය නොහැකි තරම් ප්රබල බව පැවසිය යුතු .

මෙම තත්ත්වය නිසා නීත්යානුකූල ලෙස ක්රියාත්මක වන ව්යාපාර සඳහා දැඩි බලපෑමක් එල්ල වන අතර, නීත්යනුකූල නොවන වෙළෙඳපොළ මිල ගණන් සමඟ ඔවුන්ගේ මිල ගණන් සැසඳිය නොහැකි වීම දැඩි අර්බුදකාරී වාතාවරණයක් නිර්මාණය කිරීමට සමත් වී ඇත. එමෙන් මෙම ආනයනික නීත්යනුකූල නොවන නිෂ්පාදන මිල දී ගැනීම නිසා පාරිභෝගික ජනතාව විවිධ අපහසුතාවන්ට ගොදුරු වෙති. මෙම නිෂ්පාදනවලට නිසි වගකීමක් නොමැති වීම, නිසි අලෙවියෙන් පසු සේවාවක් ලබා ගැනීමට නොහැකි වීම, අලුත්වැඩියා කටයුතු සඳහා අමතර කොටස් නොමැති වීම මෙන් අලුත්වැඩියා කටයුතු සඳහා අධික පිරිවැයක් දැරීමට සිදු වීම මේ අතරින් ප්රධානතම ගැටලු ලෙස හඳුන්වා දිය හැකි .

නීත්යනුකූල නොවන ආනයන හරහා ශ්රී ලාංකේය වෙළෙඳපොළ වෙත එල්ල වන අභියෝග ජය ගනිමින් ඉදිරියට යාම සඳහා විවිධ උපක්රම භාවිත කළ යුතු අතර, නියාමන ක්රියාවලිය ශක්තිමත් කිරීම, පාරිභෝගික දැනුවත්භාවය ඉහළ නැංවීම සහ නීත්යානුකූල ව්යාපාරවලට සහාය දැක්වීම අත්යවශ් වේ. එමෙන් මෙවැනි අක්රමිකතා මැඩපැවැත්වීම සහ සමස්ත ශ්රී ලාංකිකයින් ආරක්ෂා කරමින් ශක්තිමත් සහ සාධාරණ ආර්ථිකයක් ගොඩනැංවීම රජයේ වගකීමක් බව අවධාරණය කළ යුතු .

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments