asd
Thursday, October 17, 2024
spot_imgspot_imgspot_img
HomeBiz NewsAlumex PLC විසින් 2024 ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන උළෙලේදී Pinnacle රන්...

Alumex PLC විසින් 2024 ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන උළෙලේදී Pinnacle රන් සම්මානය දිනා ගනී..

ශ්‍රී ලංකාවේ ඇලුමිනියම් නිෂ්පාදන ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ විශ්වසනීය සන්නාමයක් වන Alumex PLC විසින් 2024 වසර සඳහා වූ ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන  උළෙලේදී  නිෂ්පාදන ඉංජිනේරු අංශය වෙනුවෙන් රන් සම්මානය දිනා ගන්නා ලදී.  ව්‍යාපාර ක්ෂේත්‍රය තුළ Alumex PLC දක්වන විශිෂ්ටත්වය සහ මෙරට ආර්ථික අභිවෘද්ධිය කෙරෙහි සමාගමක් ලෙස ඔවුන් ලබාදෙන මහඟු දායකත්වය මෙම සුවිශේෂී ජයග්‍රහණය ඔස්සේ මැනවින් පැහැදිලි වේ.

මේ පිළිබඳව සිය නිහතමානී සතුට සහ ප්‍රණාමය පළ කරමින් Alumex PLC හි  කළමනාකාර අධ්‍යක්ෂක ප්‍රමුක් දැදිවෙල මහතා මෙසේ සඳහන් කළේය. “නිෂ්පාදන ඉංජිනේරු අංශයේ විශිෂ්ටතා සම්මානය හිමිවීම  අපට ගෞරවයක් . ඒවගේම  ගෝලීය මට්ටමේ ගුණාත්මකභාවයක් ස්ථාවරව  පවත්වා ගැනීම සඳහා අපගේ කණ්ඩායම විවිධ නව ක්‍රමවේදයන් අනුගමනය කිරීමට දක්වන කැපවීම පිළිබඳව ද මෙය කදිම සාක්ෂියක්. අපගේ නිෂ්පාදන සහ ක්‍රියාවලීන් නව කර්මාන්ත ප්‍රමිතීන්ට අනුගත බව සහතික කරමින් ඉන්ජිනේරු විශිෂ්ටත්වය සහ තිරසාර භාවිතයන් සඳහා පවතින සීමාවන් අතික්‍රමණය කිරීමට අපි උත්සහ කරනවා.මෙහෙයුම් විශිෂ්ටත්වය වෙත ගමන් කරන අපගේ ගමන අඛණ්ඩව සිදු කිරීම කෙරෙහි මෙම සම්මානය ප්‍රබල දිරිගැන්වීමක් වන අතර මේ තුළින් කර්මාන්තයේ ප්‍රමුඛ සන්නාමයක් ලෙස අප ගොඩනගා ගෙන ඇති ස්ථාවරභාවය ද තවදුරටත් සවිමත් කරනවා.”

නිෂ්පාදන විශිෂ්ටත්වය සහ නවෝත්පාදනය තුළින් මෙන්ම නව ප්‍රමිතීන් සකසමින් Alumex PLC අඛණ්ඩව  වෙළෙඳපල ප්‍රමුඛස්ථානය හිමි කරගෙන ඇත. උසස් මට්ටමේ නිෂ්පාදන ශිල්පීය ක්‍රමවේදයන් මෙන්ම තිරසාර භාවිතයන් දියත් කිරීම කෙරෙහි ඔවුන් පුරෝගාමී කාර්යභාරයක් සිදුකර තිබේ. සිය නිෂ්පාදන සහ බෙදාහැරීම් ක්‍රියාවලියේදී පරිසර හිතකාමී බව සඳහා ප්‍රමුඛත්වය ලබාදෙමින් පාරිසරික බලපෑම අවම කිරීමට මෙම සමාගම නිරන්තරයෙන් කටයුතු කරයි. Alumex PLC හි නිෂ්පාදන සැලසුම් කිරීමේ සහ නිමවීමේ ක්‍රියාවලියේදී ඇතිවන බලපෑම තක්සේරු කරමින් එය අවම කරගැනීමට මෙන්ම අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය හරහා නැවත භාවිතයට ගැනීම සහ අපද්‍රව්‍ය කළමනාකරණය කිරීම කෙරෙහි සිය අවධානය යොමු කර ඇත. එමෙන්ම නිෂ්පාදන කටයුතු සඳහා එලෙස ප්‍රතිචක්‍රීකරණය කළ ද්‍රව්‍ය භාවිත කිරීමට ඔවුන් විසින්ම පරීක්ෂණ ද සිදු කරනු ලබයි.

ඉලක්කගත වෙළෙඳපල (Niche Market) වර්ධනය කර ගැනීම කෙරෙහි Alumex PLC හි විශිෂ්ටත්වය සඳහා වූ නොසැලෙන කැපවීම උපකාරී වී ඇත.  සමාගම පාරිභෝගික අවශ්‍යතාවයන් මැනවින් අවබෝධ කරගනිමින් ඊට සරිලන උසස් තත්ත්වයේ නිෂ්පාදන සහ නව්‍ය විසඳුම් පිරිනැමීම කෙරෙහි වැඩි නැඹුරුතාවක් දක්වන අතර එය කර්මාන්ත ක්ෂේත්‍රය තුළ  නව මාර්ගයන් විවර කරමින් වෙළෙඳපල ව්‍යාප්තිය ඉහළ නැංවීම උදෙසා ඉවහල් වී තිබේ.

උසස් තත්ත්වයේ ඇලුමිනියම් නිෂ්පාදන සමඟ 2019 වසරේ සිට මෙරට අපනයන ක්ෂේත්‍රය තුළ නව අපනයන නිෂ්පාදන කාණ්ඩයක් හඳුන්වාදීම කෙරෙහි සමාගම විසින් මූලිකත්වය ගෙන කටයුතු කරන ලදී.එමෙන්ම පසුකාලීනව කැනඩාව, ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, යුරෝපය, නවසීලන්තය, ඕස්ට්‍රේලියාව සහ සිංගප්පූරුව ඇතුළු රටවල් රැසක අන්තර්ජාතික වෙළෙඳපල වෙත සාර්ථකව ප්‍රවේශ වෙමින් ගෝලීය වශයෙන් සිය නිෂ්පාදන ව්‍යාප්ත කිරීමටද  Alumex PLC සමාගමට හැකි විය.

නවෝත්පාදනය සහ විශිෂ්ටත්වය පිළිබඳ  ශක්තිමත් පදනම සමඟ සිය වෙළඳපල  පුළුල් කර ගැනීම සඳහා නව අවස්ථා ගවේෂණය කරමින් සාර්ථකත්වය වෙත සමාගම රැගෙන යාමට Alumex PLC  අපේක්ෂා කරයි. නවීන තාක්‍ෂණික භාවිතයන් සම්බන්ධයෙන් ඉදිරියෙන්ම සිටින සමාගම තිරසාරභාවය  සඳහා  කැපවෙමින්,  මෙහෙයුම් කාර්යක්ෂමතාව සහ නිෂ්පාදන ක්‍රියාවලිය  තවදුරටත් ඉහළ නැංවීම අරමුණු කරගෙන සිටියි. නිෂ්පාදන විවිධාංගීකරණය කිරීම, නව වෙළෙඳපල වෙත ප්‍රවේශ වීම සහ නායකත්වය සවිමත් කිරීම වැනි සාධකයන් සමාගමේ මූලික දැක්ම තුළ අන්තර්ගත වේ. කර්මාන්ත ක්ෂේත්‍රයේ නව ප්‍රමිතීන් සකස් කිරීමට මෙන්ම නිෂ්පාදන ඉංජිනේරු අංශය තුළ ධනාත්මක වෙනසක් සිදු කිරීමට Alumex PLC දක්වන කැපවීම එහි අනාගත වර්ධනය කෙරෙහි බෙහෙවින් ඉවහල් වේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments