asd
Thursday, October 17, 2024
spot_imgspot_imgspot_img
HomeBiz Newsවර්ණකරණයේ නව ජාත්‍යන්තර ප්‍රවණතාවයන් සමඟ ඒෂියන් පේන්ට්ස් කෝස්වේ ‘ColourNext - 2024’ ප්‍රදර්ශනය...

වර්ණකරණයේ නව ජාත්‍යන්තර ප්‍රවණතාවයන් සමඟ ඒෂියන් පේන්ට්ස් කෝස්වේ ‘ColourNext – 2024’ ප්‍රදර්ශනය කොළඹදී..

ශ්‍රී ලංකාවේ විශාලතම පින්තාරු නිෂ්පාදකයෙක් වන ඒෂියන් පේන්ට්ස් කෝස්වේ සමාගම විසින් පසුගියදා ‘ColourNext – 2024’ ප්‍රදර්ශනය කොළඹදී විචිත්‍රවත් අයුරින් පවත්වනු ලැබිණි. මෙම ප්‍රදර්ශනය සහ ඊට සමගාමීව පැවත්වුණු හමුව සඳහා මෙරට ප්‍රවීණතම ගෘහ නිර්මාණ ශිල්පීන් සහ අභ්‍යන්තර නිර්මාණ ශිල්පීන් ඇතුළු වෘත්තියවේදීන් සහ Asian Paints (International) සමාගමේ කලාපීය අධ්‍යක්ෂක සිරීෂ් රාඕ මහතා, Asian Paints (Sri Lanka) සමාගමේ අලෙවිකරණ සහ විකිණුම් සාමාන්‍යාධිකාරී වයිතිලිංගම් කිරිතරන් මහතා, එම සමාගමේ අලෙවි ප්‍රධානී අනුරාධ එදිරිසිංහ මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වයේ සාමාජිකයින් රැසක් සහභාගී වූහ.

Asian Paints (International) සමාගම සෑම වසරකම ගෘහ නිර්මාණ, අභ්‍යන්තර නිර්මාණ, කලා, විලාසිතා නිර්මාණ, මාධ්‍ය සහ සමාජ විද්‍යා යන ක්ෂේත්‍රයන්හි ප්‍රවීණයින් හා එක්ව එම වසර තුළ නිර්මාණකරණය හා සම්බන්ධයෙන් අපේක්ෂා කළ හැකි ප්‍රවණතාවයන් පිළිබඳව අධ්‍යයනයක් සිදු කරන අතර ඊට වඩාත් ජනප්‍රිය විය හැකි වර්ණ, ද්‍රව්‍ය සහ පාරිභෝගික රුචිකත්වය වැනි අංශ ගණනාවක් අයත් වේ. ‘ColourNext’ ඉසව්ව සහ ප්‍රදර්ශනය මෙම අධ්‍යයනයෙහි තොරතුරු ඉදිරිපත් කරන වාර්ෂික වැඩසටහනයි. ‘ColourNext’ දකුණු ආසියාවේ ජනප්‍රියතම සහ සුවිශේෂීතම වර්ණ හා සබැඳුණු ඉසව්ව වන අතර ‘ColourNext – 2024’ ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන පළමු අවස්ථාව මෙයයි.   

මේ පිළිබඳව අදහස් දක්වමින් Asian Paints (International) සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ප්‍රඥාන් කුමාර් මහතා මෙසේ පැවසීය.  “පාරිභෝගිකයින්ගේ අවශ්‍යතාවය වන්නේ තමන්ගේ ජීවන රටාව සහ සංස්කෘතික අනන්‍යතාවය පෙන්නුම් කරන දැකුම්කළු, ආකර්ෂණීය වර්ණයන්ගෙන් ඔවුන්ගේ නිවෙස් අලංකාර කර ගැනීමයි. Asian Paints වශයෙන් අපි ජාත්‍යන්තර වශයෙන් විවිධ නිර්මාණකරණ ක්ෂේත්‍රයන් තුළ දැකිය හැකි වර්ණ ප්‍රවණතාවයන් අධ්‍යයනය කරමින් අපේ පාරිභෝගිකයින්ට ගැලපෙන වර්ණ සංකලනයන් සහ විලාසිතාවන් හඳුන්වාදීමට ක්‍රියා කරනවා. මේ වෙනුවෙන් නිර්මාණ ක්ෂේත්‍රවල ප්‍රවීණයින් රැසක් දැඩි පරිශ්‍රමයක් දරනවා. අපේ පාරිභෝගිකයින්ගේ ජීවන විලාසිතාවන් ඇතුළු සියළුම අවශ්‍යතාවයන්ට සරිලන නවීන වර්ණ විසඳුම් ‘ColourNext – 2024’ හරහා හඳුන්වා දීමට අපට හැකියාව ලැබෙන්නේ මේ දීර්ඝ ව්‍යායාමයක ප්‍රථිඵලයක් වශයෙන්.”

‘ColourNext – 2024’ වාර්තාව විසින් මේ වසරේ වර්ණය ලෙසින් ‘Terra’ වර්ණය හඳුන්වාදුන් අතර එය ශ්‍රී ලංකාවේ සොබා සිරිය හා ගැලපෙන වර්ණයක් වීම විශේෂත්වයකි. ශ්‍රී ලංකාවේ ස්වභාවික වර්ණ පෙළට හිරු එළියෙන් නැහැවුණු මුහුදු වෙරළෙහි රන් පැහැයේ සිට රළු කඳුකරයේ දැකිය හැකි පොළෝ තලයෙහි වර්ණයන් දක්වා පුළුල් පරාසයක් අයත් වන අතර ‘Terra’ වර්ණය මේ පැහැයන්ගේ සිරිය සහ උණුසුම නිවෙස් වෙත කැඳවා ගෙන එන වර්ණයක් ලෙසින් හැඳින්විය හැකිය.

‘Terra’ වර්ණයට අමතරව ‘ColourNext-2024’ වාර්තාව විසින් තවත් ප්‍රධාන වර්ණ ප්‍රවණතාවයන්  හතරක් හඳුන්වාදී ඇති අතර ඊට නිර්මාණකරණ අත්හදා බැලීම් සඳහා ගැලපෙන ‘Soil’, සාගරයේ විශ්මය කැටි කරගත් ‘Into the Deep’, හුරුපුරුදු දර්ශනයන් තුළින් අනාගතයට එබී බලන ‘Retro-futurism’, සැහැල්ලු ජීවන දැක්මක් පරාවර්තනය කරනිඨදඉකසබ ඵදාැ’ අයත් වේ.

‘ColourNext-2024’ හඳුන්වා දීමේ උත්සවය සහ ප්‍රදර්ශනය සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ගෘහ නිර්මාණ ශිල්පීන් සහ අභ්‍යන්තර නිර්මාණ ශිල්පීන් 125 දෙනෙක් සහභාගී වූ අතර සහ නිර්මාණකරණය සහ වර්ණ ප්‍රවණතාවයන් සම්බන්ධයෙන් මේ ආකාරයේ ජාත්‍යන්තර මට්ටමේ ප්‍රදර්ශනයක් පැවත්වීම එම වෘත්තීය ප්‍රවීණයින්ගේ පැසුසමට ලක් වූ කරුණක් විය. ‘ColourNext – 2024’ හරහා ජාත්‍යන්තර වර්ණ ප්‍රවණතාවයන් සහ නිර්මාණකරණය සම්බන්ධයෙන් ලද දැනුම සිය ශ්‍රී ලාංකික සේවාලාභීන් හට නවීන වර්ණ සංකලනයන්ගෙන් විචිත්‍රවත් නූතන නිවෙස් නිර්මාණය සඳහා ඉතා වැදගත් වනු ඇති බවටද ඔවුන් විශ්වාසය පළ කළහ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments