asd
Wednesday, October 16, 2024
spot_imgspot_imgspot_img
HomeBiz Newsරෙදිපිළි කර්මාන්තය පිළිබඳ ශ්‍රී ලංකාරේ  ප්‍රථම  තිරසාර සමුළුව TEEJAY විසින් පවත්වයි....

රෙදිපිළි කර්මාන්තය පිළිබඳ ශ්‍රී ලංකාරේ  ප්‍රථම  තිරසාර සමුළුව TEEJAY විසින් පවත්වයි….

ශ්‍රී ලංකාවේ ප්‍රථම බහුජාතික වෙදිපිළි නිෂ්පාදකයා වන Teejay සමූහය විසින් මෙරට රෙදිපිළි කර්මාන්තය පිළිබඳ ප්‍රථම තිරසාර සමුළුව පසුගිය දා කොළඹදී පවත්වන ලදී. දේශීය ආර්තික අභිවෘධිය   කෙරෙහි පමණක් නොව පාරිසරික, සමාජීය හා පාලනය (ESG) යන අංශවල තිරසාරභාවය කෙරෙහිද Teejay සිදුකරන  මෙහෙවර මෙමඟින් මැනවින් ප්‍රදර්ශනය විය.මෙම සමුළුව තිරසාරභාවය පිළිබඳ Teejay Groups හි දැවැන්ත ප්‍රයත්නවේ පළමු පියවර වන අතර  රසායනික කළමනාකෙණය සහ තිරසාරභාවයේ පුළුල් පැතිකඩ යන කරුණු  ද්විත්වය කෙරෙහිම අවධානය යොමුකිරීමේ වැදගත්කම අවධාරණය කිරීම මුල් කරගනිමින් මෙය පවත්වන ලදී.

පුරෝගාමී තිරසාර ප්‍රවේශයන් ඔස්සේ දේශීය රෙදිපිළි කර්මාන්තය තුළ නිරන්තරයෙන් සිය මිණුම් සලකුණු තැබීමට Teejay සමූහ වයාපාරයට හැකියාව ලැබී ඇත.කර්මාන්තයේ  අනෙකුත් ප්‍රමුඛයන් සමඟ සයෝගීතාවය වර්ධනය කර ගැනීම ඔස්සේ Teejay සමූහය විසින් ABHIVARHA 2030 සැලසුමේ දක්වා ඇති තිරසාර ඉලක්කයන් සාක්ෂාත් කර ගැනීමට ඔවුන් දක්වන කැපවීම තවදුරටත් සවිමත් කරන ලදී.මෙම සුවි‍ශේෂී  ප්‍රයත්නයන් මඟින් තරඟකාරී ගෝලීය රෙදිපිළි වෙළඳපල තුළ ශ්‍රී ලංකාව සදාචාරාත්මක මූලාශ්‍ර කේන්ද්‍රස්ථානයක් ලෙස ස්ථානගත කිරීමට Teejay දක්වන අඛණ්ඩ උත්සාහය මැනවින් පිළිබිඹු වේ.

මෙහිදී, රෙදිපිළි සහ ඇඟලුම්  කර්මාන්තයේ  තිරසාරභාවයේ වැදගත්කම, තිරසාර රෙදිපිළි කර්මාන්තයේ අනාගතය වෙනුවෙන් ESG ඒකාබද්ධ කිරීම (දේශගුණික ක්‍රියා),ගෝලීය රෙදිපිළි සහ ඇඟලුම්   කර්මාන්තයේ  සොයා ගැනීම් සහ විනිවිදභාවය, ජාතික ප්‍රතිපත්ති, රෙදිපිළි කර්මාන්තයේ සැලසුම් සහ ක්‍රියාමාර්ග,UN SDG ඉලක්ක වෙත වෙදිපිළි කර්මාන්තයේ  ක්‍රෙමා්පායික ලෙස සූදානම් කිරීම,රෙදිපිළි කර්මාන්තය, විලාසිතා කර්මාන්ත ක්ෂේත්‍රයේ  පාරිභෝගික ඉල්ලීම් සහ අනාගත සන්නාම අවශයතා, රෙදිපිළි කර්මාන්තයේ රසායනික  කළමණා කරන රාමුව සහ තාක්ෂණය සමඟ විලාසිතා කර්මාන්තයේ අනාගතය වැනි වැදගත් මාතෘකා රැසක් පිළිබඳව සාකච්ඡා කළේය.

පාරිසරික බලපෑම අවම කිරීම සඳහා Teejay හි දායකත්වය සහ එහි ප්‍රගතිය වෙනුවෙන් කාබන් සීරෝ සහතිකය පිරිනැමීම මෙම සමුළුවේ සුවිශේෂී අවස්ථාවක් විය. එමෙන්ම මෙහිදී රෙදිපිළි නිෂ්පාදනයේ කටයුතුවල තිරසාරභාවය ළඟා කර ගැනීම අරමුණු කරගත් නවය විසඳුම්, හොඳම යෙදුම් , තාක්‍ෂණය සහ ඩිජිටල්කෙණ ක්‍රමවේදයන් පිළිබඳව ද ප්‍රදර්ශනය කෙරිණි. මෙම සමුළුවේ ප්‍රධාන ආරාධිතයා ලෙස ආචාර්ය අනිල් ජාසිංහ ඇතුළු සම්භාවණීය විද්වතුන් රැසක් සහභාගී වී සිටියහ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments