asd
Wednesday, October 16, 2024
spot_imgspot_imgspot_img
HomeBiz NewsSDB බැංකුව සහ නෙදර්ලන්ත රබෝබෑන්ක් (Rabobank) ආයතනය ශ්‍රී ලංකාවේ කෘෂි ව්‍යාපාර සංවර්ධනය...

SDB බැංකුව සහ නෙදර්ලන්ත රබෝබෑන්ක් (Rabobank) ආයතනය ශ්‍රී ලංකාවේ කෘෂි ව්‍යාපාර සංවර්ධනය සඳහා අත්වැල් බැඳ ගනී..

SDB බැංකුව පසුගියදා කීර්තිමත් නෙදර්ලන්ත බැංකුවක් වන රබෝබෑන්ක් බැංකුව (Rabobank) සමඟ සුවිශේෂී සහයෝගීතාවයකට එළඹෙමින් මෙරට කෘෂි ව්‍යාපාර ක්ෂේත්‍රයේ සංවර්ධනය ඉලක්ක කරගත් වැඩසටහනකට මුල පිරීය. මෙම වැඩසටහන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකත්වය සහ සමූපකාර අංශය සවිමත් කිරීම තුළින් සමාජ සහ පාරිසරික තිරසාරත්වය සහ ඩිජිටල් තාක්ෂණය ප්‍රවර්ධනය, දේශගුණයට හිතකර කෘෂිකාර්මික පිළිවෙත් ප්‍රවර්ධනය සහ කෘෂිකාර්මික සැපයුම් දාම සංවර්ධනය යන ඉලක්ක සපුරා ගැනීම වෙනුවෙන් ක්‍රියාත්මක වෙනු ඇත.

රබෝබෑන්ක් ආයතනය සමස්ත වත්කම් වටිනාකම අතින් නෙදර්ලන්තයේ දෙවන විශාලතම බැංකුව වන අතර ඔවුන්ගේ විශේෂත්වය වන්නේ ආහාර සහ කෘෂි ව්‍යාපාර ක්ෂේත්‍රයේ විවිධ පාර්ශවකරුවන් සංවිධානගත කිරීම හරහා එම ක්ෂේත්‍රය සංවර්ධනය කිරීම කෙරෙහි දක්වන ප්‍රවීණතාවයයි. SDB බැංකුව සහ රබෝබෑන්ක් ආයතනය අතර සහයෝගීතාවය යටතේ රබෝබෑන්ක් ආයතනය සතු සබඳතා ජාලයන්, ඩිජිටල් විසඳුම්, මුල්‍ය විසඳුම්, ග්‍රාමීය සංවර්ධන ආයෝජන ක්‍රම, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන ක්‍රම සහ කෘෂිකාර්මික සංවර්ධනය සම්බන්ධ දැනුම SDB බැංකුවට ලබා දෙන අතර ශ්‍රී ලංකාව තුළ කෘෂි ව්‍යාපාරය සංවර්ධනය සම්බන්ධයෙන් වන අභියෝගයන් ජයගැනීම සඳහා එය SDB බැංකුවට ඉතා වැදගත් වනු ඇත.

ඓතිහාසික වශයෙන් ශ්‍රී ලංකාව කෘෂිකාර්මික ආර්ථිකයක් තිබූ රටක් වුවද වර්තමානයේදී මෙරට ආහාර සහ කෘෂිකාර්මික වෙළඳපොල සංවර්ධනය අතින් තවත් බොහෝ දුරක් යා යුතු තත්ත්වයක පසු වෙයි. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සංවර්ධන බැංකුවක් වන SDB බැංකුව කෘෂිකාර්මික අංශයේ ප්‍රගතිය වෙනුවෙන් දීර්ඝ කාලයක් පුරා කැපවීමෙන් කටයුතු කරන අතර රබෝබෑන්ක් ආයතනය සමඟ ආරම්භ කෙරුණු නව සබඳතාවය ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ නව පරිච්ඡේදයක් සනිටුහන් කරනු ඇත.   

එමෙන්ම මෙම සහයෝගීතාවය දේශීය ප්‍රවීණත්වයෙහි සහ ජාත්‍යන්තර දැනුමෙහි සුසංයෝගය හරහා තිරසාර සංවර්ධනය, මූල්‍ය අන්තර්ග්‍රහණය, නව්‍යකරණය ප්‍රවර්ධනය කරමින් දේශීය ආර්ථිකය නැංවීම සම්බන්ධයෙන්ද හොඳ උදාහරණයක් වනු ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments