asd
Wednesday, October 16, 2024
spot_imgspot_imgspot_img
HomeBiz Newsරටේ ආර්ථිකයට ශක්තියක් වන ශ්‍රී ලංකාවේ මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය අභියෝගයකට මුහුණපාමින්...

රටේ ආර්ථිකයට ශක්තියක් වන ශ්‍රී ලංකාවේ මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය අභියෝගයකට මුහුණපාමින් සිටීද?..

ශ්‍රී ලංකා මැණික් සහ ස්වර්ණාභරණ සංගමය (SLGJA) විසින් පවසා ඇත්තේ, එකතු කළ අගය මත පනවන බද්ද (vat) ඇතුළු අනෙකුත් බදු නිසා මැණික් සහ ස්වර්ණාභරණ කර්මාන්තය එවැනි ව්‍යාපාර සඳහා හිතකර පරිසරයක් ඇති වෙනත් රටවල් වලට සංක්‍රමණය වීමට ආරම්භ වී ඇති බවයි. දළ සහ නිමි මැණික් ආනයනය සඳහා 18% ක්  වැට් බද්ද පැනවීම නිසාවෙන්, විදේශ මුදල් උපයා ගැනීම සඳහා ප්‍රතිඅපනයනය කිරීම හෝ අගය එකතු කර විදේශිකයන්ට, විදේශ මුදල් සඳහා මෙම භාණ්ඩ විකිණීමේ ක්‍රියාවලිය නිසා කර්මාන්තයේ වූ වෙනස්කම්, ශ්‍රී ලංකාව තුළ එහි තිරසාරබව අහිතකර ලෙස වෙනස් කර ඇත.

SLGJA විසින් පවසා ඇති පරිදි මෙම 18% ක බදු පැනවීම, මෙම කර්මාන්තයේ තරඟකාරී රටවල් වන, ඩුබායි, ඉන්දියාව, හොංකොං සහ තායිලන්තය වෙත කර්මාන්තය සංක්‍රමණය වීමට ඇති අවදානම වැඩිවීමට ප්‍රධාන හේතුවක් වී ඇත. මෙම රටවල් වල මැණික් සහ ස්වර්ණාභරණ කර්මාන්තය සඳහා අවම VAT බදු අනුපාතිකයක් පවත්වාගෙන යෑම සිදු  කරයි. මේ හේතුවෙන්  ශ්‍රී ලංකාවේ මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය පසුබෑමකට ලක්වී ඇති අතර එම නිසාවෙන් ඍජුවම  මෙම අංශයේ ලක්ෂ 6 කට අධික සේවකයින්ගේ ජීවනෝපාය අවධානමකට ලක්ව ඇත.

SLGJA විසින් ප්‍රකාශ කළ පරිදි පාරිභෝගිකයින්ගේ කැමැත්ත මත, වර්ණ, මෝස්තර සහ ගුණාත්මකභාවය පවත්වා ගැනීම සඳහා, ශ්‍රී ලංකාවේ මැණික් හා ස්වර්ණාභරණ අපනයනයෙන් 70%ක් පමණ ආනයනික වටිනා, දළ පාෂාණ වලින් යුක්තව නිර්මාණය කරයි. දළ වශයෙන් ශ්‍රී ලංකාවේ 99.9% ක්  පමණ මැණික් අපනයනය කිරීම හෝ විදේශිකයින්ට අලෙවි කිරීම සිදු කරනු ලබයි. මීට අමතරව, වැට් බද්ද හේතුවෙන් ශ්‍රී ලංකාවට මැණික් ආනයනය ද විශාල ලෙස අඩු වී ඇති අතර, එය ස්වර්ණාභරණ නිෂ්පාදකයින්ට සහ මැණික් ඔප දමන්නන්ට තම ව්‍යාපාර කටයුතු වසා දැමීමේ  මට්ටම දක්වා උග්‍ර වී ඇති අතර මෙය විශාල විරැකියා ගැටලුවකටද හේතු වී තිබේ.

ශ්‍රී ලංකා මැණික් සහ ස්වර්ණාභරණ සංගමයේ සභාපති අජ්වර්ඩ් දීන් මහතා මෙලෙස ප්‍රකාශ කළේය. “තම මුදලින් මෙම ව්‍යාපාර කටයුතු කරගෙන යන වෙළඳුන්ට මෙලෙස බදු පැනවීම විශාල බාධාවක්. මැණික් සහ ස්වර්ණාභරණ කර්මාන්තයේ නිරත වන්නන් හට බැංකු ණය පහසුකම් ලබා නොදෙන අතර එය එවැනි ව්‍යාපාර සඳහා පවතින අභියෝගාත්මක තත්වයක්. කිසිදු ආපසු ගෙවීමේ යාන්ත්‍රණයකින් තොරව, විකුණුම් මත පනවන වැට් බද්ද, සංචාරකයින් උදෙසා සිදු  කරන මැණික්  අලෙවිය අධෛර්යමත් කරනවා. එම නිසා, ශුද්ධ ලාභය මත පනවා ඇති 36% ක  බද්ද සහ ආනයනික භාණ්ඩ සඳහා 18% ක වැට් බද්ද අඩු කිරීමෙන් ශ්‍රී ලංකාවට මැණික් සහ ස්වර්ණාභරණ අංශයෙන්, ගෝලීයව වඩාත් තරඟකාරී විය හැකි බව අප අවධාරණය කරනවා.”

ශ්‍රී ලංකාව ‘Island of Gems’ ලෙස ලොවපුරා ප්‍රචලිත වී ඇති අතර මැණික් කර්මාන්තය සඳහා දීර්ඝ හා කීර්තිමත් ඉතිහාසයකට හිමිකම් කියයි.  මැණික් කර්මාන්තය ශ්‍රී ලංකාවේ සංස්කෘතික උරුමයේ අනිවාර්ය අංගයක් ලෙස හදුන්වා දිය හැකිය. රටක ස්ථාවරත්වය සඳහා අත්‍යවශ්‍ය වන විදේශ විනිමය උපයන ප්‍රභවයක් වන මෙම කර්මාන්තය නිසාවෙන් සිදු  වන ආර්ථික බලපෑම සඳහා නිසැකවම අවධානයක් යොමු කල යුතුය. ගෝලීය වශයෙන්, උසස් තත්ත්වයේ මැණික් නිෂ්පාදන සඳහා ශ්‍රී ලංකාව කීර්තියක් හිමිකරගෙන ඇත. බදු ප්‍රතිසංස්කරණ, විධිමත් නීති සම්පාදනය මඟින් මෙම කීර්තිනාමය තවදුරටත්  පවත්වා ගනිමින්, ගෝලීය වශයෙන් තරඟකාරි මැණික් නිෂ්පාදන වෙළදපලට යොමු කිරීම අත්‍යවශ්‍ය වෙයි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments