Wednesday, June 7, 2023
spot_imgspot_img
spot_imgspot_img
Homeව්‍යාපාරිකDFCC බැංකුව මෙරට සුළු, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර නැංවීම සඳහා USAID...

DFCC බැංකුව මෙරට සුළු, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර නැංවීම සඳහා USAID සමග අත්වැල් බැඳගනී

කාන්තාවන්ගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වන ව්‍යාපාර කෙරෙහි වැඩි අවධානයක්

ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ ජීවනාලිය වන්නේ සුළු, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර (Micro, Small and Medium Enterprises – MSMEs) කාණ්ඩයයි. මෙරට ව්‍යාපාර වලින් 75% ක්ම මෙම කාණ්ඩයට අයත් වන අතර, එය මෙරට රැකියා උත්පාදනයට 45% ක සහ දළ දේශීය නිෂ්පාදිතයට 52% ක දායකත්වයක් ලබාදෙයි. කෙසේ වුවද බැංකු වලින් මූල්‍ය පහසුකම් ලබාගැනීමේදී මෙම කාණ්ඩයේ ව්‍යාපාර වලට විවිධාකාර වූ දුෂ්කරතාවන්ට මුහුණ දීමට සිදු වේ. මීට එක් හේතුවක් වන්නේ, තම ව්‍යාපාර කටයුතු සම්බන්ධයෙන් ප්‍රමාණවත් හා විශ්වාසදායක වාර්තා පවත්වා ගැනීමට මෙම ව්‍යාපාර අසමත් වීමයි. මේ හේතුවෙන්, විශේෂයෙන්ම කාන්තාවන්ගේ හිමිකාරීත්වය හා කළමනාකාරීත්වය යටතේ පවතින ව්‍යාපාර වල ක්‍රියාකාරීත්වයට බලපෑම් එල්ල වී ඇත.

මෙම ගැටලුව අවම කරමින් ශ්‍රී ලංකාවේ MSME කාණ්ඩයේ ව්‍යාපාර වලට අත්වැලක් වීම සඳහා, USAID CATALYZE Private Sector Development Activity (PSD) වැඩසටහන සමග හවුල්කාරීත්වයකට එළඹීමට DFCC බැංකුව පියවර ගෙන තිබේ. Palladium Group මගින් ක්‍රියාවට නංවනු ලබන මෙම ව්‍යාපෘතියෙහි මූලික අරමුණ වන්නේ, කාන්තාවන්ගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වන ව්‍යාපාර ඇතුළුව, MSME කාණ්ඩයේ ව්‍යාපාර වලට අවශ්‍ය මූල්‍ය පහසුකම් සැපයීම ය. මේ සඳහා වන අවබෝධතා ගිවිසුමට පසුගියදා දෙපාර්ශ්වයේ නියෝජිතයන් විසින් අත්සන් තබන ලදි. වර්ධනය සඳහා ඉහළ සම්භාවිතාවක් සහිත ක්ෂේත්‍ර ලෙස සැලකෙන සංචාරක, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ, වාණිජ සත්කාර, ඇඟලුම් සහ ආහාර සැකසුම් ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක් සඳහා මෙහිදී ප්‍රමුඛත්වය හිමිවනු ඇත.

DFCC බැංකුව සහ USAID අතර හවුල්කාරීත්වයේ ප්‍රධාන තේමාව වන්නේ, කාන්තාවන් වෙත මූල්‍ය සේවාවන් සපයමින් ඔවුන්ගේ දියුණුවට අවස්ථාවන් උදාකර දීමයි. මේ යටතේ MSME කාණ්ඩයේ ව්‍යාපාර වල ධාරිතාව හා තරගකාරීත්වය වර්ධනය කිරීම, එම ව්‍යාපාර වලට මූල්‍ය සේවාවන් ලබාගැනීමට ඇති අවස්ථා පුළුල් කිරීම සහ, COVID-19 හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට ඇති වූ බලපෑම නිසා නිර්මාණය වී ඇති අභියෝග වලට මුහුණ දීමට හැකිවන ආකාරයට එම ව්‍යාපාර ශක්තිමත් කිරීම යන අරමුණු තුන සාක්ෂාත් කරගැනීමට මූලික වශයෙන් අවධානය යොමුවනු ඇත.

හවුල්කාරීත්වයන් මූලික කරගත් ප්‍රවේශයක් ඔස්සේ, නව වෙළඳපොළවල් කරා පිවිසිය හැකි වැඩසටහන් ක්‍රියාවට නංවමින්, වඩාත් පුළුල් මට්ටමේ වර්ධනයක් ළඟා කරගැනීමේ හැකියාව සහිත ව්‍යාපාර සඳහා මෙම ව්‍යාපෘතිය තුළදී ප්‍රමුඛත්වය හිමි වේ. මෙහිදී විශේෂයෙන්ම ස්ත්‍රී පුරුෂ සමාජ භාවය සම්බන්ධ තත්ත්වයන් සැලකිල්ලට ගනිමින්, ව්‍යවසායිකාවන්ට අනාගත දියුණුව සඳහා පවතින අවස්ථා පුළුල් කිරීමටද සැලසුම් කර ඇත. මේ යටතේ ගනුදෙනුකරුවන්ට සාමාන්‍යයෙන් පිරිනමන සේවාවන්, ප්‍රතිලාභ හා වරප්‍රසාද වලට අමතරව ඔවුන්ට ඉහළම තලයේ තාක්ෂණික සහයෝගයන් ලබාදීමටත්, නව ව්‍යාපාරික අවස්ථා උදාකර ගැනීම සඳහා මගපෙන්වීම් සිදුකිරීමටත්  DFCC බැංකුව සූදානමින් සිටී.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments