asd
Monday, September 16, 2024
spot_imgspot_imgspot_img
HomeBiz NewsSLITAD ජනතා සංවර්ධන සම්මාන උළෙලේදී HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම රිදියෙන් පිදුම් ලබයි..

SLITAD ජනතා සංවර්ධන සම්මාන උළෙලේදී HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම රිදියෙන් පිදුම් ලබයි..

මෙරට කීර්තිමත් සාමාන්‍ය රක්‍ෂණ සේවා සපයන්නෙකු වන HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් (HNBGI) සමාගම ශ්‍රී ලංකා පුහුණු හා සංවර්ධන ආයතනය (Sri Lanka Institute of Training & Development – SLITAD) විසින් පවත්වන ලද ජනතා සංවර්ධන සම්මාන උළෙලේදී රිදී සම්මානයෙන් පිදුම් ලැබුවේය. සාමගම් 19ක් අතරින් මෙසේ ඇගයීමට පාත්‍ර වූ එකම රක්‍ෂණ සේවා සපයන්නා වූයේ HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම පමණි.

පුළුල් මානව සම්පත් සංවර්ධනයක් ඉලක්ක කර ගත් ක්‍රමෝපායික ආයෝජන සිදු කරමින් ජනතා සංවර්ධනය සඳහා දායක වන විශිෂ්ට ආයතන හඳුනාගෙන ඔවුන් ඇගයීමට ලක් කිරීමේ අරමුණෙන් SLITAD ජනතා සංවර්ධන සම්මාන උළෙල වාර්ෂිකව පවත්වනු ලබයි. ගෝලීය වශයෙන් සහ කලාපීය වශයෙන් ඉහළම නිර්ණායකයන්ට අනුකූලව පවත්වනු ලබන මෙම සම්මාන උළෙලේදී සමාගම්වල පැහැදිලි දියුණුව, නවෝත්පාදන සහ මානව සම්පත් ක්‍රමෝපායන්හි අඛණ්ඩ වර්ධනය පිළිබඳව සැළකිලිමත් වෙයි.

ව්‍යාපාර, ඉගෙනුම් හා සංවර්ධනය, පුද්ගල කළමනාකරණය, නායකත්වය හා කළමනාකරණය, කළමනාකරණ කාර්යක්‍ෂමතාවය, පිළිගැනීම හා ඇගයීම යන අංශවලට සම්බන්ධ බහුවිධ ක්‍රමෝපායන් කෙරෙහි අවධානය යොමු කරමින් ශක්තිමත් හා පුළුල් ඇගයීම් ක්‍රියාවලියකට අනුව මෙම සම්මානය ප්‍රදානය කරයි. ජ්‍යෙෂ්ඨ විගණකවරුන් විසින් සිදු කරන ස්වාධීන විගණනයකින් ජයග්‍රාහකයන් තෝරා ගන්නා නිසා ඇගයීම් ක්‍රියාවලියේ විශ්වාසනීයත්වය ද තහවුරු වේ.

“SLITAD ජනතා සංවර්ධන සම්මාන උළෙලේදී රිදී සම්මානයෙන් පිදුම් ලැබීම අපට විශාල ගෞරවයක්. පුළුල් කාර්ය මණ්ඩල සංවර්ධනයකින් සමන්විත මානව සංවර්ධන ක්‍රියාවලියක් වෙනුවෙන් HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් විදියට අප තුළ වන කැපවීමට මේ සම්මානය හොඳම සාක්‍ෂියක්. අපේ පුද්ගල සංවර්ධන ක්‍රමෝපායන් සහ ව්‍යාපාරික මෙහෙයුම් නිරවුල්ව පවත්වාගෙන යාම නිසා අප ආයතනයක් වශයෙන් දියුණු වෙලා තියෙනවා. ඒ වගේම රක්‍ෂණ ක්‍ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු වශයෙන් සමස්ත රක්‍ෂණ ක්‍ෂේත්‍රය තුළ විශිෂ්ට රක්‍ෂණ සංස්කෘතියක් සහ අඛණ්ඩ දියුණුවක් ඇති කිරීමටත් විශාල දායකත්වයක් ලබා දෙන්න අපට හැකි වෙලා තියෙනවා.” යැයි HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සිතුමිණ ජයසුන්දර මහතා මෙහිදී ප්‍රකාශ කළේය.

“ජනතා සංවර්ධනය වෙනුවෙන් මේ සම්මානය හිමි වීම අපේ කණ්ඩායමට තව තවත් සාර්ථක වීමට විශාල ධෛර්යයක් වගේම උත්තේජනයක් වෙනවා. මේ සම්මානය, තමන්ගේම හැකියාවන් ඔස්සේ දියුණු වීමට, ඉගෙනීමට සහ ඉලක්ක සපුරා ගැනීමට ජනතාවට අවස්ථාව උදා වන ආකාරයේ පරිසරයක් නිර්මාණය කිරීම වෙනුවෙන් අප දක්වන දායකත්වය ඉස්මතු කර ප්‍රදර්ශනය කිරීමක් විතරක් නෙවෙයි, අප ලබා දෙන ඒ දායකත්වයට විශාල වටිනාකමක් එකතු කිරීමක්. අඛණ්ඩ ඉගෙනුම් සහ සංවර්ධන සංස්කෘතියක් නිර්මාණය කිරීම වෙනුවෙන් අපි ඉදිරියේදී තවත් වැඩි පරිශ්‍රමයකින් කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. ඇත්තටම මේ සම්මානය ඔස්සේ අපේ කළමනාකාරීත්වයේ සාමූහික ප්‍රයත්නය වගේම අපේ සෙසු සෑම වෘත්තිකයෙකුගේම කැපවීමත් පිළිබිඹු වෙනවා.” යැයි මෙම සම්මානය පිළිබඳ අදහස් දක්වමින් HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගමේ මානව සම්පත් අංශ ප්‍රධානී මල්ෂා මුණසිංහ මහත්මිය ප්‍රකාශ කළාය.

මෙම ඇගයීම HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම විසින් සනිටුහන් කරන ලද සුවිශේෂී සංධිස්ථානයක් වන අතර ක්‍රියාශීලී ශ්‍රම බලකායක් ගොඩනැංවීම සඳහා සමාගම තුළ වන කැපවීම මෙයින් තහවුරු වෙයි. ජනතාව වෙනුවෙන් ආයෝජන සිදු කිරීම සහ ක්‍රමෝපායන් කාලීනව සහ අවස්ථානුකූලව සංශෝධනය කිරීම නිසා නවෝත්පාදන, සවිබල ගැන්වීම් සහ විශිෂ්ටත්වයන් ඔස්සේ HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම වේගවත් සාර්ථකත්වයක් ළඟා කර ගනිමින් සිටියි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments