asd
Friday, September 20, 2024
spot_imgspot_imgspot_img
HomeBiz NewsCambridge මගින් 2024 ජූනි මසදී පවත්වන ලද විභාගවල ප්‍රතිඵල නිකුත් වේ..

Cambridge මගින් 2024 ජූනි මසදී පවත්වන ලද විභාගවල ප්‍රතිඵල නිකුත් වේ..

Cambridge International Education  විසින් මේ දක්වා ශ්‍රී ලංකාවේ සහ ලොව පුරා පවත්වන ලද දැවැන්තම විභාග මාලාවේ ප්‍රතිඵල නිකුත්කර තිබේ. 2024 ජූනි මාසයේදී ලොව රටවල් 140 ක පාසල් 5261 ක ශිෂ්‍ය ශිෂ්‍යාවන් 631,000 කට අධික පිරිසක් මෙලෙස Cambridge IGCSE ‘ O Level සහ International AS & A Level යන විභාගවලට පෙනී සිටියහ.

මෙම වසරේදී මෙම විභාගවලට පෙනී සිටි ශිෂ්‍ය ශිෂ්‍යාවන් ප්‍රතිශතය පසුගිය වසරට සාපේක්ෂව 11% කින් ඉහළ ගොස් තිබේ. සමස්තයක් ලෙස 2024 ජූනි විභාග මාලාව සඳහා ලියාපදිංචි වූ සිසුන් සංඛ්‍යාව මිලියන 1.6 ඉක්මවූ අතර එය පසුගිය වසරට සාපේක්ෂව 9% ක වර්ධනයකි.

ලොව පුරා Cambridge IGCSE O Level සහ International AS & A Level විභාගවලට පෙනී සිටින සිසුන් අතර වැඩිම ඉල්ලුමක් පවතින්නේ විද්‍යාව, ගණිතය සහ ඉංග්‍රීසි යන විෂයන් වෙනුවෙනි. ශ්‍රී ලංකාවේ සිසුන් අතරද මෙම තත්ත්වය නිරීක්ෂණයවන අතර, ව්‍යාපාර අධ්‍යයනය සහ පරිගණක විද්‍යාව යන විෂයන්ද ඔවුන් අතර බෙහෙවින් ජනප්‍රිය වී ඇති බව පෙනී යයි. අනාගතයට වැදගත්වන පුළුල් පරාසයක පැතිරුණු කුසලතා වර්ධනය කරගැනීමට ඔවුන් උනන්දුවන බව මෙම දත්ත මගින් පැහැදිලි වේ.

ශ්‍රී ලංකාව තුළ Cambridge O Level සහ IGCSE විභාග සඳහා ජනප්‍රියම විෂයන් වන්නේ ඉංග්‍රීසි භාෂාව, ගණිතය, පරිගණක විද්‍යාව, භෞතික විද්‍යාව සහ ජීව විද්‍යාවයි. Cambridge International AS & A Level විභාගයේ ජනප්‍රියම විෂයන් වන්නේ භෞතික විද්‍යාව, රසායන විද්‍යාව, ගණිතය, ජීව විද්‍යාව සහ ව්‍යාපාර අධ්‍යයනය යන විෂයන් ය.

මෙම විභාගවලදී සතුටුදායක ප්‍රතිඵල වාර්තා කළ ශ්‍රී ලාංකික ශිෂ්‍ය ශිෂ්‍යාවන්ටත්, ඔවුන්ට සහය වීම සඳහා ඉමහත් කැපවීමෙන් යුතුව කටයුතු කළ Cambridge ජාලයේ ගුරුවර ගුරුවරියන් සියලුම දෙනාටත් උණුසුම් සුබපැතුම් පිරිනැමීමට මා මෙය අවස්ථාවක් කරගන්නවා. වර්තමානයේ පවතින ගෝලීය අභියෝග හමුවේ ජීවිතය ජයගැනීම සඳහා තරුණ තරුණියන් වැඩි වැඩියෙන් ජාත්‍යන්තර අධ්‍යාපනය වෙත යොමුවනු දැකීම සතුටට කරුණක්.” Cambridge හි ජාත්‍යන්තර අධ්‍යාපනය පිළිබඳ සමූහ කළමනාකාර අධ්‍යක්ෂ රොඩ් ස්මිත් මහතා පැවසී ය.

2024 ජූනි මාසයේදී පැවති විභාගවලදී අපගේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් වාර්තාකරගත් විශිෂ්ට ප්‍රතිඵල මෙලෙස නිවේදනය කරන්නේ ඉමහත් සතුටින්. මෙම වසරේ ප්‍රතිඵල සැබැවින්ම විශිෂ්ටයි. එමගින් ශිෂ්‍ය ශිෂ්‍යාවන්, ගුරුවර ගුරුවරියන්, සහය කාර්ය මණ්ඩලය සහ දෙමාපියන් ඇතුළු සියලුම දෙනාගේ කැපවීම මැනැවින් පිළිබිඹු වනවා. ඔවුන්ගේ සාමූහික කැපවීම නිසා සිසුන්ට මෙන්ම අප සියලු දෙනාටම සතුටින් සැමරිය හැකි ආකාරයේ ප්‍රතිඵල වාර්තා වී ඇති බව පැහැදිලියි. තම අධ්‍යාපන ගමනේ මීළඟ පියවරට අභිමානයෙන් යුතුව පිවිසීමට මේ සිසුන්ට දැන් හැකියාව තිබෙනවා. මේ ජයග්‍රහණයන්ට දායක වූ සියලුම දෙනාට අපගේ උණුසුම් සුබපැතුම්!” Cambridge හි දකුණු ආසියානු කලාපයේ කළමනාකාර අධ්‍යක්ෂ අරුන් රාජමනී මහතා පැවසී ය.

ජාත්‍යන්තර විභාග මණ්ඩලයක් වශයෙන් ලොව පුරා විශ්වවිද්‍යාල සමග එක්ව කටයුතු කරන Cambridge , ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට තම කුසලතා වැඩිදියුණු කරගනිමින්, විශ්වවිද්‍යාල මට්ටමේදී සහ ඉන් ඔබ්බට ඉහළම සාර්ථකත්වයක් ළඟා කරගැනීමට අත්වැලක් සපයයි. Cambridge වැඩසටහන් මගින් අධ්‍යාපනික දැනුමට අමතරව සිසුන්ගේ අනාගතයට බෙහෙවින් වැදගත්වන ගැටලු විසඳීම, විචාරාත්මක චින්තනය, ස්වාධීන පර්යේෂණ සිදුකිරීම, සහයෝගීත්වය සහ තර්ක ඉදිරිපත් කිරීම වැනි කුසලතා වැඩිදියුණු කරගැනීමටද මගපෙන්වනු ලැබේ. එමෙන්ම දේශගුණ විපර්යාසවලට මුහුණ දීමට ශිෂ්‍ය ශිෂ්‍යාවන් සූදානම් කරවීමේ අරමුණින්, Cambridge  විශ්වවිද්‍යාලය සමග අත්වැල් බැඳගෙන සිසුන්ට දේශගුණ විපර්යාස පිළිබඳ දැනුම ලබාදීමටද Cambridge පියවර ගෙන ඇත.

Cambridge විශ්වවිද්‍යාලයේ කොටසක් මෙන්ම ලාභ අරමුණු කර නොගත් ආයතනයක් වන ක්‍්පඉරසාටැ හි ඉතිහාසය වසර 160 ක් තරම් ඈතකට දිව යන අතර, මේ වනවිට එය වසරකට ලොව රටවල් 160 ක ශිෂ්‍ය ශිෂ්‍යාවන් මිලියකට ආසන්න සංඛ්‍යාවක් වෙනුවෙන් විභාග පවත්වමින් සුදුසුකම් පිරිනැමීම සිදුකරයි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments