asd
Thursday, September 19, 2024
spot_imgspot_imgspot_img
HomeBiz News“ක්ලයිමට් චැලේන්ජ් ශ්‍රී ලංකා” ...

“ක්ලයිමට් චැලේන්ජ් ශ්‍රී ලංකා” …

ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනයේ (යු එස් ඒඩ්) සහය ඇතිව සහ ක්ලයිමට් කලෙක්ටිව් පදනම සමඟ එක්ව, ලංකා ඉම්පැක්ට් ඉන්වෙස්ටින් නෙට්වර්ක් (ලින්), ශ්‍රී ලංකාවේ ප්‍රථමවරට හදුන්වා දෙන   “ක්ලයිමට් චැලේන්ජ් ශ්රී ලංකා හැකතන්” පිළිබඳව ආඩම්බරයෙන් නිවේදනය කරයි. මෙම තරගයේ අරමුණ වන්නේ නව්‍ය දත්ත පදනම් වූ විසඳුම් හරහා දේශගුණික විපර්යාස ආශ්‍රිත බලපෑම් ආමන්ත්‍රණය කරමින් කෘෂිකර්මාන්තයේ සහ ධීවර ක්ෂේත්‍රයේ විප්ලවීය වෙනසක් සිදු කිරීමයි. “ක්ලයිමට් චැලේන්ජ් ශ්‍රී ලංකා තරගය” සඳහා රට පුරා සිටින දත්ත වෘත්තිකයන්ට 2024 ඔක්තෝබර් 31 ට පෙර අයදුම් කැදවිම සිදුකෙරේ. ප්‍රධාන වශයෙන්ම තරුණ කේන්ද්‍රීය මුලපිරීමක් ලෙස, දේශගුණික ක්‍රියාකාරකම්වල යෙදීමට වැඩි තරුණ පිරිසක් දිරිමත් කිරීම අරමුණු කරගනිමින්, රටේ ඕනෑම ප්‍රදේශයකින් ඕනෑම අයෙකුට අයදුම් කිරීමට ආරාධනා කෙරේ.

“ක්ලයිමට් චැලේන්ජ් ශ්‍රී ලංකා – ඔරොත්තු දීමේ හැකියාව සඳහා නිර්මාණාත්මක දත්ත විසඳුම්” කෘෂිකර්මාන්තය සහ ධීවර අංශ මුහුණ දෙන දේශගුණික විපර්යාස ආශ්‍රිත ගැටලු අවම කිරීමට උපකාරී වේ. කොවිඩ් -19 නිසා ඇතිවූ ආර්ථික අර්බුද මගින් බාධාවට පත් වූ මෙම කර්මාන්ත දෙක, දේශගුණික විපර්යාසවල ප්‍රතිඵල නිසා ද වඩාත් පිඩාවට පත් වේ. මෙහිදී අවධානය යොමුකර ඇති අංශ දෙක, ජනගහනයෙන් 30% කට වඩා වැඩි පිරිසකට ජීවනෝපාය සැපයීම, රටේ ආර්ථික වර්ධනයට දායක වීම, සහ ජාතික ආහාර සුරක්ෂිතතාව සඳහා ඉතා වැදගත් වේ. “ක්ලයිමට් චැලේන්ජ් ශ්‍රී ලංකා” මගින් දේශගුණික ප්‍රත්‍යස්ථතා භාවිත සඳහා බිම් මට්ටමේ යෙදීම් සඳහා අදහස් සහ විසඳුම් පුර්වාගත කිරීම සඳහා රට පුරා සිටින දත්ත වෘත්තිකයන් සඳහා සහ නවෝත්පාදක පිරිස් වෙත අවකාශයක් විවෘත කරනු ඇත.

අයදුම්පත් කැඳවීම 2024 සැප්තැම්බර් 5 සිට 2024 ඔක්තෝබර් 31 දක්වා www.liin.lk/cap2/cch හරහා විවෘත වේ. ලින් ආයතනය මගින්, මෙම හැකතන් තරගය සදහා සඳහා රට පුරා සිටින දත්ත වෘත්තිකයින් 400ක් ඉලක්කකර ගැනීමට වැඩමුළු/ වෙබිනාර් සහ සමාජ මාධ්‍ය වේදිකා හරහා ළඟා වනු ඇත.

එමෙන්ම ලින් , යු එස් ඒ ඩ් සහ සි සි එෆ් ආයතන එකමුතුවෙන් මෙම අයදුම්කරුවන්ගෙන් විවිධත්වයෙන් සහ සියලු දෙනාගේම නියෝජනයෙන් යුතු කණ්ඩායම් 20ක් තෝරා ගනු ලැබේ. කෘත්‍රිම බුද්ධිය (ඒ අයි), යන්ත්‍ර ඉගෙනීම (එම් එල්), විශාල දත්ත විශ්ලේෂණ, සහ අන්තර්ජාල ආශ්රිත (අයි ඕ ටී) වැනි උසස් තාක්‍ෂණ උපයෝගීකර ගනිමින්, දේශගුණික විපර්යාස මගින් එල්ලවන අභියෝගවලට මුහුණ දීම සඳහා සැබෑ ලෝකයේ පවතින දත්ත වෙත ප්‍රවේශ වීමට සහ එක්ව ක්‍රියා කිරීමට වැඩමුළු සහ වෙබිනාර් මාලාවක් හරහා මෙම කණ්ඩායම්වලට අවස්ථාව සැලසේ. කෘෂිකාර්මික හා ධීවර ක්ෂේත්‍ර මුහුණ දෙන දේශගුණික විපර්යාස ගැටලු සඳහා නව්‍ය දත්ත පදනම් වූ විසඳුම් නිර්මාණය කිරීම වේගවත් කිරීමට උපකාර කිරීම සඳහා “ක්ලයිමට් චැලේන්ජ් ශ්‍රී ලංකා” විසින් මෙම කණ්ඩායම්වලට ක්ෂේත්‍ර ප්‍රවීණයන්ගේ වටිනා උපදේශන සහාය ද ලබා දෙනු ඇත. බලපෑම් ආයෝජකයින් ඉදිරියේ හොඳම කණ්ඩායම් 10ට ඔවුන්ගේ පෙරළිකාර අදහස් සහ ආකෘතීන් ඉදිරිපත් කිරීමෙන් ඔවුන්ගේ නවෝත්පාදන තවදුරටත් වර්ධනය කිරීමට හෝ පරිමාණය කිරීමට සුවිශේෂී අවස්ථාවද මූල්‍ය සහායද හිමිවනු ඇත.

යු එස් ඒ ඩ්, දේශගුණයට අනුවර්තනය වීමේ ව්‍යාපෘතිය සහ ලින් ආයතනය හරහා දේශගුණයට ඔරොත්තු දෙන අනාගතයක් පෝෂණය කිරීමේ අරමුණෙන් තාරුණ්‍යය විසින් හදුන්වාදෙනු ලබන, අන්තර්ගත-විශේෂිත නවෝත්පාදන විසඳුම් ප්‍රවර්ධනය කිරීමට කැපවී සිටී. “ක්ලයිමට් චැලේන්ජ් ශ්‍රී ලංකා” මගින් ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික සහ ධීවර ක්ෂේත්‍රවල දේශගුණයට අනුවර්තනය වීමේ හැකියාව ඉහළ නැංවීම සඳහා දත්තවල බලය උපයෝගීකර ගැනීම අරමුණු කරගැනීම මෙහිදී අවධාරනය කෙරේ.

ශ්‍රී ලංකාව සඳහා USAID දූත මණ්ඩල අධ්‍යක්ෂ ගේබ්‍රියෙල් ග්‍රාව් පැවසුවේ “දේශගුණික විපර්යාසවලට මුහුණ දීමට ශ්‍රී ලංකාවට උපකාර කිරීමට එක්සත් ජනපදය කැපවී සිටින බවයි. ” ක්ලයිමට් චැලේන්ජ් ශ්රී ලංකා ” මගින් රටේ කෘෂිකර්මාන්තය සහ ධීවර ක්ෂේත්‍රය ශක්තිමත් කිරීම සඳහා නැවුම් අදහස් ඇති කිරීමට මග පෙන්වයි. එමෙන්ම USAID විසින් ශ්‍රී ලංකාව පුරා විසිරී සිටින විවිධ දත්ත වෘත්තිකයන්ට මෙම දේශගුණ හැකතන් තරගයට අප හා එක්වන ලෙසත් වඩාත් තිරසාර අනාගතයක් සඳහා නව්‍ය විසඳුම් සකස්කරන ලෙසත් ආරාධනා කර සිටියි.”

‘’ක්ලයිමට් චැලේන්ජ් ශ්‍රී ලංකා” දියත් කිරීමේ අවස්ථාවේදී ලින් හි සභාපතිවරයා පැවසුවේ “ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය සහ ධීවර ක්ෂේත්‍ර සඳහා ඔරොත්තු දෙන සහ තිරසර අනාගතයක් කරා යන අපගේ ගමනේ වැදගත් සන්ධිස්ථානයක් අද සනිටුහන්කරන බවයි. එමෙන්ම ‘ ක්ලයිමට් චැලේන්ජ් ශ්‍රී ලංකා’ යනු හුදු හැකැතන් එකක් නොව, එය නව්‍යකරණයේ සහ දත්තවල බලය ප්‍රයෝජනයට ගැනීමට අපේ රටේ දත්ත වෘත්තිකයන්ට බලය ලබා දෙන ව්‍යාපෘතියක් ද වේ. මෙම දැක්ම යථාර්ථයක් බවට පත් කිරීම සඳහා USAID දේශගුණ අනුවර්තන ව්‍යාපෘතිය සහ අපගේ සියලු සහයෝගී හවුල්කරුවන්ගෙන් ලැබෙන සහයෝගයට අපි අතිශයින් කෘතඥ වෙන්නෙමු.”

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments