asd
Saturday, October 19, 2024
spot_imgspot_imgspot_img
HomeBiz Newsඅයර්ලන්තයේ ප්‍රමුඛතම විශ්වවිද්‍යාල රැසක සහභාගීත්වයෙන් 2024 අයර්ලන්ත අධ්‍යාපන උළෙල අති සාර්ථකව පැවත්වෙයි..

අයර්ලන්තයේ ප්‍රමුඛතම විශ්වවිද්‍යාල රැසක සහභාගීත්වයෙන් 2024 අයර්ලන්ත අධ්‍යාපන උළෙල අති සාර්ථකව පැවත්වෙයි..

Maryland Consultancy ආයතනය විසින් සංවිධානය කරන ලද 2024 අයර්ලන්ත උසස් අධ්‍යාපන උළෙල පසුගියදා නුගේගොඩ පිහිටි එම ආයතනයේ කාර්යාල පරිශ්‍රයේදී ඉතා සාර්ථකව පැවත්වුණු අතර ඊට දකුණු ආසියානු කලාපයේ සිසුන් සඳහා උසස් අධ්‍යාපන අවස්ථාව සලසන ප්‍රධානතම අයර්ලන්ත විශ්වවිද්‍යාල සියල්ලම සහභාගී විය¡ මෙම අවස්ථාව සඳහා අයර්ලන්ත උසස් අධ්‍යාපනය සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන ශ්‍රී ලාංකික සිසුන් සහ දෙමාපියන් විශාල පිරිසක් සහභාගී වූ අතර අයර්ලන්ත විශ්වවිද්‍යාල නියෝජිතයින් හරහා ඔවුන් හට ඉතා වැදගත් තොරතුරු රැසක් ලබා ගැනීමටත් ඉදිරිය සැලසුම් කිරීමටත් හැකි විය¡

2024 අයර්ලන්ත උසස් අධ්‍යාපන උළෙල සඳහා සහභාගී වූ අයර්ලන්ත විශ්වවිද්‍යාල අතරට Trinity College Dublin, University of Limerick, University of Galway, University College Cork, Maynooth University, Dublin City University, Technological University of the Shannon, South East Technological University, Griffith College, Dublin Business School, National College of Ireland යන විශ්වවිද්‍යාල අයත් වූ අතර ව්‍යාපාර” කළමනාකරණය” වෛද්‍ය විද්‍යාව සහ ඉංජිනේරු තාක්ෂණය ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක පළමු උපාධි සහ පශ්චාද් උපාධි සඳහා අවස්ථාව එම විශ්වවිද්‍යාල විසින් සලසනු ඇත¡

අයර්ලන්ත උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය එහි විශිෂ්ටත්වය සම්බන්ධයෙන් ලෝකය පුරා විශාල කීර්තියත් උසුලන අතර අයර්ලන්ත උසස් අධ්‍යාපන ආයතන ගණනාවක් ලෝකයේ උසස් අධ්‍යාපන ආයතන ශ්‍රේණිගත කිරීම්වල ඉහළින්ම පසු වේ¡ ශාස්ත්‍රීය විශිෂ්ටත්වය, නව්‍යකරණය, පර්යේෂණ, තාර්කික චින්තය සහ නිර්මාණශීලීත්වය පෝෂණය කිරීම ඉලක්ක කර ගත් අධ්‍යාපන ප්‍රවේශය හරහා සිය සිසුන් හට පරිපූර්ණ අධ්‍යාපන අත්දැකීමක් ලබා දීම අයර්ලන්ත උසස් අධ්‍යාපන ආයතනවල සුවිශේෂිත්වයකි. එමෙන්ම අයර්ලන්තය වර්තමානයේදී යුරෝපයේ සහ සමස්ත ලෝකයේම නව තාක්ෂණික සහ ආර්ථික කේන්ද්‍රයක් වශයෙන් පෙරමුණෙහි පසුවන අතර  Google, Apple, Facebook, IBM, PayPal වැනි ලෝකයේ ප්‍රමුඛතම සමාගම් රැසක් අයර්ලන්තය මූලස්ථානය කරගෙන ක්‍රියාත්මක වේ¡ මෙම හේතුව නිසා අයර්ලන්තයේ අධ්‍යාපනය ලබන සිසුන් හට පාඨමාලාව සම්පූර්ණ කිරීමෙන් පසුව පුහුණු අවස්ථා සහ රැකියා අවස්ථා ලබා ගැනීමට විශාල හැකියාවක් පවතී¡ 

Enterprise Ireland හි දකුණු ආසියාව සඳහා ජ්‍යෙෂ්ඨ උප සභාපති වෙන්ඩි ඩි සූසා මහතා නිමා වූ අයර්ලන්ත අධ්‍යාපන උළෙල සම්බන්ධයෙන් අදහස් දක්වමින් මෙසේ පැවසීය “ශ්‍රී ලාංකික සිසුන් වෙනුවෙන් පවත්වන 2024 අයර්ලන්ත අධ්‍යාපන උළෙලේ සාර්ථකත්වය සම්බන්ධයෙන් මම ඉතා සතුටු වෙනවා වගේම එම සාර්ථකත්වය සම්බන්ධයෙන් Maryland Consultancy ආයතනයට විශේෂ ස්තූතිය පළ කරනවා¡ මෙම අධ්‍යාපන උළෙල හරහා අයර්ලන්ත අධ්‍යාපනයේ විශිෂ්ටත්වය සහ අයර්ලන්ත අධ්‍යාපන අවස්ථා සම්බන්ධයෙන් ශ්‍රී ලාංකික සිසුන් අතර දැනුම පැතිරවීමට අපට හැකියාව ලැබුණා. ඉදිරියේදී ශ්‍රී ලාංකික සිසුන් විශාල පිරිසක් අයර්ලන්ත අධ්‍යාපනය සඳහා යොමුවනු ඇතැයි අපි විශ්වාස කරනවා.” ¡

Maryland Consultancy ආයතනයේ අධ්‍යක්ෂිකා මිෂෙල් මොරිස් බවුඩීන් මහත්මිය මේ පිළිබඳව අදහස් දක්වමින් මෙසේ පැවසීය “Maryland Consultancy ආයතනය වසර ගණනාවක් පුරා ශ්‍රී ලාංකික සිසුන් ජාත්‍යන්තර උසස් අධ්‍යාපනය සඳහා විවිධ රටවලට යොමු කර අත්දැකීම් තිබෙන ආයතනයක්. ඒ නිසා ශ්‍රී ලාංකික සිසුන්ගේ අවශ්‍යතාවයන් පිළිබඳව අපට හොඳ අවබෝධයක් තිබෙනවා¡ ඒ අතර අධ්‍යාපනයේ ගුණාත්මක බව, පාඨමාලාවෙන් පසුව රැකියා සඳහා ඇති අවස්ථාව, අධ්‍යාපන වියදම, ජීවන වියදම වැනි කරුණු ගණනාවක් සම්බන්ධයෙන් ශ්‍රී ලාංකික සිසුන් හට විශේෂයෙන් සැළකිලිමත් වීමට සිදු වෙනවා¡ අනෙක් බොහෝ රටවලට සාපේක්ෂව අයර්ලන්ත උසස් අධ්‍යාපනය මේ සියලු අංශයන්ගෙන් ඉදිරියෙන් සිටිනවා. මේ නිසා අයර්ලන්ත උසස් අධ්‍යාපනය ශ්‍රී ලාංකික සිසුන් අතර ප්‍රවර්ධනය කිරීමට හැකි වීම අපට සතුටක්.”

අයර්ලන්තය උසස් අධ්‍යාපනය සම්බන්ධයෙන් ගෝලීය කීර්තියක් උසුලන අතරම අයර්ලන්තය ජාත්‍යන්තර සිසුන් හට ආරක්ෂිත සුවපහසු මිත්‍රශීලී රටක් වශයෙන් ද ලෝකය පුරා කීර්තියක් උසුලයි¡ ඊට අයර්ලන්තයේ උසස් ජීවන තත්ත්වය, සංස්කෘතිකමය විවිධත්වය සහ ස්වභාවික සුන්දරත්වය ද එක් කළ විට උසස් අධ්‍යාපනය සඳහා ලොව හොඳම රටවල් අතරින් අයර්ලන්තය ඉදිරියෙන්ම පසුවන බවට අවිවාදිතය¡

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments