asd
Friday, October 18, 2024
spot_imgspot_imgspot_img
HomeBiz NewsSLT-MOBITEL වෙතින් Data Rollover පහසුකම සමගින් නවතම 100% Anytime Data Plans එකතුවක්...

SLT-MOBITEL වෙතින් Data Rollover පහසුකම සමගින් නවතම 100% Anytime Data Plans එකතුවක්…

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදකවන SLT-MOBITEL විසින් පසුගියදා නවතම 100% Anytime Data සැලසුම් එකතුවක් හඳුන්වා දෙන ලදී. මෙම සැලසුම්වලට Data Rollover පහසුකමද ඇතුළත් වී තිබීම විශේෂත්වයකි. මෙමගින් පාරිභෝගිකයන්ට සිය ඩේටා සැලසුම අලුත් කිරීමේදී පෙර සැලසුමෙන් ඉතිරි වූ ඩේටා නව සැලසුමට එක්කර ගැනීමට හැකියාව ලැබේ.

විවිධ පාරිභෝගික කාණ්ඩවල අවශ්‍යතාවන්ට ගැළපෙන ආකාරයට මෙන්ම ගෙවන මුදලට උපරිම වටිනාකමක් හිමි වන ආකාරයට මෙම Anytime Data සැලසුම් නිර්මාණය කර ඇත. මීට අමතරව SLT-MOBITEL සතු දීපව්‍යාප්ත අධිවේගී 4G ජාලය නිසා HD වීඩියෝ, ගීත සහ වෙනත් විනෝදාත්මක අංග ඇතුළු තවත් බොහෝ දේ රිසි පරිදි රස විඳීමට පාරිභෝගිකයන්ට අවස්ථාව හිමි වේ.

මෙම සැලසුම්වල විශේෂත්වය වන්නේ, පාරිභෝගිකයන්ට තම ඩේටා සම්බන්ධයෙන් වැඩි පාලනයක් හිමි වීම ය. තම පාරිභෝගිකයන්ට ඉහළම වටිනාකම් එකතුවක් සමගින් විශිෂ්ටතම අත්දැකීමක් තිළිණ කිරීමට SLT-MOBITEL දරන උත්සාහයේ තවත් පියවරක් වශයෙන් මෙම සැලසුම් එකතුව හඳුන්වා දී ඇත. විශේෂයෙන්ම Data Rollover පහසුකම නිසා පාරිභෝගිකයන්ට තමන් භාවිතා කරන සැලසුමේ කාලසීමාව අවසන් වුවද භාවිතා නොකළ ඩේටා අපතේ යාමේ ගැටලුවට මුහුණ දීමට සිදු නොවේ.

මෙම Anytime Data පැකේජ දින 7 සිට දින 30 දක්වා කාලසීමාවන් සඳහා ලබාගත හැක. දින 7 ක පැකේජයක් සඳහා පාරිභෝගිකයන්ට 512MB ඩේටා හිමි වන අතර, එහි මිල රු. 58 ක් පමණි. දින 30 ක පැකේජයක් සඳහා 18.5GB හිමි වන අතර එහි මිල රු. 1,199 කි. නිතර ඩේටා අවශ්‍ය වන පාරිභෝගියන්ට මෙන්ම තම අවශ්‍යතාව පරිදි වරින් වර ඩේටා භාවිතා කරන පාරිභෝගිකයන්ටද තම රුචිකත්වය අනුව මෙන්ම තමන් වැය කිරීමට බලාපොරොත්තු වන මුදල අනුව තමන්ට ගැළපෙන පැකේජය තෝරාගත හැක. මෙම සියලුම පැකේජ සඳහා Data Rollover පහසුකම හිමි වීම පාරිභෝගිකයන්ට ඉමහත් සහනයක් වනු නො-අනුමාන ය.

අදාළ පැකේජයේ මිල රීලෝඩ් කිරීම හෝ #170# ඩයල් කිරීම මගින් පාරිභෝගිකයන්ට නව ඩේටා පැකේජ සක්‍රීය කරගත හැකි වේ. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු https://www.sltmobitel.lk වෙතින් හෝ Selfcare App හරහා ලබාගත හැක.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments