Wednesday, June 7, 2023
spot_imgspot_img
spot_imgspot_img
Homeව්‍යාපාරිකආර්ථික අර්බුදය විසඳිය හැක්කේ ආරක්ෂිත පරිසරයක් තුළ ලබා දෙන ආර්ථික විසඳුමකින් පමණයි

ආර්ථික අර්බුදය විසඳිය හැක්කේ ආරක්ෂිත පරිසරයක් තුළ ලබා දෙන ආර්ථික විසඳුමකින් පමණයි

වළක්වා ගත හැකිව තිබූ සහ රටක් ලෙස අපට පාලනය කළ නොහැකි සාධක හේතුවෙන් අප මුහුණ දෙමින් සිටින ආර්ථික අර්බුදය මේ වන විට ජීවිත හා දේපළ විනාශයකට ඇද දමමින් පවතින දේශපාලන හා සමාජීය අර්බුදයක් බවට පරිවර්තනය වෙමින් තිබේ. මේ දඩි අවිනිශ්චිත සහ ආනාරක්ෂිත තත්වය මෙරට දළ දේශීය නිෂ්පාදනයෙහි ගාමක බලවේගය වන පුද්ගලික අංශය ද දැඩි අසීරුතා රැසකට පත් කර ඇති නමුත් එම තත්වයන් මධ්‍යයේ වූවද මෙරට ආර්ථික ප්‍රවාහයේ යාන්ත්‍රණය සක්‍රීයව පවත්වාගෙන යෑම සඳහා පුද්ගලික අංශය බලවත් උත්සාහයක නිරත ව සිටී. වර්තමානයෙහි රට මුහුණ දී සිටින ඛේදජනක, අවිනිශ්චිත හා අනාරක්ෂිත තත්වයෙන් රට මුදවා ගැනීමට නම් සියලු දෙනාගේ ආරක්ෂාව තහවුරු කෙරෙන පරිසරයක් නිර්මාණය කොට අප අභිමුව තිබෙන ආර්ථික ප්‍රශ්න සඳහා ආර්ථිකමය විසඳුම් ලබා දීම කඩිනමින් සිදු කළ යුතු බව නිෂ්පාදන, සේවා, අපනයන, සහ සැපයුම් දාම යන අංශයන් නියෝජන කරන පුද්ගලික අංශයේ ආයතනයන්හි නියෝජිතයින් ලෙස අපි රජයෙන් සහ සමස්ත ශ්‍රී ලාංකිකයින් වෙත අවධාරණය කරමු.

මේ පිළිඳව ශ්‍රී ලංකා මහබැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාද පසුගියදා පැවතී පුවත් පත් සාකච්ඡාවේදී වඩාත් අවධාරණාර්ථයෙන් පවසන ලදි. ඔහු වැඩිදුරටත් සඳහන් කළේ කඩිනමින් ලබා දෙන දේශපාලන විසඳුමකින් තොරව ආර්ථික අර්බුදය සඳහා ස්ථිර සාර විසඳුමක් ලබා දිය නොහැකි බවයි. එමෙන්ම රටේ දේශපාලන ස්ථාවරත්වය ආර්ථික ස්ථාරත්වය කරා රට රැගෙන යෑමට ශක්තිමත් අඩිතාලමක් සපයන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කරන ලදි.

හිටපු මුදල් අමාත්‍යවරයා විසින් පසුගියදා පාර්ලිමේන්තුවේදී අණාවරණය කළ පරිද්දෙන් මේ වන විට රටේ පවතින ද්‍රවශීල විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 50කට අඩු බවත් පසුගිය මාස කිහිපයේදී පමණක් ශ්‍රී ලංකාවේ ආහාර උද්ධමනය 40% ඉක්මවා තිබේ. අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය, අත්‍යවශ්‍ය බෙහෙත්, සහ ඉන්ධන හිඟය උග්‍ර වී ඇති අතර ශුද්ධ විදේශ සංක්‍රාම සහ සංචාරක කර්මාන්තයෙන් උපයනු ලබන විදේශ විනිමය කොටස පසුගිය වසර 3තුළ ක්‍රමිකව අවම වී ඇත. ශ්‍රී ලංකාව දැඩිව ආනයන මත රඳා පවතින රටක් බැවින් රටට අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය කිරීම සඳහා අපගේ විදේශ ඉපැයීම වලින් සැලකිය යුතු ප්‍රතිශතයක් වාර්ෂික අවශ්‍ය වේ. මීට අමතරව ඒක පාර්ශවීය හා බහුපාර්ෂවීය වශයෙන් ශ්‍රී ලංකාව ගෙන ඇති ඩොලර් ණය ප්‍රමාණය 2022 වර්ෂය වන විට ඇමරිකානු ඩොලර් බිලියන 7.1 ඉක්මවති.

ණය ගෙවීමට ඇති නොහැකියාව සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි සහාය ලබා ගැනීමට අවසානයේදී හෝ තින්දු කළ ද රටක් ලෙස අපගේ මූලික අවශ්‍යතා ඉටු කර ගැනීම සඳහා අවශ්‍ය ආනයනයන් සිදු කිරීමට විදේශ විනිමය ඉපැයිම අනිවාර්යයෙන්ම සිදු කළ යුතු අතර මේ ආර්ථික අර්බුදය හමුවේ යම් හෝ සහනයක් සලසා ගත හැකි වන්නේ දැනට පවතින ආනාරක්ෂිත භාවය තුරන් කරමින් ආරක්ෂිත පරිසරයක් තුළ සේවය කිරීමට හැකියාව ලබා දී අඛණ්ඩව ආර්ථික යාන්ත්‍රණය පවත්වාගෙන යාමෙන්ම පමණක් බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා ද අවධාරණය කළ බව අපි සිහිපත් කරන්නෙමු.

එබැවින් අපි මුහුණ දී සිටින අවිනිශ්චිත හා අනාරක්ෂිත ආර්ථික හා දේශපාලන අර්බුදය හමුවේ ඇති ප්‍රශස්තම විසඳුම රටේ ආර්ථික යාන්ත්‍රණය පෙරට වඩා වේගවත්ව සහ අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම පමණක්ම බවත් ඒ සඳහා පාලකයින්ගේ සහ සමස්ත වැඩකරන ජනතාවගේ කැපවීම 100%ක්ම රට විසින් අපේක්ෂා කරන බව අපි තරයේ කියා සිටිමු.

ලංකා රබර් භාණ්‌ඩ නිෂ්පාදකයන් සහ අපනයනකරුවන්ගේ සංගමය ,කොළඹ රබර් වෙළඳුන්ගේ සංගමය,ශ්‍රී ලංකා කාර්ය උපාය, ගුවන් සහ නැව් භාණ්ඩ ප්‍රවාහකයන්ගේ සංගමය,ශ්‍රී ලංකා රේගු නිෂ්කාශන නියෝජිත සංගමය,බහාලු ප්‍රවාහකයන්ගේ සංගමය,ශ්‍රී ලංකා මෘදුකාංග හා සේවා සමාගම් සංගමය,ශ්‍රී ලංකා අපනයනකරුවන්ගේ සංගමය,ශ්‍රී ලංකා ආනයන/අපනයන නැව්ගත කරන්නන්ගේ සභාව

                                                                                                                

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments