asd
Wednesday, October 16, 2024
spot_imgspot_imgspot_img
HomeBiz Newsශ්‍රී ලංකාවේ ප්‍රථම වරට Modern Home Apartment City එකක අත්දැකීම ලබාදෙන,YOLO Apartment...

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට Modern Home Apartment City එකක අත්දැකීම ලබාදෙන,YOLO Apartment City හි ඉදිකිරීම් ඇරඹේ!..

ශ්‍රී ලංකාවේ දේපළ වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්ත සමාගමක් වන ප්‍රයිම් සමූහ ව්‍යාපාරය, ලංකාවේ ප්‍රථම  Modern Home Apartment City වන සැමදෙනෙක්ම අපේක්ෂාවෙන් බලා හිඳිනා කිරිබත්ගොඩ අතිදැවැන්ත YOLO Apartment City ව්‍යාපෘතිය සඳහා මුල් ගල තැබීම උත්සවාකාරයෙන් සිදු කරන ලදී.

Apartment City ඉහළ ප්‍රමිතියක ජීවන රටාවකින් යුතු සුවිශේෂී ප්‍රජාවක් නිර්මාණය කිරීම ඉලක්ක කොට ගනිමින්, අද්විතීය ජීවන අත්දැකීමක් ලබාදීම සඳහා ඉදි වන මෙම YOLO Apartment City හි මුල් ගල තැබීමේ උත්සවය හරහා එහි ඉදිකිරීම් නිල වශයෙන් ආරම්භ විණි. ඉහළම ප්‍රමිතියක ගුණාත්මක භාවය සහ තිරසර බව සහතික කරමින්, YOLO Apartment City සම්පූර්ණ ඉදිකිරීම් ක්‍රියාවලිය සිදු වනු ඇත.

මෙම මුල් ගල තැබීමේ උත්සව අවස්ථාවට, ප්‍රයිම් සමූහයේ සභාපතිවරයා, සම-සභාපතිනිය, වෙනත් සම්භාවනීය අමුත්තන් සහ YOLO Apartment City හි අනාගත නිවෙස් හිමියන් සහභාගී විණි.

ප්‍රයිම් ලෑන්ඩ්ස් (පුද්) සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී රුමින්ද රන්දෙණිය මහතා, මෙම ව්‍යාපෘතිය පිළිබඳ තම සතුට සහ උද්‍යෝගය මෙසේ පළ කරන ලදී.

“YOLO ව්‍යාපෘතිය සඳහා මුල් ගල තැබීම යනු සරලවම ඉදිකිරීම් ඇරඹීමක් පමණක් නොවේ; අප මේ දියත් කර සිටින්නේ අනාගතයේ ශ්‍රී ලංකාවේ නවීන නාගරික ජීවිතයක් සඳහා වන නව දැක්මකි. අප ඇප කැප වී සිටින්නේ අප පොරොන්දු වූ දේ පමණක් නොව, ඉන් ඔබ්බට දේත් පාරිභෝගිකයින්ට ලබා දීම සඳහායි. වටිනාකමින් 1% ක් පමණක් ගෙවා ඇරඹිය හැකි අප හඳුන්වා දී ඇති සුවිශේෂී ගෙවීම් සැලසුම, මුල් වරට නිවසක් හිමි කරගන්නා පාරිභෝගිකයින්ටත්, ආයෝජකයින්ටත්, දේපළක් හිමි කර ගැනීම සඳහා මින් පෙර නොවූ විරූ ආකාරයේ ප්‍රවේශයක් ලැබෙන බැව් සහතික කර සිටී. මෙම නව්‍ය ප්‍රවේශය ක්‍රියාත්මක කිරීමට අපට හැකියාව ලැබී ඇත්තේ, ප්‍රයිම් සමූහයේ ශක්තිමත් මුල්‍ය ස්ථාවරත්වය  නිසාමයි.”

කිරිබත්ගොඩ නගරයේ අක්කර 13 ක් පුරා විහිදී ගිය, සුවිශිෂ්ට අන්දමින් නිමවූ නිවාස ඒකක 476 කින් සමන්විත YOLO Apartment City ව්‍යාපෘතිය තුළ, ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට දක්නට ලැබෙනා බොහෝ අංගෝපාංගයන් ඇතුළත්ව තිබේ. මින් පෙර නිවාස ව්‍යාපෘතියක් තුළ නොදුටු විරූ ආකාරයේ Infinity Pool , ප්‍රථම වරට නිවාස ඒකක ව්‍යාපෘතියටම ඇතුළත් කොට නිමවෙන උසස් තත්ත්වයේ බෝලින් පථයක් (Bowling Alley), අති නවීන එළිමහන් සිනමා පීඨයක අත්දැකීමක්, ඔබට රැකියා කටයුතු වලද යෙදෙන්නට පහසුකම් සහ අවකාශය ලබා දෙන Coffee Shop , සුවපහසුව දනවන ගිනි උදුන් අවකාශයකින් සමන්විත Sky Lounge , උද්‍යානයන් සහ එළිමහන් අංගනයන්, Karaoke Bar, Gym හා Cross fit Center, Single Bounce Peddle Court , Coin Operated Laundry , මෙන්ම හුරුබුහුටි  සුපිරි වෙළඳසැලක් ද, YOLO Apartment City මඟින් ඔබට ලබා දෙන සුවිශේෂී පහසුකම් අතරට අයත් වේ.

මෙම දැවැන්ත ව්‍යාපෘතියේ කොටස්කරුවන් වීම සඳහා, නිවසක් හිමිකර ගැනීමට කැමැත්ත දක්වන්නවුන්ටත්, ආයෝජකයින්ටත්, YOLO හි ඇති විකුණුම් ප්‍රදර්ශන පරිශ්‍රයට (Sales Gallery) පැමිණ, තමන්ගේ නිවහන වෙන් කර ගන්නා ලෙසට, ප්‍රයිම් සමූහය ආරාධනා කර සිටී.

අදම YOLO ව්‍යාපෘතියෙන් ඔබගේ නිවහන වෙන්කරවා ගන්න. ඒ සඳහා, 070 5000 111 අංකය ඔස්සේ ප්‍රයිම් සමූහය අමතන්න, නැතිනම් www.primelands.lk වෙබ් අඩවිය වෙත පිවිසෙන්න.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments