asd
Wednesday, October 16, 2024
spot_imgspot_imgspot_img
HomeBiz NewsBollywood Boutique දස වස් සැමරුමට සමගාමීව සුවිසල් නව ප්‍රදර්ශනාගාරයක් විවෘත කෙරේ ..

Bollywood Boutique දස වස් සැමරුමට සමගාමීව සුවිසල් නව ප්‍රදර්ශනාගාරයක් විවෘත කෙරේ ..

සාම්ප්‍රදායික සාරි, සල්වාර්, කුර්ති සහ ලෙහෙන්ගා වැනි ඇඟලුම් සම්බන්ධයෙන් සුවිශාල ජනප්‍රියත්වයක් දිනා සිටින Bollywood Boutique හි නවතම ප්‍රදර්ශනාගාරය පසුගියදා අංක 17, හැම්ඩන් පටුමග, කොළඹ 06 යන ස්ථානයෙහි විවෘත කරන ලදි. වර්ග අඩි 7,000 ක සුවිශාල ප්‍රදර්ශනාගාරයක් වන මෙය විවෘත කරන ලද්දේ Bollywood Boutique හි 10 වැනි සංවත්සරයට සමගාමීව ය. එමෙන්ම ඉදිරියේදී ඇඟලුම් හා විලාසිතා සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන කොයිකාටත් සුවිශේෂී අත්දැකීම් පෙළක් තිළිණ කිරීම සඳහා සුවිශේෂී වැඩසටහන් රැසක් ක්‍රියාවට නැංවීමටද Bollywood Boutique මේ වනවිට සැලසුම් කර තිබේ.

2014 වර්ෂයේදී ආරම්භ වූ Bollywood Boutique මේ වනවිට විශිෂ්ටතම තත්ත්වයේ ඉන්දියානු හා පාකිස්තාන ඇඟලුම් හා විලාසිතා සොයන කාගේත් මුවග රැව්දෙන නාමයක් බවට පත් වී ඇත. දෙරටේ විශිෂ්ටතම විලාසිතා නිර්මාණ ශිල්පීන්ගේ අලංකාර නිමැවුම් පහසුවෙන් මිලදී ගැනීමට Bollywood Boutique මෙරට පාරිභෝගිකයන්ට අවස්ථාව සලසා දෙයි. වැඩි ඉඩපහසුවක් සහිත නව ප්‍රදර්ශනාගාරය පාරිභෝගිකයන්ට වඩාත් විශිෂ්ට අත්දැකීමක් ගෙනෙනු ඇති අතර, එහිදී Bollywood Boutique සතු සුවිශාල ඇඟලුම් හා විලාසිතා නිර්මාණ එකතූන් රිසි සේ පරීක්ෂා කර බලා තමන්ට අවශ්‍ය දේ මිලදී ගැනීමට ඔවුන්ට හැකි වනු ඇත.

නව ප්‍රදර්ශනාගාරය විවෘත කරන අවස්ථාවේදී ප්‍රථම වරටම Bollywood Boutique හි සන්නාමයක් එළිදැක්වීමද සිදු විය. විලාසිතා කලාවේ සාම්ප්‍රදායික ලක්ෂණ සමග නූතනත්වය එක්තැන් කරන එය නම්කර ඇත්තේ ‘nuura’ නමිනි.  මෙය දැනටමත් පාරිභෝගිකයන් අතරම බෙහෙවින් කතාබහට ලක්වන මාතෘකාවක් බවට පත් වී තිබේ.

“මෙවැනි සුවිශේෂී අවස්ථාවකට සමගාමීව අපගේ නව ප්‍රදර්ශනාගාරය විවෘත කිරීමට හැකි වීම අපට මහත් සතුටක්. පසුගිය දශකයක කාලය තුළ විශිෂ්ටතම මට්ටමේ ඉන්දියානු හා පාකිස්තාන ඇඟලුම් මිලදී ගැනීමට මෙරට පාරිභෝගිකයන්ට අවස්ථාව සලසා දීම සඳහා අප දැරූ උත්සාහයේ සාර්ථකත්වය මෙමගින් මැනැවින් පිළිබිඹු වනවා. අපගේ නව මංගල සාරි සහ ලෙහෙන්ගා එකතුව ඇතුළුව නවතම ඇඟලුම් හා විලාසිතා රැසක් හඳුන්වා දීමට හැකි වීම පිළිබඳවද අප බෙහෙවින් සතුටු වන අතර, ඒවා සම්බන්ධයෙන් අපගේ පාරිභෝගිකයන්ගේ ප්‍රතිචාර දැනගැනීමට අප සිටින්නේ නො-ඉවසිල්ලෙන්.” Bollywood Boutique කළමනාකාර අධ්‍යක්ෂ ෆරූක් අෂ්රෆ් මහතා පැවසී ය.

නව ප්‍රදර්ශනාගාරය විවෘත කිරීමේ උත්සවය උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණු අතර, එහිදී බොහෝ දෙනෙකු බලාපොරොත්තුවෙන් සිටි Bollywood Boutique හි මංගල ඇඟලුම් එකතුව ඇතුළුව නවතම ඇඟලුම් හා විලාසිතා එකතූන් කිහිපයක්ද එළිදැක්විණි. නව ශාඛාව සාම්ප්‍රදායික හා නවීනත්වය මුසු වන පරිදි සැලසුම් කර ඇති අතර, එය පාරිභෝගිකයන්ට වඩාත් ප්‍රසන්න අත්දැකීමක් තිළිණ කරනු නිසැක ය. එමෙන්ම එය ජීවිතයේ විශේෂ අවස්ථා සඳහා සුවිශේෂී ඇඟලුම් සොයන කවුරුත් යා යුතුම තැනක් ලෙස හැඳින්විය හැකි වේ.

නව ප්‍රදර්ශනාගාරය විවෘත කිරීම, නව සන්නාමය හඳුන්වා දීම සහ නවතම ඇඟලුම් හා විලාසිතා පෙළක් එළිදැක්වීම ඔස්සේ මෙරට ඉන්දියානු හා පාකිස්තාන සාම්ප්‍රදායික ඇඟලුම් කලාවේ ප්‍රමුඛයා ලෙස තමන් දිනා සිටින කීර්තිනාමය තවදුරටත් තහවුරු කරගැනීමට Bollywood Boutique සමත් වනු නිසැක ය.

වැඩිදුර තොරතුරු සඳහා අංක අංක 17, හැම්ඩන් පටුමග, කොළඹ 06 යන ස්ථානයෙහි පිහිටි Bollywood Boutique නව ප්‍රදර්ශනාගාරය වෙත පැමිණෙන්න. නැතිනම් Bollywood Boutique හි සමාජ මාධ්‍ය පිටු වෙත පිවිසෙන්න.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments