asd
Friday, October 18, 2024
spot_imgspot_imgspot_img
HomeBiz Newsක්ලෝගාර්ඩ් “Saving Little Smiles” වැඩසටහන සමඟින් ලෝක ළමා දිනය සමරයි. ..

ක්ලෝගාර්ඩ් “Saving Little Smiles” වැඩසටහන සමඟින් ලෝක ළමා දිනය සමරයි. ..

මුඛ සෞඛ්‍ය සත්කාරයේ ප්‍රමුඛතම සන්නාමයක් වන ක්ලෝගාඩ්, පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ දන්ත වෛද්‍ය විද්‍යා පීඨය සමඟ එක්ව ලෝක ළමා දිනය සමරයි.  ‘Saving Little Smiles’ තේමාව යටතේ පෙර පාසල් ගුරුවරුන් හා මුල් ළමාවිය සංවර්ධන නිළධාරින් සඳහා සුවිශේෂී වැඩසටහනක් මෙහිදී පවත්වන ලදී.

දරුවන්ගේ දන්ත සෞඛ්‍ය හා සම්බන්ධ ගැටලු පිළිබඳව පෙර පාසල් ගුරුවරුන් හා මුල් ළමාවිය සංවර්ධන නිළධාරින්ගේ දැනුවත්භාවය ඉහළ නැංවීම මෙම වැඩසටහනෙහි අරමුණ විය. පෙර පාසල් ගුරුවරුන් හා නිළධාරීන් 300කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් යුත් මෙම වැඩසටහනේ දී,  කුඩා අවදියේ පටන් දරුවන්ගේ නිවැරදි දන්ත සෞඛ්‍යයක් පවත්වා ගැනීම හා රැක ගැනීම සඳහා  දැනුවත්භාවය ඇති කිරීම සඳහා පේරාදෙණිය දන්ත වෛද්‍ය විද්‍යා පීඨය විසින් වැදගත් කාර්යභාරයක් ඉටු කරන ලදී.

මුල් ළමාවිය සංවර්ධන අවධියේදී ම දත් කුහර ඇතුළු දන්ත ගැටලු හඳුනා ගෙන ඒවාට ප්‍රතිකර්ම සිදු කිරීම සඳහා සහය වීමට පේරාදෙණිය දන්ත වෛද්‍ය විද්‍යා පීඨය විසින් බෙදා හරින ලද කරුණු වැදගත් විය.  මධ්‍යම පළාත් මුල් ළමාවිය සංවර්ධන අධිකාරියේ  අධ්‍යක්ෂ, T.K. ගුණතිලක මහතා සඳහන් කළේ, සෑම වසරකම ඌව පළාතෙන් ආසන්න වශයෙන් ළමුන් 36,000ක් පෙරපාසල්  අධ්‍යාපනය ආරම්භ කළත්, ළමා සංවර්ධන උපදේශකයන් ඇත්තේ 4,700ක ප්‍රමාණයක් පමණ බවයි. මෙලෙස දත් කුහර ඇතුළු, මුඛ හා දන්ත සෞඛ්‍ය පිළිබඳව දැනුවත්භාවය ඉහළ නංවමින්, ඒවා වළක්වා ගන්නේ කෙසේද යන්න සම්බන්ධව දැනුම බෙදා හැරිම අනාගත පරපුරේ සිනහව ආරක්ෂා කර ගැනීමට මහත් රුකුලක් වන බවත් ඔහු සඳහන් කළේය.

මහාචාර්ය චන්ද්‍රා හේරත් විසින් ආරම්භ සනිටුහන් කළ මෙම වැඩසටහනේ දී, වයස අවුරුදු 05ට අඩු දරුවන් අතර  ඉහළ යමින් පවතින  මුල් ළමාවියේ දී දත් දිරා යෑමේ (Early Childhood Caries – ECC) පොදු ගැටලුව පිළිබඳව විස්තරාත්මකව අදහස් දක්වන ලදී.  අධික ලෙස සීනි පාරිභෝජනය හේතුවෙන් බැක්ටීරියා වර්ධනය වීම නිසා ඇති වන දත් කුහර, මෙම දත් දිරා යාම සඳහා බලපාන බවට ඇය සඳහන් කළාය. පෙර පාසල් ගුරුවරුන් මේ පිළිබඳව දැනුවත් කිරීම ඔස්සේ,  මෙම දත් කුහර සම්බන්ධව කල්තියා හඳුනා ගනිමින් හා ඒ සඳහා ප්‍රතිකාර කිරීම තුළින්  මුල් ළමාවියේ දී දත් දිරා යෑමේ ගැටලුව ඵලදායී ලෙස වළක්වා ගැනීමට හැකි බවට  සඳහන් කළාය.

30 වසරකට වැඩි විශ්වාසනීය සන්නාමයක් ලෙස ක්ලෝගාඩ්, සිය පුළුල් නිෂ්පාදන පෙළ සමඟින් යහපත් මුඛ සෞඛ්‍යයක් හා දත් කුහරවලින් තොර ශ්‍රී ලංකාවක් ගොඩ නැගීමේ පොරොන්දුව අඛණ්ඩව ඉටු කරයි. එසේම දත් කුහරවලට එරෙහි ආරක්ෂාව හා අහිතකර බැක්ටීරියා විනාශ කිරීම සඳහා ෆ්ලෝරයිඩ් අඩංගු දන්තාලේපයක් භාවිතා කිරීම වැදගත් බව ක්ලෝගාඩ් අවධාරණය කරයි. මුඛ සෞඛ්‍ය ගැටලුවල දීර්ඝ කාලීන බලපෑම් දරුවන්ගේ අනාගතයට මෙන් ම දරුවන්ගේ ආත්ම විශ්වාසය හා මානසික සෞඛ්‍ය කෙරෙහි ද බලපෑම් කළ හැකිය.

පෙර පාසල් ගුරුවරුන් හා මුල් ළමාවිය සංවර්ධන නිළධාරීන් දන්ත ගැටලු වළක්වා ගැනීම සඳහා අවශ්‍ය දැනුම සමඟ බලගන්වමින් “Saving Little Smiles” වැඩසටහන සාර්ථකව පැවැත්විණි.  දත් කුහර හා අනෙකුත් මුඛ සෞඛ්‍ය ගැටලු පිළිබඳව දැනුවත් කිරීම් සිදු කරන මෙවන් වැඩසටහන් හරහා බෙදා ගන්නා දැනුම අනාගත දරු පරම්පරාවේ සිනහව රැක ගැනීම සඳහා මහඟු මෙහෙවරක් සිදු කරයි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments