Monday, October 2, 2023
spot_imgspot_img
spot_imgspot_img
Homeව්‍යාපාරිකයුනිලිවර් ශ්‍රී ලංකා සමාගමේ හොරණ කර්මාන්තශාලාව කීර්තිමත් ISO 14001:2015  පාරිසරික කළමනාකරණ පද්ධති...

යුනිලිවර් ශ්‍රී ලංකා සමාගමේ හොරණ කර්මාන්තශාලාව කීර්තිමත් ISO 14001:2015  පාරිසරික කළමනාකරණ පද්ධති සහතිකයෙන් පිදුම් ලබයි

තිරසාරත්වය වෙනුවෙන් ඇපකැප වී සිටින සමාගමක් ලෙස සිය පාරිසරික වගකීම ඉටුකිරීමෙහි ලා ඉදිරි පියවරක් සනිටුහන් කරයි

යුනිලිවර් ශ්‍රී ලංකා සමාගමට අයත් හොරණ නිෂ්පාදන කර්මාන්තශාලාව ISO 14001:2015 සහතිකය හිමි කරගනිමින් ගෞරවයට පාත්‍ර වූ බව පසුගියදා නිවේදනය කරන ලදී. ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් හොරණ කර්මාන්තශාලාව වෙත එම සහතිකය පිරිනමනු ලැබීය. මෙම සහතිකය පුළුල් පාරිසරික කළමනාකරණ පද්ධතියක් හරහා සිය මෙහෙයුම්වලින් පරිසරයට සිදුවන බලපෑම හඳුනා ගැනීම, කළමනාකරණය කිරීම හා අවම කිරීම සඳහා වන සමාගමේ කැපවීම හඳුනාගනිමින් ඒ වෙනුවෙන් හිමිකර දෙනු ලබන ජාත්‍යන්තරව පිළිගත් ප්‍රමිති සහතිකයක් ලෙසද සඳහන් කළ හැකිය. 

හොරණ කර්මාන්තශාලාව වෙත හිමි වූ මෙම සුවිශේෂී සහතිකය පිළිබඳ අදහස් දක්වමින් යුනිලිවර් ශ්‍රී ලංකා සමාගමේ සැපයුම්දාම අධ්‍යක්ෂ ජෙරාඩ් ඉරුදයරාජ් මහතා සඳහන් කර සිටියේ ඉමහත් උනන්දුවක් හා කැපවීමක් තුළින් අපගේ හොරණ කර්මාන්තශාලාව මෙම සහතිකයෙන් පිදුම් ලැබීම එහි පරිසර හිතකාමී බව සහතික කිරීමක් ලෙස සඳහන් කළ හැකියි. විශේෂයෙන් තිරසාර ව්‍යාපාරික භාවිතයක් තුළින් පරිසරය ආරක්ෂා කිරීමට මෙන්ම සංරක්ෂණය කිරීමට කැපවී සිටින සමාගමක් ලෙස යුනිලිවර් ශ්‍රී ලංකා සමාගමේ හොරණ කර්මාන්තශාලාව වෙත හිමි වූ මෙම ජාත්‍යන්තර සහතිකය සමාගමේ දිගු කාලීන දැක්ම හා ඉලක්කයන් විසින් අත්කරගත් සුවිසල් ජයග්‍රහණයක් ලෙස සැලකීමට කැමතියි යනුවෙනි.

යුනිලිවර් ශ්‍රී ලංකා සමාගමේ හොරණ කර්මාන්තශාලාව ඉතා සාර්ථක පාරිසරික කළමනාකරණ ක්‍රමවේදයක් අනුගමනය කරනු ලබන්නේ එහි සියලු මෙහෙයුම්වල සැලකිය යුතු වෙනසක් සිදු කරමිනි. හරිතාගාර වායු විමෝචනය 97%කින් අවම කිරීම, සමස්ත බලශක්ති භාවිතය 68%කින් පහත හෙලීම සහ මුළු අපද්‍රව්‍ය උත්පාදනය 68%කින් අවම කිරීම වැනි පරිසර හිතකාමී භාවිතයන් (2012 – 2021) හොරණ කර්මාන්තශාලාව මඟින් අත්කරගත් ප්‍රමුඛ ජයග්‍රහණයන් ලෙස වැදගත් වේ.

එසේම හොරණ කර්මාන්තශාලාව තුළ ජල භාවිතය අවම කිරීම වෙනුවෙන් සැලසුම් ක්‍රියාවට නංවා ඇති අතර එහි ප්‍රතිඵලයක් ලෙස වාර්ෂික ජල පරිභෝජනය 78%කින් අඩු කිරීමට (2012 – 2021) ඔවුන්ට හැකි වී තිබේ. විවිධ සාර්ථක ජල පරිභෝජන ව්‍යාපෘති මෙන්ම වැසි ජලය රැස් කිරීමේ ක්‍රමවේදයක් හරහා මෙම ප්‍රයත්නයන් සාක්ෂාත් කර ගැනීමට ඔවුන් සමත්ව ඇත. මෙමඟින් කර්මාන්තශාලාවේ මෙහෙයුම් සඳහා වසරකට ටොන් 25,000 ක පමණ වැසි ජලය ප්‍රමාණයක් එක් රැස් කරගැනීමට ඔවුනට හැකියාව ලැබී ඇත-

ISO 14001:2015 ප්‍රමිතිය යනු ආයතනයකට තම පාරිසරික කාර්ය සාධනය ඉහළ නැංවීමට, ඊට අදාළ වගකීම් ඉටු කිරීමට මෙන්ම පාරිසරික අරමුණු සාක්ෂාත් කරගැනීමට භාවිත කළ හැකි පාරිසරික කළමනාකරණ පද්ධතියක් සඳහා වන අවශ්‍යතාවන් සම්බන්ධයෙන් නියම කරනු ලබන ජාත්‍යන්තර ප්‍රමිතියකි. තිරසාරත්ව පාරිසරික සාධකයක් වෙනුවෙන් ක්‍රමානුකූලව සිය පාරිසරික වගකීම් කළමනාකරණය කිරීම සඳහා සමාගමකට ඇති හැකියාව මෙම සහතිකය මඟින් තහවුරු කරනු ලබයි.

 

 

 

 

 

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments